ආර්. සම්පන්දන් ශෝක පණිවුඩ – ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් උදෙසා තම ජීවිතයම කැප කළා

48

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

තමා හා අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා 1977 එකටම පාර්ලිමේන්තුවට පැමිණි බවත් මෙරට ජනවාර්ගික ගැටලුව උදෙසා තිරසාර විසඳුමක් ලබාදීමේ කාර්යයට තම ජීවිතයම කැපකළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශෝක පණිවුඩයකින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එම පණිවුඩයේ මෙසේද දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද, 2015 සිට 2018 දක්වා විපක්ෂනායකවරයා ලෙස ද සේවය කරමින්, එක්සත් සහ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීමට හඬ නැඟුවේය. ඔහුගේ දැක්ම සහ නායකත්වය දෙමළ ජාතික ව්‍යාපාරයට ප්‍රජාතන්ත්‍රවාදී ශක්තියක් මෙන්ම හැඩයක්ද එක් කළේය.

යුක්තිය, සාධාරණය, සමානාත්මතාවය හා සාමය වෙනුවෙන් හැමවිටම ඔහු පෙනී සිටියේය. ලාංකේය ජාතිය තුළ බෙදීම් සමනය කිරීමටත්, විවිධ ජනකොටස් අතර අවබෝධය හා සහෝදරත්වය පෝෂණය කරලීමටත් ඔහු වෙහෙසවීය.

ජනාධිපති අවසන් ගෞරව දක්වමින්…

ආර්. සම්පන්දන් ශෝක පණිවුඩ - ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් උදෙසා තම ජීවිතයම කැප කළා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ඊයේ (02) පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්කම් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතීන් හා ආගම් අතර එකමුතුභාවය තහවුරු කළ විශිෂ්ට ජාතික නායකයෙක් – විපක්ෂ නායක

ආර්. සම්පන්දන් ශෝක පණිවුඩ - ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් උදෙසා තම ජීවිතයම කැප කළා

ආර්. සම්බන්ධන් මහතාගේ හදිසි අභාවය ගැන තමා බලවත් සේ කණගාටුවටත් කම්පාවටත් පත්වන බවත් සම්බන්ධන් මහතා ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු මෙන්ම විශිෂ්ඨ ජාතික නායකයෙකු බවත් රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි ජාතීන්, ආගම් අතර ජන කොට්ඨාස අතර සහෝදරත්වය මිත්‍රශීලීත්වය සංහිඳියාව එකමුතුභාවය තහවුරු කළ මෙරට සියලු‍ම පළාත්වල දිස්ත්‍රික්කවල ජනතාව එක හා සමානව සැලකූ ජන නායකයකු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එතුමාගේ හදීසි අභාවය රටටත් ජනතාවටත් සංහිඳියාවටත් ජාතික එකමුතුභාවයටත් විශාල පාඩුවක් බවත් විශේෂයෙන්ම සම්බන්ධන් මහතා ඉටු කළ ඒ ඓතිහාසික ගෞරවනීය සේවාව හැමදාම සමරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ කොළඹ පැවැතිඅභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment