ආඬිඅම්බලම ප්‍රදේශයම බිය වද්දමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ ‘බලු මූණා’ කටුනායක පොලිසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා 29 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
කාලිංග නලීන් මධුසංඛ නොහොත් බලු මූණා ආඩිඅම්බලම, සරණතිස්සගම පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි.
මොහු තවත් කල්ලියක් සකස් කරගෙන ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින්, මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලිසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව මොහු විසින් පැහැර ගත් යතුරුපැදි දෙකක් කොළඹ ප්‍රදේශයට උගස් තබා තිබියදී කටුනායක පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
ආඬිඅම්බලම ප්‍රදේශවාසීන් මොහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව කටුනායක පොලිසියේ නිලධාරීන් හමුවේ සිය බලවත් ප්‍රසාදය පළ කර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. කේ. ඒ. ඒ. නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රත්නායක, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, පොලිස් සැරයන්වරුන් වන (37371) සුනිල්, (50978) සරත්, (13860) සූරිය බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (33249) අනුෂ්ක, (43099) කුමාරසිංහ, (101660) සමරසිංහ සහ (96810) පල්ලෙගෙදර යන නිලධාරීහු සිදු කරති.
කටුනායක – ටී. කේ. ජී. කපිල