“ආවා” ලීඩර් විනෝදන්ට  යාපනයේදී කඩු ප්‍රහාරයක්

681

කප්පම් ලබා ගැනීම සඳහා යාපනයේ ක්‍රියාත්මක වන “ආවා” කල්ලියේ නායක විනෝදන් නැමැත්තාට යාපනයේදී 18 දා කඩු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී මෙම කඩු ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයට පුද්ගලයින් දොළොස් දෙනෙකු පමණ යතුරු පැදි වලින් පැමිණි බව සිද්ධිය සියැසින් දුටුවෝ පොලිසියට ප්‍රකාශ කොට තිබේ. කඩු ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටින ආවා කල්ලියේ නායකයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනයේ තෙලිප්පලෙයි පොලිසිය මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර පොලිසිය ප්‍රකාශ කළේ ආවා කල්ලියට විරුද්ධ තවත් කල්ලියක සාමාජිකයින් පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කොට ඇති බවයි. ආවා කල්ලියේ නායකයාට කඩු ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සෙසු පුද්ගලයින් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. තෙලිප්පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment