ආදායම් බදු සංශෝධනට රජයෙන් යෝජනා

185

පසුගිය සමයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනය කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව රුපියල් ලක්ෂ 05 සිට (රුපියල් 500,000) සිට රුපියල් හත් ලක්ෂ විසිදහස(රුපියල් 720,000 )දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇත.
මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන් එම යෝජනාව සිදුකළ බවද එම නිවේදනයේ දැක්වේ.

අදාල යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබාදීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින් ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ද ඊට අයත් වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment