ආර්ථික අර්බුදය මැද ‘රට මීටරේ’ 50,000 කින් නගී

211

මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසුව වසරකට කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස්දහසකින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම පිරිසට අමතරව කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ ක්‍රම හරහා විදෙස් ගතවන පිරිස ගත් කල මෙම ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බව ද කාර්යාංශය කියා සිටී.

කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂ පනස් දහසක පමණ පිරිසක් වසරකට විදේශ රැකියා සඳහා පිටව ගිය අතර මේ වනවිට එහි ප්‍රමාණය තුන්ලක්ෂයක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන පිරිසෙන් සියයට අසූවක්ම මැද පෙරදිග රටවලට යන බවද සංඛ්‍යා දත්තවලින් තහවුරු වී ඇත. මොවුන්ගෙන් සියයට විසිපහක්ම ගෘහ සේවය සඳහා යන අයයි. ඒ අනුව මැද පෙරදිග නොවන රටවලට යන පිරිස සියයට විස්සකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment