ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම සමත්විය. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කරමිනි. ඒ අනුශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයට හිමිකම්කීමටද රෙඩ්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි.
ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රෙඩ්ස් කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වා ගනිමිනි.
පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත් වූහ.
රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි.
තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්
දක්ෂතම පන්දු යවන්නා – ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)
දක්ෂතම පිතිකරුවා – කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)
තරගාවලියේ වීරයා – අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)
බ්ලූස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 136 යි – (ළහිරු උදාර 37, ධනංජය ද සිල්වා 25, අෂේන් බණ්ඩාර නොදැවී 40, මහීෂ් තීක්ෂණ 22/2, අසිත ප්‍රනාන්දු 31/2)
රෙඩ්ස් පිල පන්දුවාර 16.5 කදී කඩුලු 3 ට ලකුණු 137 යි – (ලසිත් කෲස්පුල්ලේ 25, කුසල් මෙන්ඩිස් නොදැවී 56, කමිඳු මෙන්ඩිස් 18, වනිඳු හසරංග නොදැවී 24, ප්‍රවීන් ජයවික්‍රම 34/2)
කසුන් රණවීර