ආදරයට ගෙදරින් විරුද්ධ විණැයි ගැරඬිඇල්ලෙන් පහළට පැන්න පෙම් යුවළට බරපතළයි

79

ආදර සම්බන්ධතාවට නිවසින් අකමැති වුණයි බාල වයස්කාර පෙම් යුවළක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන් ඊයේ (05 දා) අලුයම එකට පමණ පහළට පැනීම නිසා තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ දිය ඇල්ලෙන් පැන ඇත්තේ පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත පදිංචි රාම ක්‍රිෂ්ණම් ඩිලක්ෂන් හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි සිවනේෂ්වරන් ලක්ෂිකා යන දෙදෙනායි.

මොවුන් දෙදෙනාම වයස අවුරුදු දාහතයි මාස නවයක් වූ අයවලුන්ය. මොවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධතාවට බොහෝ කාලයක් ගියද තරුණියගේ නිවසින් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වී තිබී ඇත.

ඒ අනුව මෙම තරුණිය තම පෙම්වතාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ ගෙදරින් විරුද්ධ නිසා තමා සිය දිවි හානිකර ගැනීමට යන බවයි. එයට ප්‍රතිචාර දක්වා ඇති පෙම්වතාද තීරණය කර ඇත්තේ දෙදෙනාම එකට සියදිවි හානිකර ගැනීමටයි.

ඒ අනුව මේ දෙදෙනා කතා කර ගත් පරිදි පෙරේදා (4) දින නිවෙස් වලින් පිටවී පුස්සැල්ලාව නගරයේදී හමුවී තිබේ. රාත්‍රී වන තුරු කාලය ගතකර ඇති මොවුන් අලුයමදී රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට පියමංකර එහිද කාලය ගතකර මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන තිබේ. දිය ඇල්ලෙන් පහළට පැන්නද තරුණයා ජීවිතක්ෂයට පත් නොවී තුවාල පමණක් සිදුව ඇත. තරුණියද සොයාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඇයද ගොඩට ගෙන දෙදෙනාම මෙසේ රෝහල් ගත කර තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment