මාස 12 ක කාලයක් ඇතුළත ආර්ජන්ටිනාවට දෙවැනි ජාත්‍යන්තර පාපන්දු ශූරතාවයත් හිමිකර දෙමින් පෙරේදා (02 වෙනිදා ) ඉතාලිය සමඟ පැවැති තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වූයේය. දකුණු ඇමෙරිකානු කලාපයේ ශූරයන් ලෙස ආජන්ටිනාවත් යුරෝපා කලාපයේ ශූරයන් ලෙස ඉතාලියත් අතර පැවති එම තරගයේ ලද ජයග්‍රහණය ශූරයන්ගෙත් ශූරයා ජයග්‍රහණයක් විය.
මෙවැනි තරගයක් පැවති තෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පැවැති එම තරගවල ජයග්‍රහණ සඳහා හිමිකම් කීමට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව සමත්වී තිබුණි.
ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි.