ආර්ථික පරිවර්තන-රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් අද මැතිසබයට

32

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අද (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පනත් කෙටුම්පත් මීට පෙර ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් අතර පසුව ඉකුත් 14 වැනිදා එය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම, ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම ආදිය සඳහා ආර්ථික පරිවර්තන පනතින් විධිවිධාන සලසනු ලබයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment