ආණ්ඩුවට එරෙහිව සජබයෙන් දින 10 ක පාද යාත‍්‍රාවක්

201

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරන පාද යාත‍්‍රාවක් කි‍්‍රයාත්මක කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

දින දහයක පමණ කාලයක් ගමන් කරමින් කොළඹින් අවසන් කිරීමට තීරණය කර ඇති මෙම පාද යාත‍්‍රාව මගින් ආණ්ඩුවට දැවැන්ත විරෝධතාවයක් එල්ල කිරීමට බලාපොරොත්තු වෙයි.

සමගි ජන බලවේගය විසින් පසුගිය 15 වැනිදා පවත්වන ලද දැවැන්ත විරෝධතාවයෙන් පසුව එහි නායකයන් ඒ පිළිබඳව පසුවිපරමක් කර ඇත. ආණ්ඩුවට එරෙහිව මීළඟට කි‍්‍රයාත්මක කළ යුත්තේ පාද යාත‍්‍රාවක් වැනි දැවැන්ත විරෝධතාවයක් බවට එහිදී සාකච්ඡා කර ඇත.

පක්ෂය විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතා තව තවත් ඉදිරියට ගෙන යා යුතු බවත් තවත් මාසයක් යෑමට පෙර ආණ්ඩුවට එරෙහි විරෝධතා දැඩි කළ යුතු බවත් ඔවුනගේ මතය වී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

කතරගම – කොළඹ හෝ නුවර-කොළඹ දක්වා දින 08ක හෝ දින 10ක මෙම පාද යාත‍්‍රාව කි‍්‍රයාත්මක කළ යුතු බවට මෙහිදී යෝජනා වී ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට නොපැමිණි බව ද හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා


advertistmentadvertistment