ආපදා ගැන 117ට කියන්නලු

48

වර්ෂාව හේතුවෙන් ඇතිවන සියළුම හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර ඇත.

එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්ල පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

මේ අතර දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති බව ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආර්ම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර ඇත.

පොලිස් මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන අතර හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ අනුව 011-2 421820 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන අතර 011-2439212, 011-2013036 හෝ 011-2013039 යන දුරකථන ඔස්සේ ද එම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment