නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු (Kyushu) තාක්ෂණ ආයතනය කලාපීය රටවල් සමග ඇති කර ගත් සම්බන්ධතා මත එම ආයතනය මගින් ක‍්‍රියාත්මක නැනෝ චන්ද්‍රිකා නිර්මාණ ව්‍යාපෘතියට ඇතුළත් වීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාව උදා වූ අතර එය චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් ලබා නොතිබූ ශ‍්‍රී ලංකාව වැනි රටවල්වලට පිරිනැමුණු සුවිශේෂී අවස්ථාවක් විය.
ඒ අනුව 2017 වසරේදී නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂූ තාක්ෂණ ආයතනය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව රාවණ-01, 2019 ජුනි 17 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂ ගත කරන ලදී.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී. ක්ලාක් ආයතනය ඇතුළු ජාත්‍යන්තර ආයතන 5 ක් ඒකාබද්ධව සැලසුම් කර නිර්මාණය කරන ලද කිට්සුනේ (නසඑිමබැ* නමින් නම් කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව 2022 පෙබරවාරි 18 දින
සිග්නස් -17 (ජහටබි-17*රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැුගෙන යන ලද අතර එම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ෂීී*සිට කි.මී. 400 දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම ශ‍්‍රී ලංකා වේලාවෙන් 2022 මාර්තු 24 වන දින
ප.ව 5.40 ට සාර්ථකව සිදු කෙරෙණි . රාවණ -01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු මෙම කිට්සුනේ චන්ද්‍රිකාව උසින් සෙ .මී 30 ක් ද, පළලින් සෙ .මී 20 ක් ද, ඝනකමින් සෙ .මී 10 ක් ද වේ. ශ‍්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් ආයතනය ඇතුළු සිංගප්පූරුව, ජපානය යන රටවල ආයතන 5 ක සහයෝගිතාවයෙන් නිර්මාණය කළ මෙම කිට්සුනේ චන්ද්‍රිකාව සඳහා ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය ලබා දීම ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වීම විශේෂත්වයකි.
මෙම කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණික අතින් උසස් චන්ද්‍රිකාවක් වන අතර එහි ඇතුළත් සංවේදී කැමරා පද්ධතිය මගින් පෘථිවියේ සෙ.මී. 5 ක පමණ වපසරිය තියුණු ලෙස නිරීක්ෂණයට ලක් කළ හැකි වේ. තව ද පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝනත්වය නිරීක්ෂණය කිරීම ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ
රැුසකට ද දායක කර ගත හැකි අයුරින් නිර්මාණය කරන ලද මෙම නැනෝ චන්ද්‍රිකාව ආධාරයෙන් සිදු කෙරෙන පර්යේෂණ හා එමගින් ලබාගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන්ම
ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වේ.
වසන්ත ලියනගේ