ආලෝක වර්ෂ බිලියන අටකට පෙර විශ්වයේ සිදු වූ විශාලතම පිපිරීම තාමත් නිරීක්‍ෂණය කරන්න පුළුවන්

280

බටහිර තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් විශ්වයේ සිදුව ඇති දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කර ඇත. ඒ බව නිවේදනය කර තිබේ.

‘ඒ ටී 2021එල් ඩබ්ලිව් එක්ස්’ යනුවෙන් නම් කර ඇති මෙම දැවැන්ත පිපිරීමෙන් නිකුත්ව ඇති ආලෝකය ‘සුපර්නෝවා’ නමැති තාරකාවක් පිපිරීමෙන් විහිදෙන ආලෝකයට වඩා දස ගුණයක් දීප්තිමත් බවත් එම ආලෝකය වසර තුනක් දර්ශනය වී ඇති බවත් එංගලන්තයේ සදම්ප්ටන් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය පිලිප් වයිස්මන් පවසයි.

තාරකා විද්‍යාඥයන්ගේ අධ්‍යයනයට අනුව පෘථිවිය වසර බිලියන හයක් පමණ පැරණි වුවද මෙම පිපිරීම සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියන අටකට පෙරය. පිපිරීම පැරණි වුවද එය තවමත් දුරේක්ෂයන් ජාලයකින් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ආචාර්ය වයිස්මන් කියයි.

සාමාන්‍ය සුපර්නෝවා වර්ගයේ තාරකාවක පිපිරීමෙන් නිකුත් වන ආලෝකය දර්ශනය වන්නේ මාස කිහිපයක් පමණක් බව පවසන එම පිපිරීම නිරීක්ෂණය කරන ලද පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය වයිස්මන්, මෙම දැවැන්ත පිපිරීම සූර්යයාට වඩා දහස් ගුණයක් විශාල වායු වලාකුළක් හේතුවෙන් ඇති වී තිබෙන බව සඳහන් කරයි. මෙම වායු වලාකුළේ කොටස් පිපිරීමෙන් අනතුරුව ගිලී ගොස් කළු කුහරයක් වටා දූවිලි තට්ටුවක් මෙන් අහසේ දිස්ව ඇති බව ඔහු අවධාරණය කර තිබේ.

මෙම පිපිරීමෙන් නිකුත් වූ ආලෝකය 2020 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි ‘ස්විකි’ නමැති නිරීක්ෂණාගාරයක් මගින් මුලින්ම නිරීක්ෂණය කර වාර්තා කර තිබිණි
ඒමන්ති මාරඹේ


advertistmentadvertistment