ආණ්ඩුවට සහාය දුන් දේශපාලනඥයෙක් ජනපතිවරණ පොදු අපේක්ෂකයා වෙන්න හදයි

1489

වත්මන් රජයට සහාය දැක්වූ ප‍්‍රබල දේශපාලනඥයකු මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීම සඳහා මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කර ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
 
 ඉහත දේශපාලනඥයා මේ වනවිට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින සිටි ප‍්‍රබල භික්ෂූන් වහන්සේ නමක්, එජාපයට හිතවත් ප‍්‍රබල හිමිනමක්, හිටපු සුවිශේෂී දේශපාලනඥයකු ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඇතැයිද සඳහන් වේ.
 
 ආණ්ඩුව තුළ අපේක්ෂා භංගත්වයට පත්ව ඇති පිරිස් සහ විපක්ෂයේ පිරිස් එක් කරගනිමින් පුළුල් සන්ධානයක්  ගොඩනඟා මීළඟ ජනාධිපතිවරණයට මුහුණ දීමට මෙම හමුවීම්හි අරමුණු වී තිබේ.
 
 සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment