ආචාර්ය රෝලන්ඩ් සිල්වා පුරාවිඳු මෙහෙවර

357

ජනවාරි 01 දිනට යෙදී තිබුණු ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ 02 වන ගුණානුස්මරණය නිමිත්තෙනි.

පුරාවිද්‍යාව හා උරුම සංරක්ෂණය මෙන්ම වාස්තුවිද්‍යාව සම්බන්ධයෙන් මෙරට සිටි ප‍්‍රමුඛ පෙළේ විද්වතෙකු වශයෙන් ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා හැ`දින්විය හැක. ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට අමිල මෙහෙවරක් සිදු කළ එතුමා පිළිබඳව සිදු කරන මතකාවර්ජනයයි මේ.

වර්ෂ 1933ක් වූ ජුනි මස 5 වැනිදා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගිරිඋල්ල ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ ව්‍යවසායක පවුලක උපත ලැබූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පවුලේ පස්වැනියා විය. එසේම වැඩිමහල් සොහොයුරකු සහ සොහොයුරියන් සය දෙනකුගෙන් ද සිල්වා පවුල සමන්විත විය. එතුමා සිය ප‍්‍රාථමික අධ්‍යාපනය සඳහා පිවිසෙන්නේ දිවයිනේ ජනප‍්‍රිය කතෝලික පාසලක් වන මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට වේ. කුඩා වයසැති රෝලන්ඩ් සිල්වා සිය පාසල් අවධිය ගත කළේ විද්‍යාලයීය නේවාසිකාගාරය තුළ වේ. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඩාලි මාවතේ පැවති ප‍්‍රධාන ගොඩනැඟිල්ල හමුදා කටයුතු වෙනුවෙන් 1942 දී ලබාගැනීමත් සමග තාවකාලිකව ගම්පහ හා හෝමාගම පැවැත්වූ පාසල් ශාඛාවන්ට යෑමට රෝලන්ඩ් සිල්වාට සිදු විය. කුඩා අවධියේ පටන් අධ්‍යාපනයේ දක්ෂතා දැක්වූ රෝලන්ඩ් සිල්වා 1946 වසරේ දී තුන වසරේ සිට පහ වසරට උසස් කරන ලදි.

අධ්‍යාපනයට සේම ක‍්‍රීඩාවට ද එක ලෙස දක්ෂයකු වූ රෝලන්ඩ් සිල්වා පාසල් අවධියෙහි උස පැනීම හා වොලිබෝල් ක‍්‍රීඩාවෙන් පාසල නියෝජනය කර ඇත. ඒ නිසා එතුමා පාසලේ මලල ක‍්‍රීඩා කණ්ඩායමේ මෙන්ම වොලිබෝල් කණ්ඩායමේ ද නායකයා වශයෙන් පත් විය. රෝලන්ඩ් සිල්වාගේ පාසල් වියේ අධ්‍යාපනය සහ අනෙක් ක්ෂෙත‍්‍රයන් සඳහා දක්වනු ලැබූ දක්ෂතාව හේතුවෙන් එවකට ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති වූ පීටර් පිල්ලේ (Peter Pillai) පියතුමා 1951 වසරේ දී එතුමා පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් පත් කරන ලදි. සිය උසස් පෙළ විෂයන් වශයෙන් ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව හැදෑරූ රෝලන්ඩ් සිල්වා එම විෂයන්ගෙන් ඉහළ සාමාර්ථයන් ලබාගැනීමට සමත් විය. ඒ අනුව විශ්වවිද්‍යාලයට සමත් වූ ඔහුට වාස්තුවිද්‍යාව හැදෑරීමට අවශ්‍ය විය. නමුත් ඒ වන විට ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වාස්තුවිද්‍යා විෂය නොමැති වූ හෙයින් විදුහල්පති පියතුමාගේ අනුග‍්‍රහය මත 1954 දී ලන්ඩන් වාස්තුවිද්‍යා ආයතනයට (Architecture Association) ඇතුළත් වීමට අවකාශ ලැබිණ.

විශේෂයෙන්ම ඔහු යුනෙස්කෝ ශිෂ්‍යත්වයක් මත රෝම විශ්වවිද්‍යාලයට ගොස් ස්මාරක සහ ස්ථාන සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළ අතර එම සාමාජිකත්වය තුළින්ම මහාචාර්ය ලොහුයිසන් යටතේ ආචාර්ය උපාධිය සඳහා ඇම්ස්ටර්ඩෑම් වෙත යන ලදී. මහාචාර්යවරයා අභාවප‍්‍රාප්ත වීමත් සමඟ ඔහු Lieden විශ්වවිද්‍යාලයට ගොස් මහාචාර්ය JG de Casparis යටතේ සිය ආචාර්ය උපාධිය අවසන් කළේ ර්‍ණආගමික ගෘහනිර්මාණ ශිල්පය මුල් සහ මධ්‍යකාලීන ශ‍්‍රී ලංකාව” යන මැයෙන් නිබන්ධනයක් ප‍්‍රකාශයට පත් කරමිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔහු කළ සේවයට අමතරව, ඒ සඳහා වාස්තු විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් ලබා දෙන ලෙස ප‍්‍රායෝගික තාක්ෂණ ආයතනයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලෙස ඔහුගේ ප‍්‍රවර්ධකයා වන පොදු වැඩ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්ය ජස්ටින් සමරසේකර නම්මවා ගැනීමට ඔහුට හැකි විය. ආචාර්ය රෝලන්ඩ් සිල්වා (1960 දී නැවත පැමිණි වඩාත් මෑතකාලීන වෘත්තිකයකු වීම) 1961 දී ආරම්භ කරන ලද පාඨමාලාව සඳහා විෂය මාලාවක් සකස් කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහු විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුවේ බාහිර කථිකාචාර්යවරයකු සහ උපදේශකයකු ලෙස ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ඔහුගේ වැඩිදුර දායකත්වය සමඟ, ඔහු 2000 දී විද්‍යා ආචාර්ය (හොනොරිස් කෝසා) පිරිනමන ලද අතර පසුව 2008 දී විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී. ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාව සඳහා ආචාර්ය සිල්වාගේ දායකත්වය අගයමින් ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය විසින් රන් පදක්කම ආචාර්ය රෝලන්ඩ් සිල්වා වෙත පිරිනමන ලදී. සිල්වා 1997 දී ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකයකු බවට පත් කරන ලදි.

වාස්තුවිද්‍යාව හදාරණ අතර පුරාවිද්‍යාව ගැන උනන්දුවක් දැක් වූ එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු පුරාවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාවක් ද හැදෑරීමට සමත් විය. ඒ අනුව ලන්ඩන් නුවර සිටි කාලය තුළ වාස්තුවිද්‍යාව හා පුරාවිද්‍යාව යන විෂයන් දෙකෙන්ම සුදුසුකම් ලබාගැනීමට එතුමාට හැකි විය. ලන්ඩන් අධ්‍යාපනයෙන් පසුව එතුමා යුරෝපයේ හා උතුරු අප‍්‍රිකාවේ පුරාවිද්‍යා ස්මාරක නැරඹීම හා හැදෑරීම සඳහා සංචාරයක නිරත විය. එතුමාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්‍යාව පිළිබඳ සහකාර කොමසාරිස් ලෙස පත්වීමේ ලිපිය ලැබෙන්නේ මේ සංචාරය අතරතුර ඊජිප්තු තානාපති කාර්යාලය හරහා වීමත් විශේෂිත සිදුවීමක් ලෙස දැක්විය හැක. එතුමා 1960 වසරේ ශ‍්‍රී ලංකා වෘත්තීය වාස්තුවිද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකත්වය දල 1962 දී රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකත්වය ද ලබාගත්තේ ය. මෙතුමා 1968 වර්ෂයේ රෝමයේ දී ස්මාරක සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද අනතුරුව 1988 වසරේ දී නෙදර්ලන්තයේ ලෙයිඩන් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය ද ලබා ගන්නා ලදී. මෙතුමාගේ සේවා කාලයේ දී විද්‍යාත්මක පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා ප‍්‍රධාන ස්ථානයක් ලබා දුන් අතර ඒ අතරින් මාලිගාවිල බුද්ධ ප‍්‍රතිමාව සංරක්ෂණය කිරීම විශේෂ වේ. එසේම ලංකාවේ බොහොමයක් ස්ථූපයන් සංරක්ෂණයට අවශ්‍ය දැනුම මෙතුමා විසින් සපයා තිබීමද විශේෂිත වේ.

විශේෂයෙන්ම මෙතුමාගේ සේවා කාලයේ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය වෙනුවෙන් කළ වැදගත් සේවාවන් රාශියක් පවතී. ඒ අතර යුනෙස්කෝ ශ‍්‍රී ලංකා අරමුදල පිහිටුවීමත්, ලංකාවේ ප‍්‍රථමවරට ලෝක උරුම ස්ථානයන් 6 නම් කිරීමත්, එසේම සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය (පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල) ආරම්භ කිරීමත් පෙන්වා දිය හැකිය. ශ‍්‍රී ලංකා ෂඣඵධී සංවිධානය පිහිටුවා ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා එහි ආරම්භ සභාපතිවරයා වශයෙන් 1981-1990 දක්වා කටයුතු කරන ලදි. 1990 වසරේ දී ICOMOS සංවිධානයේ ප‍්‍රථම යුරෝපීය නොවන සභාපතිවරයා වශයෙන් තේරී පත්වීමට සමත් වන ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා 1999 දක්වා තෙවරක් එහි සභාපති ධුරයේ පත්කර ගන්නා ලදී. මෙතුමා සිය සේවා කාලය තුළ අප‍්‍රිකානු කලාපයේ, ලතින් ඇමෙරිකානු කලාපයේ හා ආසියානු කලාපයේ ICOMOS සංවිධානය ව්‍යාප්ත කිරීමට කැපවීමෙන් කටයුතු කළ අය අතර ද කැපී පෙනේ. ආචාර්ය රෝලන්ඩ් සිල්වා UNESCO ආයතනයේ කටයුතු කරන ලද කාල සමයේ එහි විද්‍යාත්මක සැසිවාරයන්හි මුලසුනද හොබවන ලදි. ලෝකය පුරා උරුම ස්ථානය 222ක් ලැයිස්තු ගතකරන ලද්දේ එතුමා සභාපති වශයෙන් සිටි කාලයේ දී වීම එතුමාගේ වෘත්තීය ජීවිතයේ අතිශයෙන් වැදගත් සිදුවීමක් ලෙසින් දැක්විය හැක.

ආචාර්ය රෝලන්ඩ් සිල්වා ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවට කළ මෙහෙවර එක වාක්‍යයකින් ග‍්‍රහණය කර ගන්නේ නම් මීට පෙර ප‍්‍රතිසංස්කරණය කරන ලද රුවන්වැලිසෑය සහ මහියංගනය හැර ශ‍්‍රී ලංකාවේ එක චෛත්‍යයක්වත් මේ මහා දේශපේ‍්‍රමියාගේ හස්තයෙන් තොරව සංරක්ෂණය කර හෝ ප‍්‍රතිසංස්කරණය කර නොතිබූ බව පැවසීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔහුගේ ප‍්‍රථම කාර්ය වූයේ 1969 දී නිම කරන ලද කතරගම කිරිවෙහෙර කැණීම් සහ ප‍්‍රතිසංස්කරණය අඛණ්ඩව සිදු කිරීමයි. සෝමවතී සෑය ප‍්‍රතිසංස්කරණය කිරීම 1966 දී ආරම්භ කර 1981 දී අවසන් කරන ලදී. ඔහු කන්තරෝඩයි හි කුඩා ස්ථූප 52 ක් කැණීම් කළ අතර 1960 ගණන්වල කැණීමෙන් පසු මේ සෑම එකක්ම සංරක්ෂණය කළේය. 1966 දී දැදිගම කොට වෙහෙර දල 1989 දී යුධගනාව කොට වෙහෙර ද සංරක්ෂණය නිම කරන ලදී. පොළොන්නරුවේ රන්කොත් වෙහෙර 1992 වන විට සංරක්ෂණය කරන ලදී. දීඝවාපිය සෑය 1989 වන විට අඩි තිහක් දක්වා සංරක්ෂණය කරන ලදී. 1995 දී විශ‍්‍රාම යෑමට පෙර හතරස්කොටුව ස්ථූපයට පමණක් උසින් පිහිටි අබයගිරි ස්ථූපයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලද අතර ගෝලාකාරයේ අත්හදා බැලීමේ කොටසක් සහ හතරස්කොටුවෙහි විශාල කොටසක් නිම කරන ලදී. 1997 ට පෙර මිරිසවැටිය 1995 විශ‍්‍රාම යෑමට පෙර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දක්ඛිණ ස්ථූපය 1976 වන විට සංරක්ෂණය කරන ලදී.

එසේම ජීවමාන උරුම ස්ථානයන් සංරක්ෂණයටත්, කළමනාකරණයටත් කටයුතු මුල්වරට යොදන ලද්දේ එතුමාගේ අදහසක් අනුව වේ. 1993 වසරේ ජපානයේ නාරාහී පැවැත් වූ සැසි වාරයේ මුලසුන හෙබවූයේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් වේ. එහි දී උරුම ස්ථානයන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් විශේෂ ලේඛනයක් වූ (Nara Document of Authenticity) නිර්මාණය කිරීම සඳහා ද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මූලික විය. මෙතුමා උරුම කළමනාකරණය හා ලෝක උරුම ස්ථාන (World Heritage Sites) සඳහා නොයෙක් රටවල උපදේශකයකු ලෙස කටයුතු කරන ලදි. ඔහු ජාත්‍යන්තරව දායකත්වය දැක් වූ ප‍්‍රධානතම ව්‍යාපෘතියක් වශයෙන් දැක්විය හැක්කේ ඉතාලියේ පිසාහි ඇළවෙන කුලූන සංරක්ෂණය සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයකු වීමයි. එහි දී පීසා කුලූන ස්ථාවර කිරීමට හැකි විය. මෙතුමා ලංකාවේ වාස්තුවිද්‍යා ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය සඳහා කෙතරම් කැපවීමක් දක්වූවේ ද යත් කොළඹ විශ්වවිද්‍යාලයේ අඩුපාඩුවක්ව පැවති වාස්තුවිද්‍යා අධ්‍යයන අංශයක් නිර්මාණය කරනුයේ මෙම මහතාගේ මැදිහත් වීම මත වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැරණි ගොඩනැඟිල්ල, පොළොන්නරුව පැරණි කෞතුකාගාරය, සීගිරිය පැරණි ස්ථානීය කෞතුකාගාරය මෙතුමාගේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණයන් අතර වඩාත් කැපී පෙනේ.

ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් ලංකාවේ බෞද්ධ වාස්තුවිද්‍යාව සම්බන්ධයෙන් ලියන ලද කෘති ලංකාවේ පුරාවිද්‍යා විෂය හදාරනු ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අත්පොත් වශයෙන් භාවිත වේ. මෙතුමා ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ එක් විශේෂ යුගයක් සනිටුහන් කිරීමට සමත් කීර්තිධර පුරා විද්‍යාඥයෙකි. ඉහත සමස්තය සලකමින් ශ‍්‍රී ලංකාවේ ICCROM සංවිධානය හා ශ‍්‍රී ලංකාවේ ICOMOS සංවිධානය එක්ව ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට හා වාස්තුවිද්‍යා ක්ෂේත‍්‍රයට කරන ලද සේවය අගයා විශේෂ සම්මානයක් 2019 වසරේ දෙසැම්බර් මාසයේ කොළඹ දී පවත්වන ලද උත්සවයක දී පිරිනමන ලදී. විශේෂයෙන්ම එතුමා වසර 30ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර 1983 සිට 1990 දක්වා එහි කොමසාරිස්වරයා ද විය. එතුමා මූලිකව පිහිට වූ ආයතන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR), අන්තර්ජාතික ස්මාරක හා ස්ථාන පිළිබඳව කවුන්සලයේ ශ‍්‍රී ලංකා ශාඛාව, ගාලූ උරුමය හා ශ‍්‍රී ලංකා උරුම භාරය (National Trust of Sri Lanka) ප‍්‍රධාන වේ. ඒ මහතා දැරූ තනතුරු අතර පුරාවිද්‍යා කොමසාරිස් (පසුව අධ්‍යක්ෂ ජෙනරාල්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරම්භක සභාපති, පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති, ශ‍්‍රී ලංකා උරුම භාරයේ ආරම්භක සභාපති ආදිය කැපී පෙනේ. ඊට අමතරව එතුමා පුරාවිද්‍යාව හා වාස්තුවිද්‍යාව පිළිබඳ දේශීය හා විදේශීය ආයතන ගණනාවකම ජ්‍යෙෂ්ඨ හා සම්මානිත සාමාජිකයකු වේ. එතුමා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් රජය විසින් එතුමාට ර්‍ණදේශමාන්‍ය” හා ර්‍ණවිද්‍යාජෝති” යන ගෞරව සම්මානද පිරිනමා ඇත.

ඒ අනුව ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට පරිවර්තනීය වෙනසක් සිදු කළ මේ මහා යුග පුරුෂයා 2020 ජනවාරි 1 වැනි දින ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට තවත් හිස් තැනක් ඉතුරු කරමින් ජීවන ගමන නතර කරන ලදී. මෙහිදී ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය උදෙසා සිදු කළ දෑ අදටත් අපි භුක්ති වි`දිමින් සිටී. එබැවින් පුරාවිඳු අඹර කලඑළි කළ යුගයේ මහා පුරුෂයෙකු වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාට ගෞරවයක් වශයෙන් ඔහු ලාංකීය පුරාවිද්‍යාව උදෙසා දයාද කළ දෑ සුරක්ෂිතව තබා ගනිමින් අනාගතයට දායද කිරීම අප කාගේත් යුතුකම යැයි අවසාන වශයෙන් සිහිපත් කරමි.

ඩබ්. එම්. ප‍්‍රසන්න ජයන්ත කුමාර,
පුරාවිද්‍යා (විශේෂ), සිවුවන වසර,
පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment