ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

3125

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත මෙම සංශෝධිත සලාක දීමනා ලබාදීමට නියමිත බවය.එසේම අදාළ පවුල් සහ රණවිරුවන් වෙතින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසටය.

advertistmentadvertistment
advertistmentadvertistment