ආරවුල් මැදින් – සියවසක සටහන් – 37

161

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැුදීම් සහ වැරැුදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ රතු හමුදාව තුළ ඇතිවුණු ආරවුලක් විසැඳුණු ආකාරය ගැනයි.

1929 ජනවාරි 14 වැනි දා චිං-කං කන්දෙන් පිටත්වෙලා ඇවිල්ලා ඒ අපේ‍්‍රල් මාසය අග දී රුයි-චිං මුල් කරගෙන ස්ථාවර මූල කඳවුරක් පිහිටුවා ගන්න චූ – මා ඕ රතු හමුදාවට (රතු හමුදාවේ හතරවැනි සේනාවට) පුළුවන් වුනා. මේ කාලය වෙද්දි කු ඕ-මින්-තං පාර්ශ්වය ඇතුළේ මහා අර්බුදයක් මෝරමින් තිබුණු හින්දා රතු හමුදාව මර්දනයට මුළුමනින්ම යොමුවීමේ ඉඩක් චියං කායි-ෂෙක්ට තිබුණේ නෑ. ඉතින් මේ අවසරයෙන් රුයි-චින් ප‍්‍රදේශය මුල් කරගත්ත චූ – මා ඕ රතු හමුදාව වේගයෙන් වර්ධනය වෙන්න පටන්ගත්තා.

ආරවුල් මැදින් - සියවසක සටහන් - 37

මේ වෙද්දි චීනයේ තවත් බොහෝ ප‍්‍රදේශවල රතු හමුදාවේ සේනා හැදීම ආරම්භ කරලා තිබුණත් මා ඕ ත්ස-තුං සහ චූ ත නායකත්වය දීපු හතරවැනි සේනාව තමයි පොදු නිෂ්පාදන පක්‍ෂය සතු ශක්තිමත් ම සන්නද්ධ බලය බවට පත්වෙලා තිබුණේ. ඒ හින්දා ෂං-හයි නුවර ක‍්‍රියාත්මක වෙච්ච පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ මූලික අවධානය යොමු වුනෙත් මේ සේනාවේ වැඩකටයුතුවලට.

පිරිස් බලය වැඩිවීමත් සමඟ ම චූ – මා ඕ රතු හමුදාව ඇතුළේ ආරවුලක් නිර්මාණය වෙන්න පටන්ගත්තා. රතු හමුදාවේ භටයන් විසින් කළ යුත්තේ යුද්ධකිරීම පමණක් නොවන බව මා ඕ ත්ස-තුං අවධාරණය කළා. මිනිසුන් අතරට ගිහිල්ලා ඒ අයගේ වැඩකිරීමටත් දේශපාලන පංතිවලට සහභාගී වෙලා ඒ පැත්තට අදාළ විඥානය වර්ධනය කරගැනීමටත් රතු හමුදාවේ භටයෝ කැපවෙන්න ඕන කියලා ඔහු කිව්වා. ඒ වගේ ම, මේ අදහස ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළකුත් ඔහු හඳුන්වලා දුන්නා.

මේ අමතර වැඩ හින්දා තමන්ගේ සටන්කිරීමේ ශක්තිය පිරිහෙන බව හුඟක් අය හිතුවා. මෙහෙම හිතපු පිරිස අතර වැඩියෙන් හිටියේ රතු හමුදාවට අලූ‍තින් සම්බන්ධ වෙච්ච අය. ඒත් ඒ වෙද්දි මේ අලූ‍ත් පිරිස හමුදාවේ බහුතරය බවට පත්වෙලයි හිටියේ. ඉතින් මේ හඬ පොඩි එකක් වුනේ නෑ. මේ විදිහට ඉස්සරහට එන විරෝධය සාධාරණයි කියලා චූ ත පවා හිතුවා. ඉතින් මේ කාරණය මුල් කරගෙන මා ඕ ත්ස-තුං සහ චූ ත අතරත් ආරවුලක් මෝරන්න පටන්ගත්තා.

ආරවුල් මැදින් - සියවසක සටහන් - 37

චූ – මා ඕ රතු හමුදාව (රතු හමුදාවේ හතරවැනි සේනාව) ඇතුළේ පක්‍ෂ සංවිධාන තුනක් තිබුණා. හූ-නන් පළාත් පෙරමුණු කොමිසම, හූ – නන් සහ චියං-ශි විශේෂ කොමිසම, හතරවැනි සේනාවේ හමුදා කොමිසම කියන විදිහට තමයි ඒවා පිහිටුවලා තිබුණේ. හූ-නන් පෙරමුණු කොමිසම තමයි පක්‍ෂයේ සෘජු නියෝජන ආයතනය විදිහට ක‍්‍රියාත්මක වුනේ. ඒ කොමිසමේ ලේකම් විදිහට වැඩ කළේ මා ඕ ත්ස-තුං. හමුදා කොමිසමේ ලේකම් ධුරය පවරලා තිබුණේ චූ ත සෙනෙවියාට. ඉතින් හමුදාව කරන්න ඕන වැඩ සම්බන්ධයෙන් තමන්ට තීරක බලයක් තියෙනවා කියලා චූ ත කිව්වා. ඒත් මේ හමුදාව පක්‍ෂයේ නායකත්වයට යටත් හින්දා ඒ හා සම්බන්ධ තීරක බලය තියෙන්නේ පෙරමුණු කොමිසමට කියලා මා ඕ ත්ස-තුං කිව්වා.

මේ ආරවුල තීව‍්‍ර කරන්න බලපාපු තව කාරණයකුත් ඒ වෙද්දි ඉස්සරහට ඇවිල්ලා තිබුණා. ඒ කාරණය ඉස්මතුවුනේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීරණයක් මුල් කරගෙන.

රතු හමුදාව හරහා මා ඕ ත්ස-තුංගේ සහ චූ තගේ බලය වැඩිවෙන එක ගැන අසතුටින් හිටිය පිරිසක් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළේ හිටියා. ඉතින් ඒ දෙන්නා රතු හමුදාවෙන් අයින් කරලා වෙනත් වැඩවලට යොදන්න ඕන කියලා ඒ පිිරිස කියන්න පටන්ගත්තා. යෝජන්‍ාවක් විදිහට මේ අදහස ඉදිරිපත් කරලා මධ්‍යම කාරක සභාව ඇතුළේ ඒක සම්මත කරගන්නත් ඒ අයට පුළුවන් වුනා. ඉතින් චිං-කං කන්දේ ඉඳලා රුයි-චින් දක්වා ගමන යන අතර ම (1929 පෙබරවාරි මාසයේ දී) මේ අදහසට අදාළ විධානයත් නිකුත් කෙරුණා. හතරවැනි සේනාව කුඩා ප‍්‍රමාණයේ බල ඇණිවලට බෙදලා හූ-නන් දකුණු ප‍්‍රදේශය, චියං-ශි දකුණු සහ නැගෙනහිර ප‍්‍රදේශය ආශ‍්‍රිතව වෙන වෙන ම ස්ථානගත කළ යුතු බවත් මා ඕ ත්ස-තුං සහ චූ ත දෙන්නා රතු හමුදාව අත්හැරලා ෂං-හයි නගරයට ඇවිල්ලා පක්‍ෂයේ දේශපාලන වැඩට හවුල්විය යුතු බවත් ඒ විධානයෙන් දන්වලා කිබුණා.

මා ඕ ත්ස-තුං ලිඛිතව ම මේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කළා. තමන්ගේ තීරණයට අදාළ කරුණු ඔහු ඒ ලිපියෙන් විස්තර කරලා තිබුණා. පෙරමුණු කොමිසමේ ලේකම් විදිහට මා ඕ ත්ස-තුං නියෝජනය කරන්නේ පක්‍ෂය. ඒත් පක්‍ෂයේ නායකත්වය රතු හමුදාවට ලැබෙන්න ඕන කියන ඔහු ම පක්‍ෂයේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කරනවා. ඉතින් චූ ත සහ මා ඕ ත්ස-තුං අතර ඇතිවෙලා තිබුණු ආරවුල මේ කාරණය මුල් කරගෙන තව තවත් වර්ධනය වුනා.

මා ඕ ත්ස-තුංගේ ලිපිය ලැබුණාට පස්සේ හතරවැනි සේනාවේ තත්ත්වය පරීක්‍ෂා කරලා බලන්න ඕන කියලා පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒ ගැන හොයලා බලලා වාර්තාවක් දෙන්න කියන වගකීම පක්‍ෂය විසින් පැවරුවේ ලියු අන්-කුං කියන පුද්ගලයාට. ඒ සඳහා අවශ්‍ය බලතල ලබාදීම සඳහා මධ්‍යම කාරක සභාව විසින් හතරවැනි සේනාවේ හමුදා කොමිසමේ ලේකම් තනතුරටත් දේශපාලන කොමිසමේ අධ්‍යක්‍ෂ තනතුරටත් ඔහුව පත් කළා.

ලියු අන්-කුං කියන්නෙත් චූ ත සහ ඡුන් යී වගේ ම ස-ඡුුවාන් පළාතේ ඉපැදිච්ච කෙනෙක්. 1899 අවුරුද්දේ ඉපැදුණු ඔහු වයස අවුරුදු 18 දී ජර්මනියට ගියා. ඒ රටේ ඉගෙනගන්න අතර ම ඔහු කොමියුනිස්ට් අදහස් වැළැඳගත්තා. ඔහු නැවතත් චීනයට ආවේ 1924 අවුරුද්දේ. ඉතින් ඉගෙනගන්න කියලා 1922 දී ජර්මනියට ගිය චූ ත සෙනෙවියා

මුණගැහිලා ඇයිහොඳැයිකම් ඇති කරගන්නත් ඔහුට පුළුවන් වුනා. ආපහු ආවට පස්සේ ඔහු ස-ඡුුවාන් පළාතේ හමුදා ලොක්කාගේ (යං සන්ගේ) හමුදාවේ නිලධාරියෙක් විදිහට වැඩ කළා.

”උතුරු ප‍්‍රයාණය” මෙහෙයුමට යං සන් සම්බන්ධ කරගැනීමේ වගකීම පැවරිලා තිබුණේ චූ ත සහ ඡුන් යී දෙන්නාට. ඉතින් ඒ වෙනුවෙන් ස-ඡුුවාන් පළාතට ගිය වෙලාවේ ඒ දෙන්නා ලියු අන්-කුංවත් මුණ ගැහුණා. මේ තුන් දෙනාම ස-ඡුුවාන් පළාතේ අය. ඒ වගේ ම, ජර්මනියේ සහ ප‍්‍රංශයේ ඉගෙනගත්ත අය. ඉතින් මේ හැම කාරණයක් හින්දා ම තුන්දෙනා අතර හිතවත්කම තව තවත් තහවුරු වුනා. 1927 අගෝස්තු 1 වැනි දා ක‍්‍රියාත්මක කරපු නන්-ඡුං නැගිටීමටත් ලියු අන්-කුං සහභාගී වුනා. (මේ ලිපි මාලාවේ 23 සහ 24 කොටස්වලින් නන්-ඡුං නැගිටීම ගැන කියලා තියෙනවා).

නන්-ඡුං නැගිටීමට සම්බන්ධ වෙච්ච හමුදා දකුණේ කුවං-තුං පළාතේ දී හතුරු ප‍්‍රහාරවලින් විනාශවුනාට පස්සේ ලියු අන්-කුං ගියේ ෂං-හයි නගරයට. ඔහු එතැනින් සෝවියට් දේශයට ගිහිල්ලා හමුදා පුහුණුවක් ලබාගත්තා. ඒ කාලය තුළ දී ඔහු ජෝෂප් ස්ටාලින් මුණ ගැහුණු බවත් ස්ටාලින් විසින් දීපු පිස්තෝලයක් ඔහු ලඟ තිබුණු බවත් කියනවා. ඒ පිස්තෝලය ස්ටාලින්ගේ නමත් කොටපු එකක්. ඉතින් ලියු අන්-කුං කියන්නේ සුළුපටු පුද්ගලයෙක් නෙවෙයි. අවුරුදු එක හමාරක විතර පුහුණුවෙන් පස්සේ ආපහු ෂං-හයි නගරයට ආපු ඔහුට පක්‍ෂය විසින් පවරපු මුල් ම රාජකාරිය වුනේ චු – මා ඕ රතු හමුදාවේ තත්ත්වය ගැන හොයලා බලලා වාර්තාකිරීම.

රුයි-චිං ප‍්‍රදේශයට ආපු ගමන් ම ලියු අන්-කුං තමන්ගේ පරණ හිතවත්කම් මත පදනම් වෙලා චූ ත සෙනෙවියාගේ පැත්ත ගත්තා. පක්‍ෂයේ නියෝග ප‍්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහු මා ඕ ත්ස-තුංව විවේචනය කළා. හමුදාව සම්බන්ධ තීරණගැනීමේ දී හමුදා කොමිසමට විශේෂිත බලයක් තිබිය යුතු බවත් ඔහු අවධාරණය කළා. ඒත් එක්කම මා ඕ ත්ස-තුං තනිවුනා.

හතරවැනි සේනාවේ හත්වැනි නියෝජිත සම්මේලනය පැවැත්තුවේ 1929 ජුනි 22 වැනි දා. පෙරමුණු කොමිසමේ ලේකම්වරයා නියෝජිතයන්ගේ ඡුන්දයෙන් තෝරා පත් කරගත යුතු බව ඒ රැුස්වීමේ දී තීරණය කෙරුණා. මේ තනතුර වෙනුවෙන් යෝජනා කෙරුණේ මා ඕ ත්ස-තුං, ලියු අන්-කුං සහ ඡුන් යී කියන තුන්දෙනාගේ නම්. මා ඕ ත්ස-තුං කියන්නේ හොඳින් හිතලා බලලා යම් අදහසකට එළැඹුණාම ඒ වෙනුවෙන් නොවෙනස්ව පෙනී ඉන්න කෙනෙක්. ඒ විදිහට හඳුනාගත්ත අදහසේ එල්බගෙන, ඒ වෙනුවෙන් ස්ථීරසාර විදිහට කතා කරන, පදනමක් නැතුව ඒ අදහස් විවේචනය කරන අයත් එක්ක ගැටෙන සිරිතක් ඔහු තුළ තිබුණා. ලියු අන්-කුං කියන්නේ විශේෂිත කෙනෙක් වුනත් ඔහු ආගන්තුකයෙක්. ඒ දක්වා ම හතරවැනි සේනාවේ දේශපාලන අංශය භාරව හිටියේ ඡුන් යී. ඔහු හැම පාර්ශ්වයක් එක්කම ඉතා හොඳ සම්බන්ධයක් ගොඩ නගාගෙන හිටිය කෙනෙක්. ඉතින් පෙරමුණු කොමිසමේ ලේකම් විදිහට මේ නිලවරණයෙන් තේරුණේ ඡුන් යී. ඒ සමඟ ම, මා ඕ ත්ස-තුංට පෙරමුණු කොමිසමේ තීරක බලය අහිමිවුනා.

කලින් අවස්ථා ගණනාවක දී ම පක්‍ෂයේ ඉහළ තීරණ හින්දා තමන්ට තනතුරු අහිමිවෙලා තිබුණත් මා ඕ ත්ස-තුං ඒ ගැන කම්පාවුනේ නෑ. ඒත් මේ වතාවේ ඔහුව තනතුරෙන් ඉවත් කළේ ඉහළින් නෙවෙයි. ඒ තීරණය ඔහුගේ නායකත්වය යටතේ ඉස්සරහට ආපු අය විසින් ගත්ත එකක්. ඉතින් ඔහු රතු හමුදාවේ වගකීම්වලින් ඉවත්වුනේ හිත සතුටින් නෙවෙයි. තනතුර අහිමීවීමෙන් පස්සේ මා ඕ ත්ස-තුං ගියේ ෆූ-චියැන් පළාතේ බටහිර ප‍්‍රදේශයේ ගම්මානවල දේශපාලන කටයුතු මෙහෙයවන්න. ඔහුත් සමඟ ඔහුගේ ලේකම් විදිහට කටයුතු කරපු හ ත්ස-චන් සහ ඔහුගේ ආරක්‍ෂකයා එකතුවෙලා හිටියා. (මේ ලිපි මාලාවේ 27 වැනි කොටසින් හ ත්ස-චන් ගැන කියලා තියෙනවා).

ගෙදරින් පිටවෙලා ගතවෙච්ච අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ පවුලේ අය සම්බන්ධ කරගන්න මා ඕ ත්ස-තුංට බැරිවුනා. චිං-කං කන්දේ ඉන්න කාලයේ ලැබුණු ආරංචිවලින් කියැවුණේ ඔහුගේ බිරිඳ යං කැයි-හුයි සහ දරුවන් හතුරා විසින් මරා දමා ඇති බවක්. චිං-කං කන්දේ ඉඳලා රුයි-චින් ප‍්‍රදේශයට පැමිණීමෙන් පස්සේ ඔහුගේ ගෙදරට තියෙන දුර තවත් වැඩිවුණා. ඉතින් තමන්ගේ පවුල ගැන ආරංචියක් ලබාගැනීමේ ක‍්‍රමයක් ඔහුට තිබුණේ නෑ. ලැබුණු නරක ආරංචිවලින් පස්සේ හදාගෙන හිටිය ඔහුගේ හිත ජුනි 22 වැනි දා රැුස්වීමෙන් පස්සේ ආයෙත් බිඳ වැටුණා. මේ වෙලාවේ ඔහුගේ උදව්වට හිටියේ හ ත්ස-චන් විතරයි. ඉතින් මේ දවස්වල ම මා ඕ ත්ස-තුං සහ හ ත්ස-චන් අතර විවාහය සිද්දවුනා.

ඒත් තව දවස් කීපයක් ගත වෙද්දි මා ඕ ත්ස-තුංට මැලේරියාව වැළඳුණා. ඉතා අසාධ්‍ය මට්ටමට පත්වෙලා හිටියත් විශේෂ ප‍්‍රතිකාරයක් ලබාගන්න විදිහක් ඔහුට තිබුණේ නෑ. වාසය කරපු ගම්මානයේ හිටිය වෙදමහත්තයෙක් ඔහුට ප‍්‍රතිකාර කළා. මා ඕ ත්ස-තුං මැලේරියාව වැළඳිලා ඉතාමත් අසාධ්‍යව ඉන්නවා කියන තොරතුර වේගයෙන් පැතිරුණා. මේ තොරතුර චියං කායි-ෂෙක්ටත් අහන්න ලැබුණා. මා ඕ ත්ස-තුං මියගිය බවටත් තොරතුරු පැතිරුණා. ඒ ගැන අහලා ජෝෂප් ස්ටාලින් විසින් නිකුත් කරපු සංවේගය පළකිරීමේ නිවේදනයක් ගැනත් කියැවුණා.

රතු හමුදාවේ පවතින තත්ත්වය වාර්තා කරන අදහසින් ඒ අගෝස්තු මාසයේ අග භාගයේ දී ෂං-හයි නගරයට ඡුන් යී ආවා. ඒ කාලය තුළ පෙරමුණු කොමිසමේ වැඩ කිරීමේ වගකීම චූ ත සෙනෙවියාට පවරලයි තිබුණේ. ඡුන් යී ඉදිරිපත් කරපු වාර්තාවට චෝ අන්-ලයි සහ ලී ලී-සන් සවන් දුන්නා. මා ඕ ත්ස-තුං විසින් ඉදිරිපත් කරලා තිබුණු අදහස් නිවැරැුදි බව මධ්‍යම කාරක සභාව තේරුම්ගත්තා. රතු හමුදාවේ සෑම සෙබලෙක් ම පක්‍ෂයේ දේශපාලන මතයට අනුගත විය යුතු බවත් ඒ අය පක්‍ෂයේ නායකත්වය යටතේ සටන් කළ යුතු බවත් මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒ වගේ ම, පෙරමුණු කොමිසමේ ලේකම් තනතුර මා ඕ ත්ස-තුංට පැවැරිය යුතු බවත් ඒ අය තීන්දු කළා. මෙම තීරණ ඇතුළත් කරලා මධ්‍යම කාරක සභාව විසින් නිකුත් කරපු වාර්තාව ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ ”සැප්තැම්බර් ලිපිය” කියන නමින්.

මා ඕ ත්ස-තුංට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය බෙහෙතුත් ඇරගෙනයි ඡුන් යී ආපහු රුයි-චින් මූල කඳවුරට ආවේ. ඒ කාලය තුළ කරපු සටන් සෑහෙන ප‍්‍රමාණකින් රතු හමුදාවට ගොඩක් අලාභහානී සිද්දවෙලා තිබුණා. 1929 ඔක්තෝබර් 24 වැනි දා කරපු සටනක දී ලියු අන්-කුංගේ ජීවිතයත් නැතිවුණා. ඉතින් මා ඕ ත්ස-තුංගේ නායකත්වය නැතුව තවදුරටත් සටන් කරන්න බැරි බව චූ ත සහ ඡුන් යී හොඳින් ම තේරුම්ගත්තා.

1929 නොවැම්බර් 26 වැනි දා චූ ත සෙනෙවියා සහ ඡුන් යී දෙන්නා එකතුවෙලා ගිහිල්ලා මා ඕ ත්ස-තුං මුණගැහුණා. නැවතත් නායකත්වය භාරගන්න කියලා ඒ දෙන්නා ඔහුගෙන් ඉල්ලූ‍වා. මේ ඉල්ලීම ඉටුවුණේ 1929 දෙසැම්බර් 28 සහ 29 දවස් දෙකේ දී පවත්වපු කූ-ථියැන් සම්මේලනයේ දී.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment