ආර්ථික පරිවර්තන පනතින් ආයෝජන ක්‍ෂේත්‍රයම අර්බුදයක

70

BOI වෘත්තීය සමිති සන්ධානය විරෝධය පළ කරයි

යෝජිත ආර්ථික පරිවර්තන පනත නිසා මෙරට මුළු ආයෝජන ක්‍ෂේත්‍රයම අර්බුදයකට ලක්වනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම නිසා අනිද්දා (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම පනතට එම සංගමය දැඩි විරෝධය පළ කර සිටී.

ආයෝජන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හෝ ආයෝජකයන්ගෙන් කිසිදු අදහසක් විමසීමකින් තොරව ඉතා සුළු පිරිසකගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා මෙම පනත සකසන ලද බවත්, මේ පනත ක්‍රියාත්මක වුවහොත් ආර්ථික අර්බුදය හමුවේ පවා රට හැර නොගිය ආයෝජකයන් රට හැර යෑමේ ඉතා භයානක තත්ත්වයක් ඇතිවනු ඇති බවටත් එම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment