ආනයන සීමා තවත් දැඩි කළ යුතු ද?

296

කොරෝනා වසංගතය සමනය කරගනිමින් රට විවෘත කිරීම ගැන අපි පසුගිය සතියේ ආර්ථික ඇසින් ලිපියෙන් සාකච්ඡුා කළෙමු. එහිදී අප සදහන් කළේ කොරෝනා තෙවන රැුල්ල හමුවේ මේ වසරේ (2021) ආර්ථික ක‍්‍රියාකාරිත්වයට ද බලපෑම් ඇති වනු ඇති බවයි. මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වන්නේ කොවිඞ් 19 තෙවන රැුල්ල හමුවේ මේ වසරේ (2021) දී සියයට 5 ක පමණ සමස්ත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බවයි. එහෙත් මේ වසරේ (2021) දී සියයට 6 ක සමස්ත ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි මහ බැංකුව මුලින් පුරෝකථනය කර තිබුණි. ඒ අනුව අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට එකකින් පමණ පහත වැටෙනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. කොරෝනා තෙවන රැුල්ල ආශ‍්‍රිත වසංගත තත්ත්වය වැළැක්වීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් දේශීය ආර්ථික කටයුතුවලට බාධා ඇති වූ බවත් මේ නිසා මේ වසරේ (2021) දෙවන කාර්තුවේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම තරමක් දුර්වල කළ බව ද එසේ වුවත් දිවයින පුරා දැනට ක‍්‍රියාත්මක වන එන්නත්කරණ ක‍්‍රියාවලිය සහ සංචරණ සීමා ඉවත් කිරීම මගින් දැනට පවතින කොරෝනා රැුල්ල මගින් සමස්ත ආර්ථික ක‍්‍රියාකාරකම් කෙරෙහි ඇති කරන බලපෑම් අඩු කෙරෙනු ඇතැයි ද මහ බැංකුවේ එම මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ තවදුරටත් සඳහන්ව තිබේ.

ආනයන සීමා  තවත් දැඩි කළ යුතු ද?

මේ අතර ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජුලි 09 දින මේ වසරේ (2021) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත ද නිල වශයෙන් නිකුත් කළේය. ඒ අනුව මේ වසරේ (2021) පළමු කාර්තුවේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 4.3 කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ (2020) පළමු කාර්තුවේ දී ස්ථාවර මිල ගණන් යටතේ රු.මිලියන 2ල295ල432 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2021) පළමු කාර්තුවේ දී රු.මිලියන 2ල393ල922 ක් දක්වා වර්ධනය වී ඇත. ගිය වසරේ (2020) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට සෘණ

 1.8 ක් ලෙස වාර්තා විය. මේ අනුව මේ වසරේ පළමු කාර්තුවේ දී සැලකිය යුතු ආර්ථික ප‍්‍රගතියක් වාර්තා කර තිබේ. මෙම කාර්තුමය ආර්ථික වර්ධනය නියෝජනය කරමින් ආර්ථිකයේ ප‍්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම අංශය සියයට 6.1 කින් සහ කාර්මික අංශය සියයට 5.5 කින් සැලකිය යුතු වර්ධනයන් වාර්තා කර ඇති අතර සේවා අංශය සියයට 3 ක වර්ධනයක් වාර්තා කර ඇත. විශේෂයෙන් කෘෂිකර්ම සහ කාර්මික අංශවල ඉහළ වර්ධනයන් සඳහා කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා කිරීම් මධ්‍යයේ වුවද කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත ආශ‍්‍රිත නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවකාශ ලබා දී තිබීම මෙම වර්ධනයන් සඳහා හේතු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා බලපෑම් හමුවේ රටේ ආර්ථික වර්ධනය ගැන මෙසේ සඳහන් කළත් මේ ලිපියෙන් අප පුළුල් වශයෙන් සාකච්ඡුා කිරීමට යන්නේ ආනයන සීමා පිළිබඳවයි.

 දැනට රට තුළ පවතින විදේශ විනිමය හිඟය ගැන අප මීට පෙරත් බොහෝ සාකච්ඡුා කර ඇත. මේ සඳහා දැනටමත් රජය සහ මහ බැංකුව විසින් දැඩි ආනයන පාලන ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. එමගින් ආනයන වියදම් කිසියම් මට්ටමකට අඩු කර ගැනීමට රජය සමත් වී තිබුණත් විනිමය පීඩනය දිගටම තිබේ. කොවිඞ් වසංගතය හමුවේ සංචාරක ඉපයුම් ඇතුළු බොහෝ විදේශ විනිමය ඉපයීම් අහිමි වී තිබේ. මේ නිසා රට මුහුණ දී සිටින මේ විනිමය පීඩනය තවදුරටත් සමනය කරගත යුතුව තිබේ. මේ සඳහා අනුගමනය කළ හැකි විවිධ ක‍්‍රියාමාර්ග තිබිය හැකි අතර විවිධ අයට මේ සඳහා විවිධ මතවාද තිබිය හැකිය. ආර්ථික ප‍්‍රශ්න විසඳීම සඳහා ආර්ථික විද්‍යාඥයන් අතර පවා තිබෙන්නේ එකම අදහසක් නොවේ. මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය ඉතා වැදගත් වන අතර රජයේ නිල ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන්නේ මහ බැංකුවයි. මේ අනුව මහ බැංකුව කලින් කලට විවිධ යෝජනා රජයට ඉදිරිපත් කරයි. ඒවායින් ඇතැම් යෝජනා රජය පිළිගන්නා අතර ඇතැම් ඒවා පිළිගන්නේ නැත. මේ අනුව දැනට තිබෙන ආනයන සීමාවලට අමතරව තවදුරටත් ආනයන සීමා කිරීම සඳහා වන යෝජනාවක් මහ බැංකුවෙන් රජයට ඉදිරිපත් කර ඇති බව අපට දැනගන්නට තිබේ. මේ ගැන පසුගිය ජුලි 08 දින මහ බැංකුව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු ප‍්‍රශ්න කළේය. ඊට පිළිතුරු වශයෙන් මහ බැංකුව රජයට එසේ යෝජනා කර ඇති බව ප‍්‍රතික්ෂේප නොකළ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා කීවේ ඒවා තවමත් සාකච්ඡුා මට්ටමේ තිබෙන කරුණු බවයි.

ආනයන සීමා  තවත් දැඩි කළ යුතු ද?

මෙම මාධ්‍ය හමුවට දින කිහිපයකට පෙර රටේ විදේශ මුදල් තත්ත්වය ගැන මහ බැංකු අධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කීවේ අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශයක් පවතින බවයි. එම විශේෂ ප‍්‍රකාශයේ මෙසේ ද සඳහන් විය.

 ‘විදේශ මුදල් ප‍්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුව ද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ‍්‍රී ලංකාව කටයුතු කළේ ය. මෙම සමහර සීමාවන් ක‍්‍රමයෙන් ඉවත් කෙරෙමින් තිබුණ ද, කොවිඞ් -19 හි රැුළි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශය පවතින බව මහ බැංකුවේ අදහසයි.’

 මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතාගේ මෙම ප‍්‍රකාශය අනුව පැහැදිලි වන්නේ තවදුරටත් ආනයන සීමා කිරීමට හැකියාවක් පවතින බව සහ එසේ කළ යුතු බවයි. එහෙත් දැනටමත් රට තිබෙන්නේ ආනයන සීමා ක‍්‍රියාත්මක වෙමින් තිබෙන පසුබිමකය. වාහන ආනයනකරුවන් ඇතුළු ඇතැම් පාර්ශ්වයන් මේ පවතින ආනයන සීමා ලිහිල් කරන තෙක් බලන් සිටින විට මහ බැංකුව කියන්නේ තවදුරටත් ආනයන සීමා කිරීමට කටයුතු කළ හැකි බවයි. රටේ තිබෙන විනිමය පීඩනයට මුහුණ දීම සඳහා රටින් පිටට කවර ක‍්‍රමයකට හෝ විදේශ විනිමය ගලාගෙන යෑම ද සීමා කරගත යුතුය. එසේ නැත්නම් විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගත යුතුය. එහෙත් කෙටි කලකින් විදේශ විනිමය ලැබීම් ඉක්මනින් වර්ධනය කරගැනීම දුෂ්කරය. ඒ සඳහා සංචාරක කර්මාන්තය යොදා ගත හැකි වුවත් අපේ සංචාරක බලධාරීන් ඒ අතින් අන්තිම දුර්වල බව පෙනේ. ඒ ගැන පොදුවේ රජයේත්, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ මෙන්ම ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ද අවධානය යොමු කරවීමට මේ ලියුම්කරු කැමතිය. කොවිඞ් සමග සංචාරක පැමිණීම් වර්ධනය කරගැනීම අතින් මාලදිවයින විශාල ප‍්‍රගතියක් ලබා තිබේ. මාලදිවයින සහ

 ශ‍්‍රී ලංකාව එක සමාන නොවිය හැකි නමුත් රටට විදේශ විනිමය ඉපයුම් අත්‍යවශ්‍යව පවතින මොහොතක මේ අතින් අප අසාර්ථක වීම ගැන රජය සොයා බලා වහාම පිළියම් යෙදිය යුතුය. අපනයන ආදායම් වර්ධනය කරගැනීමත් තරමක් මැදි හා දිගුකාලීන විසඳුමකි. එසේ විදේශ විනිමය ඉපැයුම් වැඩි කරගැනීම සඳහා මැදි හා දිගුකාලීන විසඳුම් ක‍්‍රියාමාර්ග ගන්නා අතරේම ඉතා ඉක්මනින් කළ හැකි වන්නේ ආනයන වියදම් අඩු කර ගැනීම බව ද පෙනේ. එහෙත් තවදුරටත් අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන සීමා කළ යුතුය යන මහ බැංකුවේ යෝජනාවට වත්මන් ජනාධිපති ලේකම් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ එකඟත්වයක් නැත. මේ නිසා මහ බැංකුව උපදෙස් දුන්නත් මහ බැංකුව කියන දේ රජය පැත්තෙන් ඉටු වේද යන්න නම් සැකසහිතය.

 ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම්වරයා වීමෙන් පසු පෙරේදා (13) උදේ එතුමන්ව හමු වී ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන තත්ත්වය ඇතුළු තවත් කරුණු කාරණා රැුසක් ගැන සාකච්ඡුා කිරීමට මේ ලියුම්කරුට අවස්ථාව ලැබිණි. ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබයදීර ද සමගිණි. එම සාකච්ඡුාවේ දී මේ ලියුම්කරු තවදුරටත් ආනයන සීමා කිරීමේ යෝජනාව ගැන ආචාර්ය ජයසුන්දර මහතාගෙන් විමසූ විට ඔහු කීවේ මහ බැංකුවේ ප‍්‍රතිපත්තියට තමා විරුද්ධ බවයි. ඔහු ඒ බව කීවේ නිකන්ම නොවේ. ඒ සම්බන්ධයෙන් වන එතුමන්ගේ මතය ද අපට ඉදිරිපත් කළේය. එම අදහස ඊයේ (14) ‘දිවයින’ සහ ‘දි අයිලන්ඞ්’ පුවත්පත්වල මුල් පිටුවේම වාර්තා කර තිබේ. එනම් තෙල් ඇතුළු ඇතැම් ආනයන සීමා කළ යුතු බව ඔහු ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. එසේම ආචාර්ය ජයසුන්දර මහතා අපට කීවේ තමන් මහ බැංකුවට ‘හරිත මූල්‍ය පහසුකමක්’ ඇති කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. ඒ යෝජනාව ගැන සියලූ විස්තර අප නොදන්නා නමුත් එය වඩාත් පුළුල් අදහසක් විය හැකි අතර ඔහු අපට විස්තර කළ පරිදි එම යෝජනාව තවදුරටත් සිදුකරන ඇතැම් ආනයන සීමා කිරීම්වලට වඩා රටට විදේශ විනිමය ඉතුරුවක් කර ගැනීමට අවකාශ සැලසෙන්නකි. තමාගේ ඒ යෝජනාව සම්බන්ධයෙන් මහ බැංකුව ප‍්‍රතිචාරයක් දක්වයි කියා තමා සිතන බවත් ආචාර්ය ජයසුන්දර මහතා මේ ලියුම්කරුට කීවේය. මහ බැංකුවේ ආනයන සීමා කිරීමේ යෝජනාව ගැන මේ ලියුම්කරු විමසූ විට ආචාර්ය ජයසුන්දර මහතා කීවේ මෙවැනි අදහසකි.

 ‘මම මහ බැංකුවේ එම ප‍්‍රතිපත්තියට විරුද්ධයි. මට විවෘතව ඔබට කියන්න පුළුවන්. මොකද ආනයන සීමාවල පැනවීම නෙවෙයි අපි දැන් කරන්න ඕන ආනයන සීමා ලිහිල් කිරීමයි. හැබැයි ඒ ආනයන සීමා ලිහිල් කළ යුත්තේ අපේ ප‍්‍රතිපත්ති රාමුවට හානියක් නොවන විදිහටයි.’

 මේ අනුව අප ආනයන සීමා කළ යුතු තැන් තිබෙන බව ද ඉන් එකක් ඉන්ධන බවද කියා සිටි ඔහු ඉන්ධන ආනයන සීමා කිරීම සඳහා අපට මිල ප‍්‍රතිපත්තියත් භාවිතා කිරීමට සිදු වනු ඇති බව ද කීවේය. ඉන්ධන මිල වැඩි කළ විට ඒ නිසාම භාවිතයේ කිසියම් සීමා වීමක් සිදු වේ. තෙල් ආනයනය සියයට දහයකින් අඩු කරගත හැකි නම් ඉන් සැලකිය යුතු විනිමය ඉතුරුවක් සිදු වෙයි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ත් 500 ත් අතර ඉතුරුවක් විය හැකිය. එහෙත් ජනාධිපති ලේකම්වරයා කියන්නේ රටට ගෙන්වන ඉන්ධන ප‍්‍රමාණය සලාක නොකර පාරිභෝගිකයාට ලබා දීමට නම් අප ඉතාමත්ම ඉක්මනින් පුනර්ජනනීය බලශක්තිවලට යායුතු බවයි. තෙල් ආනයනය සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000 ක් වියදම් කරන රටට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කීපයක් ඇති කරගන්න බැරි ඇයිදැයි ප‍්‍රශ්න කරන ඔහු එය කළ යුතුම දෙයක් බවද කියයි. මෙය ඔහු ලියුමක් මගින් මහ බැංකුවට ඉදිරිපත් කර ඇති යෝජනාව හා සම්බන්ධය. ඒ ගැන ආචාර්ය ජයසුන්දර මහතා මෙසේ ද කියයි.

 ‘මම මහ බැංකුවේ අධිපතිතුමාගෙන් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කළා රු. බිලියන 50 ක හරිත මූල්‍ය පහසුකමක් හඳුන්වා දෙන්න කියලා. අපේ රටේ බැංකු ඒ සඳහා පොළඹවන්න ඕන. බැංකු ක්ෂේත‍්‍රය, මූල්‍ය ක්ෂේත‍්‍රය කොහාටද හරවන්නෙ කියන හැරවුම් ලක්ෂ්‍යය දෙන්න තමයි නියාමකය ඉන්නේ. එහෙම නැතුව එදිනෙදා ඒවා පාලනය කරන්න විතරක් මහ බැංකුවක් වැඩක් නැහැ. මහ බැංකුවට කියන්න පුළුවන් වෙන්න ඕන අපේ රටේ බැංකු ඊළඟ වසර දහය තුළ හරිත මූල්‍ය පහසුකම් සඳහා මෙපමණ ප‍්‍රමාණයක් වෙන් කරනවා කියලා’

 එසේම ඔහු පවසන්නේ අපගේ ආනයනයෙන් කොටසක් අපනයනයට යොදා ගන්නා බැවින් එවැනි ආනයන සීමා නොකළ යුතු බව සහ අප තොරතුරු තාක්ෂණ ආර්ථිකයක් හැදීමට යනවා නම් එයට අදාළ සියලූ ආනයනයන්ට ඉඩ ලබා දිය යුතු බවයි. මේ අනුව මනා ලෙස විදේශ විනිමය කළමනාකරණය කිරීම මහ බැංකුවේ වගකීමක් බවත් ඒ සඳහා මහ බැංකුව අවශ්‍ය පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. මේ අතර මහ බැංකුව ඊයේ නිකුත් කළ විදේශ වෙළෙඳ දත්ත අනුව ආනයන සීමා තිබුණත් මේ වසරේ (2021) මුල් මාස පහ තුළ ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6619 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 8356 දක්වා සියයට 26.2 කින් වර්ධනය වී තිබේ. ඒ අනුව මැයි මස අග වන විට වෙළෙඳ හිඟය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 3663 ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 562කින් වර්ධනය වී ඇත. මේ මාස පහකට වන අතර වසර අවසන් වන විට මෙය තවත් වර්ධනය විය හැකිය. දැනටමත් දැඩි ආනයන සීමා තිබියදී මෙසේ ආනයන වර්ධනය වීම ගැන ද අවධානය යොමු විය යුතුය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment