ආණ්ඩුවට මෙහෙම වුණේ මෝඩකම් නිසයි – චරිත හේරත් (පොජපෙ)

453

පත්කළ මන්ත්‍රී චරිත හේරත් (ශ්‍රීලපොපෙ) – ස්වෛරී බැඳුම්කර හරහා අපේ සංචිත තර කිරීමට ගන්න පියවර ගැටලුවට මූලික හේතුවත් 2009 සිට 2019 දක්වා ණය අරගෙන ණය ගෙවීමත් වැරදියි. 2020 න් පසුව ණය නොගෙන අතේ තියෙන මුදලින් ණය ගෙව්වත් වැරදියි. ඒ මුදල් ජනතාවට වැය කරන්න තියෙන මුදල්.

රටක් ලෙස අපි අලුත් විදිහට සිතිය යුතුයි. මේ රටේ දේශපාලනයට වෘත්තීයවේදීන් ආවාට ඔවුන්ට තීන්දු තීරණ ගන්න තැනට එන්න බැරි වුණා. පරිණතකම, පැරණිකම, දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ බව තියන අයට පමණයි තීන්දු තීරණ ගන්න බලය ලැබුණේ. හැමදාමත් එහෙමයි වුණේ.

ඊළඟ ජනපති ධුරය, පාර්ලිමේන්තු මැතිවරණය සරල කතාවලට යටවෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව අද සෙලවෙන්නේ මෝඩකම නිසයි. හිතේ සෝදිසියට තීන්දු ගත්තාම මේ වගේ බරපතළ තත්ත්වයන් ඇති වෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment