ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආර්ථිකයේ සියලුම වාර්තාකරුවන්ගේ කැපවීම අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පෙර නොවූ ආකාරයේ ගෙවුම්ශේෂ පීඩනයන් සහ ආර්ථිකයේ සෑම අංශයකම වර්තමානයේ අත්විඳින දැඩි පීඩනයන් හමුවේ විදේශීය අංශයේ සහ සමස්ත ආර්ථිකයේ ස්ථායිතාව සහතික කිරීමට මෙසේ සියලු පාර්ශ්වකරුවන්ගේ කැපවීම අවශ්‍ය බවට මහ බැංකුව නිකුත් කළ නවතම මුල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන්වේ.
දේශීය මුදලේ ස්ථායිතාව සහ ශ්‍රී ලංකා රුපියලේ බාහිර ස්ථායිතාව සහතික කිරීම සඳහා මහ බැංකුව විසින් හඳුන්වාදෙන ලද ක්‍රියාමාර්ග සඳහා රජය සතු වාණිජ ව්‍යාපාර, පෞද්ගලික අංශයේ ආයතන සහ බැංකු මෙන්ම බැංකු නොවන ආයතන යනාදියේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල සහාය අවශ්‍ය බවද මහ බැංකුව කියයි.
එසේම අර්බුද කළමනාකරණයට එවැනි ඒකාබද්ධ ප්‍රතිචාර මගින් මහජන සහයෝගය සහතික කරනු ඇති අතර ඉදිරි කාලයේ දී ආර්ථික කටයුතු සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට උපකාරී වනු ඇති බවද මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත