ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (10දා) පෙරවරුවේ ආරක්ෂක ලේකම්වරයා එම සංචාරය සිදුකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පසුගියදා පියවර ගත්තේය.
ආරුගම්බේ රැඳී සිටි විදේශිකයන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දුන් අතර සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 6 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඊයේ පෙරවරුවේ මෙලෙස ආරුගම්බේ ප්‍රදේශයට ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.