ආරච්චිකට්ටුවේ මලින්ද සහ සංජීවනී දෙවැනි ගමනේ සාදය අත්හිටවති

1597

අනවසරයෙන් විශාල පිරිසක් සහභාගි කරවාගෙන උත්සව පවත්වා කොවිඞ් වසංගතය රටපුරා පතුරුවන්න දායක වන සෑම කෙනෙකුටම කදිම ආදර්ශයක් දෙමින් ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ යුවළක් පසුගියදා සිය විවාහ මංගල්‍යයේ දෙවැනි ගමන අවලංගු කිරීමට තීරණය කළහ.

 ආරච්චිකට්ටුව රාජංගදළුව පදිංචි මලින්ද හා කොට්ටපිටිය පදිංචි සංජීවනී ඉකුත් 07 වැනිදා සිය විවාහ උත්සවය චාම්ව පැවැත්වූහ.

 පසුදින තම දෙවැනි ගමන උත්සවය පැවැත්වීමට සියලූ සැලසුම් දියත් කර තිබියදී ගමේ අසල්වාසීන් කිහිපදෙනකුට කොවිඞ් ආසාදනය වී ඇති බව දැන ගත් වහාම පැය කිහිපයක් ඇතුළත එම උත්සවය අවලංගු කිරීමට නව යුවළ තීරණය කළහ.

 උත්සවයට වඩා අසල්වැසියන් වසංගතයෙන්  බේරාගැනීම තමන්ට අවශ්‍ය වූ බවත් ඊට මුල් තැන දුන් බවත් නව යුවළ සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment