ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් යෑමට සමහරු බලා ඉන්නවා – ජනපති

164

උද්ඝෝෂණ සහ විරෝධතාවලට බැටන් පොලූ කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස පොලිසියට නියෝග කර තිබීම නිසා ඔවුන් ඉන් බැහැරව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (6දා) ‘දිවයින’ ට පැවැසීය.

අද ඇතැමුන් බලාසිටින්නේ ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් යාමට අවස්ථා එනතුරු බවත් නගරවල උද්ඝෝෂණ විරෝධතා පෙළපාලි මර්දනයට පොලිසිය අනිසිලෙස මාර්ග බාධක යොදන්නේ නැති බවත් පැවසූ ජනාධිපතිවරයා පිරිසක් මාර්ග බාධක තල්ලූ කරද්දී පොලිසිය ඒවා වැළැක්වීමට යාමෙන් ප‍්‍රශ්න ඇතිවන බවද ස`දහන් කළේය.

අද පවතින පොහොර අර්බුදය පිළිබදව අප ඇසූ පැනයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කාබනික පොහොර යොදාගෙන වගාවේ නිරත වන ගොවීන් දිරිමත් කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවද පැවැසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment