විදේශවලට භාණ්ඩ හා සේවා සපයා විදේශ මුදල් උපයන ආනයනකරුවන් සහ අපනයනකරුවන් සියලූම දෙනා එම මුදල් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙරට රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශ‍්‍රී ලංකා මහා බැංකුව නියෝග කර තිබේ. මේ ක‍්‍රියාවලිය නොකඩවා සිදුකිරීම සඳහා එම ගනුදෙනු මාස්පතා සිදුකළ යුතු බවද ශ‍්‍රී ලංකා මහා බැංකුව සියලූම වාණිජ්‍ය බැංකුවලට නියෝග කර තිබේ.
මෙම නියෝගයත් සමගම ව්‍යාපාරික ප‍්‍රජාව සහ බැංකු ක්ෂේත‍්‍රය තුළ කම්පනයක් හටගෙන ඇත. විදේශවලින් එන මුදල් ශ‍්‍රී ලාංකික රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා බැංකුවට ලබාදෙන උපරිම කාලය දින 180 කි. ඒ අතර ණය වාරික, ව්‍යාපාරික සංචාර සහ තවත් වියදම් කිහිපයක් සඳහා ඩොලර් ස්වල්පයක් ඉතිරි කර ගැනීමට එම ව්‍යාපාරිකයන්ට අවසර ලැබේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ විදේශ විනිමය උපයන්නා විදේශ රැුකියාවල නියුතව සිටින ප‍්‍රජාවය. ඔවුන් උපයන ප‍්‍රමාණය ඩොලර් බිලියන ගණනකි. මේ අනුව ඉදිරියේදී විදේශවලින් එවන විදේශ මුදල් එම මුදල්වල ස්වරූපයෙන් බැංකු ගිණුම්වල ඉතිරිවීමක් සිදු නොවන අතර මාස්පතා දේශීය මුදල්වලට පරිවර්තනය වේ. ශ‍්‍රී ලංකා මහා බැංකුව මෙම පියවර ගෙන ඇත්තේ දැනට රට තුළ පවතින විදේශ විනිමය හිඟයට පිළියමක් වශයෙනි. නව නියෝගය නොවැම්බර් පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක විය. මෙය ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඍජු විදේශ ආයෝජන මුදල් වලටද බලපානවා ඇත.
මේ තත්ත්වය තුළදී හටගන්නා ලොකුම ප‍්‍රශ්නය වනු ඇත්තේ රාජ්‍ය සහ වාණිජ්‍ය බැංකු මගින් ඩොලර් සඳහා ගෙවන දේශීය රුපියල් වටිනාකමය. සාමාන්‍යයෙන් ඩොලරයක මිල රුපියල් 202 ක් 203 ත් අතර වූ කෘතීම වටිනාකමක් පවත්වාගෙන යෑමට රාජ්‍ය කටයුතු කර ඇත. එනම් ඇමරිකන් ඩොලරයක් සඳහා ලක් රජය ගෙවනු ලබන්නේ රුපියල් 202 ත් රුපියල් 203 ත් අතර මුදලකි. එහෙත් විවෘත වෙළෙඳපොළේ ඩොලරයක මිල රුපියල් 235 කි. ඒ මිලට ලබා ගැනීමටද කිසිදු පෞද්ගලික මුදල් හුවමාරුකරුවකු අත ඩොලර් නැත. රජය විසින් ඩොලරයක් සඳහා රුපියල් 202 ත් 203 ත් අතර මිලක් ගෙවද්දී විවෘත වෙළෙඳපොළේ රුපියල් 2354 ක ඩොලර් ඒකක මිල නොසලකා හැරීමෙන් විදේශ මුදල් උපයන්නන්ට එක ඩොලරයකින් රුපියල් 32 ත් 33 ත් අතර මුදලක් පාඩුවෙයි.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝගය නිසා ව්‍යාකූලත්වයට පත්ව සිටින විදේශ විනිමය උපයන ව්‍යාපාරික ප‍්‍රජාව කියන්නේ එමගින් තම ඉපයුම්වලට හානියක් සිදුවන බවය. ශ‍්‍රී ලංකා මහා බැංකුව පසුගිය මාස කිහිපය තුළ මෙරට ව්‍යාපාරිකයන් විසින් ඉපයූ විදේශ මුදල් දේශීය රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට උපදෙස් දී තිබිණි. එය ස්ථිර නියෝගයක් ලෙස ක‍්‍රියාත්මක වන පළමුවන අවස්ථාව මෙයය.
|