ආනයන සීමා ලිහිල් කළ යුතු බව අප පිළිගන්නවා

246

ජනාධිපති ලේකම්
ආචාර්ය පී. බී. ජයසුන්දර
ශ‍්‍රී ලංකා ආයෝජන සංසදය අමතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ‘‘ජාතික ප‍්‍රතිපත්ති රාමුව’’ පිළිබඳව පවත්වන ලද ප‍්‍රධාන දේශනය.  (මෙහි මුල් කොටස ඊයේ පළ විය)

මෙම අසමතුලිතතාවයට පිළියමක් ලෙස රජයේ ජාතික සංවර්ධන සැලැස්ම වන්නේ කාර්මික විවිධාංගීකරණය, කෘෂිකාර්මික සැකසුම් හා ඉහළ අගය එකතුකළ අපනයන කර්මාන්ත ප‍්‍රචලිත කිරීම හරහා අපනයන ඉපැයීම 2024 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 15 පමණ දක්වාත් 2028 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 20 දක්වාත් ඉහළ නැංවීමට කටයුතු කිරීමයි. ඔබ දන්නා පරිදි, ශී‍්‍ර ලංකාවේ කාර්මික අපනයනයෙන් සියයට 70 ක්ම සිදුවන්නේ ආයෝජන මණ්ඩලය යටතේ අනුමතව කි‍්‍රයාත්මක වන ආයෝජන අපනයන සැකසුම් කලාප 17 තුළ මෙන්ම එම කලාපවලට බාහිරව කි‍්‍රයාත්මක වන කර්මාන්ත ශාලාවලය. වර්තමානයේ කොවිඞ් වසංගතය සහ වෙනත් කරුණු රාශියක් නිසා ඒවායෙහි ධාරිතාවයට වඩා අඩු මට්ටමකින් කි‍්‍රයාත්මක වේ. ඒ අනුව ආයෝජන මණ්ඩලයේ අපනයන ව්‍යාපාරවලට පවතින මෙහෙයුම් බාධක ඉවත්කර, කාර්මික අපනයන වේගයෙන් ඉහළ නැංවීම සඳහා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වගකීම් පවරා ඇත.

 මේ වසරේ පමණක් ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ වැවිලි කර්මාන්තයට ඇමරිකානු ඩොලර් බිලියන 12 ක අපනයන ඉලක්කයක් ලබා දී ඇත. වසරේ පළමු මාස 5 තුළ කාර්ය සාධනය සතුටුදායක සහ දිරිගන්වන සුළුය. එය කොවිඞ් – 19 වලට පෙර පැවති අපනයන මට්ටම මෙන් කැපී පෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. මේ වසරේ මෙම ඉලක්කය ‘යථාර්ථයක්’ වනු දැකීමට රජයේ සිටින අප සියලූ දෙනාම ඕනෑම අයෙකු සමග ඔවුන් මුහුණදෙන ගැටලූ විසඳීමට කැපවී සිටිමු.

 ඔබ දන්නා පරිදි, අපගේ අභියෝග හමුවේ ආනයන සීමා කිරීමට රජයට සිදු විය. මේ වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියන 16 ක පමණ මට්ටමකට පහත වැටි ඇත. කෙසේවුව ද, ශී‍්‍ර ලංකාව 2024 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක පමණ අපනයන ආදායමක් හිමිකර ගැනීමේදී එවැනි සීමාවන් ක‍්‍රමයෙන් ලිහිල් කළ යුතු බව අපි පිළිගනිමු. ‘‘දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා’’ වන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට අනුකූලව ආහාර සුරක්ෂිතතාව කේන්ද්‍ර කොටගත් කෘෂි නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, ඖෂධ, රෙදිපිළි, බතික් සහ අත්යන්ත‍්‍ර දෙසට යොමුවීම මෙම ක්ෂේත‍්‍රය තුළ සිදුවන ප‍්‍රධාන ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයයි. මෑත වසරවලදී රාජ්‍ය ආයෝජන සියයට 5 ක් පමණ අතර විදේශ සෘජු ආයෝජන සියයට 5 ක් පමණ වන අතර විදේශ සෘජු ආයෝ්ජන දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 2 ට වඩා අඩු මට්ටමක පවතී.

 ශී‍්‍ර ලංකා ආර්ථිකයේ සහ එහි ජනතාවගේ ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව රඳා පවතින්නේ පුළුල් ලෙස පදනම් වූ ව්‍යාපාරික ප‍්‍රජාවක් ද ආර්ථිකයේ පුළුල්වීමත් සමග ය. ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ විශාල පරිමාණයේ ව්‍යාපාර හෝ දේශීය හා විදේශීය වශයෙන් ඇති හිමිකාරීත්වය අනුව එම ව්‍යාපාර වෙනස්විය හැකි වුව ද සමස්ත ජාතික ව්‍යාපාර ප‍්‍රජාව ශක්තිමත්ය. ශී‍්‍ර ලංකාවට ඇතුළු වූ කිසිදු විදේශීය ආයෝජකයකු රටින් පිටව ගොස් හෝ ඔවුන්ගේ ව්‍යාපාර අතහැර දමා ගොස් නොමැති බව ප‍්‍රකාශ කිරීමට හැකිවීම මම සතුට පත් වෙමි. ඔවුන් ලොව පුරා රටවලින් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් මේ රට අගය කරන, මෙරට පිළිබඳ අවබෝධයක් ඇති ව්‍යාපාරික ප‍්‍රජාවකි.

 ශී‍්‍ර ලංකාව ගෝලීයකරණයට අවශ්‍ය හැකියාව සහ ධාරිතාව ඇති දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවකින් සමන්විතය. මේ රටේ සමස්ත ආයෝජන, දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 25% ත් 30% ත් අතර ප‍්‍රමාණයක් වන අතර 20% ත් 23% ත් අතර ආයෝජන ප‍්‍රමාණයක් දේශීය ව්‍යාපාරික ප‍්‍රජාව තුළින් නියෝජනය වෙයි. මෑත වසරවලදී රාජ්‍ය ආයෝජන සියයට 5 ක් පමණ වන අතර විදේශ සෘජු ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ට වඩා අඩු මට්ටමක පැවතීම තුළ වුවත් ජාතික ආර්ථිකය ව්‍යාප්ත වී ඇත්තේ දේශීය ආයෝජනය හා ඒවායේ ඵලදායිතාවය තුළයි.

 ශී‍්‍ර ලංකාව විදේශීය රටවල හෝ මෙරට කි‍්‍රයාත්මක වන ඕනෑම ගෝලීය ව්‍යාපාරයක වැඩ කිරීමේ හැකියාව ඇති ඉහළ සාක්ෂරතාවකින් හෙබි ශ‍්‍රම බළකායකින් ද සමන්විත රටකි. රටේ විශාලතම නිෂ්පාදන කර්මාන්තය වන ඇඟලූම් කර්මාන්තය අපගේ තරුණ ශ‍්‍රම බළකාය ඔවුන්ගේ කර්මාන්ත ශාලා පරිසරයට කොතරම් දුරට අනුගතකරගත හැකිද යන්න ඉතා හොඳින් දනී. සංවිධානාත්මක, විශාල වැවිලි සමාගම් විසින් වතුකරයේ ශ‍්‍රම බළකායට කළ හැකි වෙනස තේරුම් නොගැනීම ගැන මම කනගාටු වෙමි. එහෙත් කුඩා වැවිලි කර්මාන්තය ප‍්‍රාථමික ආර්ථික කි‍්‍රයාකාරකම්වල සිට සැකසුුම් හා නිෂ්පාදන පදනම් කොටගත් ඉහළ වටිනකාමින් යුත් අපනයන ආර්ථිකයට ගමන් කරන්නේ කෙසේද යන්න සනාථකොට ඇත. තේ, රබර්, පොල්, කුරුඳු, ගම්මිරිස් සහ වෙනත් කුළුබඩු වලින් සියයට 80 කට වඩා අපනයනය කරන්නේ දේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සපයන්නන් සිටින කුඩා වතු වගාවෙනි. විවිධාංගීකරණය වූ වැවිලි ක්ෂේත‍්‍රය අපනයනයේ විභවතාවය තවමත් පූර්ණ වශයෙන් භාවිතයට ගෙන නොමැත. නුදුරු අනාගතයේදී වැවිලි අංශයේ විශාල ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇත්තේ මේ නිසයි. එහිදී විශේෂයෙන්ම විශාල වැවිලි සමාගම් සතු ඌණ උපයෝජිත ඉඩම් හා ප‍්‍රාග්ධන වත්කම් ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා අවධානය යොමුකර ඇත.

 විදේශ රටවල ආරක්ෂිත නිවාසවල ජීවත් වන 100,000 ක් පමණ ජනතාව මෙරටට ආපසු ගෙන්වා තිබියදීත්, 2020 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 7.4 ක ආදායමක් විදේශ රැුකියාවලින් උත්පාදනයකොට ඇත. රජයේ අභිප‍්‍රාය වනුයේ වඩාත් හිතකර ජීවනෝපාය අවස්ථා උදාකර ගැනීමට හැකිවන පරිදි ලාංකිකයින් විවිධ කුසලතාවලින් ශක්තිමත් කොට ඔවුන්ට ඉහළ වැටුප් සහිත විදේශ රැුකියා අවස්ථා උදාකරදීම හා විදේශ විනිමය ගලාඒම් වැඩිකොට රටට ද වාසිදායක තත්ත්වයක් ඇති කිරීමයි. රජයේ ජාතික සැලැස්මට අනුව 2023 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10 ක විදේශ විනිමයක් ඉලක්ක කරයි. මෙය ශී‍්‍ර ලංකාවට විදේශ සංචිත හා බාහිර මූල්‍ය කටයුතු ශක්තිමත් කිරීමට හැකියාව ඇති තවත් එක් අංශයකි.

 ශී‍්‍ර ලංකාව පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග මුසු වූ දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ගෞරවනීය අධිකරණයක් සහ නීති පද්ධතියක් ඇතුළු ආයතනික පසුබිමක් ස්ථාපනය වී ඇති රටකි. ත‍්‍රස්තවාදී මූල්‍ය කටයුතු හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අවශ්‍ය නීති හා ආයතන ව්‍යුහය ද වසර ගණනාවක් තුළ රට තුළ කි‍්‍රයාත්මක වී ඇත.

 මෙම හිතකර ප‍්‍රවණතා මා විසින් පෙන්වාදෙනු ලැබුවේ අපගේ ආර්ථිකය සහ ජනතාව කෙරෙහි ඔබට විශ්වාසයක් ඇති කිරීම සඳහායි. කෙසේ වෙතත් මෙහිදී අවදානම් සහගතත තත්ත්වයන් ද පවතී. පළමු වැන්න නම්, කතා කිරීමට පවා සුදුසු නොවන, ඉතාමත් පැරණි, කාලාන්තරයක් අතපසු කර ඇති ප‍්‍රතිසංස්කරණයි. මෙම ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාදවීම හේතුවෙන් ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ (DOING BUSINESSE INDEX) ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ 90 වන ස්ථානයයි. ශී‍්‍ර ලංකාව අවම වශයෙන් ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්වලට අදාළව ඉහළම රටවල් 10 සහ 25 අතරට ඇතුළත් කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි. අනෙක් කරුණ වන්නේ යටිතල පහසුකම්වල විශාල විෂමතාවන් පැවතීම සහ අධික විදුලි පිරිවැයයි. පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය යන දෙඅංශයම රටේ වාසිදායක තත්ත්වයන් මතුකර පෙන්වීම සඳහා මනාව සන්නිවේදන නොකිරීම තවත් එක් පසුගාමී කරුණකි. පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකම මෙහිදී මනාව සංවිධානය වී නොමැති අතර, මෙම ආයෝජන සංසදය නිසැකවම ඒ සඳහා මෑතකදී ගනු ලැබූ වැදගත් පියවරක් වනු ඇත. ශී‍්‍ර ලංකාවේ සහ එහි මහජනතාවගේ යහපත උදෙසා කාලෝචිතව තොරතුරු බෙදා හදාගනිමින්, එකට එක්ව වැඩ කිරීම තුළින් එම පණිවුඩය ලොව පුරා ප‍්‍රචලිත කළ හැකියි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජාතික සංවර්ධන අරමුණු හා උපාය මාර්ග සකස්කර ඇත්තේ මෙම රට ඉතා උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා රජය විසින් වඩාත් ප‍්‍රවේශමෙන් සළකා බැලිය යුතු මෙම බහුවිධ ශක්තීන් හා දුර්වලතා මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

 ඔබ සියලූ දෙනාම දන්නා පරිදි ලෝකයේ බොහෝමයක් රටවල් මෙන්ම ශී‍්‍ර ලංකාව ද කොවිඞ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සීමාකාරී නිරෝධායන කොන්දේසීන් යටතේ කටයුතු කරගෙන යනු ලබයි. ඒවා ව්‍යාපාරික සහ මහජන කටයුතු සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම සඳහා සුදුසු ප‍්‍රශස්ත කොන්දේසීන් නොවේ. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ඇති අවදානම් සහගත තත්ත්වයන් මෙන්ම ආර්ථිකය සහ ජාතික ආරක්‍ෂාව කළමනාකරණය කිරීම ජනතාවගේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් එකිනෙකට බැඳී පවත්නා අංශයන් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් මෙහෙයවනු ලබන මෙම රජය විසින් මෙම සියලූම අභියෝග සඳහා නායකත්වය සපයනු ලබන බව නිසැකවම ඔබ වෙත ප‍්‍රකාශ කළ හැකිය. එමෙන්ම, මෙම වසංගතයෙහි ස්වභාවය වෙනස් වීම හේතුවෙන් වරින් වර බලාත්මක කෙරෙන සීමාවන් සහ අනෙකුත් සීමාකාරී කොන්දේසීන් පැවතියද, පැහැදිලි ජනවරමක් සහිත රජයේ සමස්ත ප‍්‍රතිපත්ති රාමුව වන ”සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් බවට පත්කර ගැනීම උදෙසා පශ්චාත් කොවිඞ් – 19 සමාජ, ආර්ථික ප‍්‍රකෘතිමත්භාවය වේගවත් කරලීම සඳහා රජය යුහුසුළුව කි‍්‍රයාත්මක වෙමින් සිටී. ඒ අතුරින් ඔබගේ ප‍්‍රයෝජනය සඳහා වැදගත් වන කි‍්‍රයාමාර්ග කිහිපයක් ඔබ වෙත පෙන්වා දීමට කැමැත්තෙමි.

 පළමුවෙන්ම, රජය විසින් ඉන්දියාවේ විශාලතම වරාය සහ ලොජිස්ටික් ආයෝජන සමාගම වන ”අදානි සමූහ ව්‍යාපාරයේ” ප‍්‍රධාන හුල්කරුවා ලෙසත්, කොළඹ වරාය බටහිර පර්යන්තය පුළුල් කිරීම පිළිබඳ දේශීය හවුල්කරු ලෙස ශී‍්‍ර ලංකාවේ විශාලතම බ්ලූ චිප් (ප‍්‍රධාන* සමාගම වන ජෝන් කීල්ස් සමාගම සහ අදානි සමූහය අතර වසර 35 ක මෙහෙයුමක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි වටිනාකමකින් යුත් BOI ව්‍යාපෘතියක් සඳහා රජය විසින් ඍජු විදේශ ආයෝජනයක් සඳහා ප‍්‍රවේශ වී සිටීමයි. නැගෙනහිර බහාලූම් පර්යන්තය සහ ප‍්‍රාදේශීය කාර්යාල වෘත්තිකයන්ගේ මූලස්ථාන සහ උපස්ථ කාර්යාල සඳහා සාප්පු සවාරි ඇතුළු මූලික යටිතල පහසුකම් වලින් දැනටමත් සමන්විත බැවින් ආරම්භයේ සිටම කොළඹ වරාය නගරය ආකර්ෂණීය මධ්‍යස්ථානයක් වීමට අවශ්‍ය පහසුකම් ශී‍්‍ර ලංකාව සතුයි.

 තව කොටසක් හෙට පත‍්‍රයේ

advertistmentadvertistment
advertistmentadvertistment