ආණ්ඩුවක් හදන්න එක්වන ඕනෑම පක්ෂ අතර මත ගැටුම් තිබෙනවා- අගමැති

136

ආණ්ඩුවක් පිහිටුවීමට එක්වෙන ඕනෑම පක්ෂ අතර ඉඳහිට මත ගැටුම් ඇති වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර ඇතිවූ විවේචනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අග‍්‍රාමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

මෙම මත ගැටුම් සමහරු නොයෙක් ඇසින් බලන බව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ සිදුවෙන කිසිවක් තමා නොදන්නා අතර තමා එම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව ද අගමැතිවරයා පැවසීය.

ආණ්ඩුව තුළ සිදුවූ මෙම මත ගැටුම දුර දිග ගෙන යන්නේ නැතිි බව ද පැවසූ අගමැතිවරයා ඇතැම් වෘත්තීය සමිති විවිධ ඉල්ලීම් කරන අතර වත්මන් ආණ්ඩුව අභියෝග රැුසකට මුහුණ දෙමින් ඉදිරියට ගෙන යන බව ද සඳහන් කළේය.අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. ශ‍්‍රී ලංකාව පමණක් නොව වෙනත් රටවල් පවා කොරෝනා වසංගතයත් සමග ප‍්‍රශ්න රැසකට මුහමුණ දී තිබෙනවා. රටේ ජීවන වියදම පිළිබඳව සමහරු ආණ්ඩුවට දොස් කියනවා. අපට දොස් නගන උදවිය අද ලෝකයේ තත්ත්වය අවබෝධකර ගත යුතුයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment