සරසවි සිසුවකු විසින් භික්‍ෂුන් වහන්සේ නමකගේ කනට ගසා ඇති බව පසුගියදාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසුවේය. භික්‍ෂුවට පහරදුන් කාලකණ්ණියාගේ අත පය විසන්ධි කිරීම මේ රටේ ශාසන ලැදි ජනතාවට බාරය. ඒ අතර අපට නැඟෙන ප්‍රශ්නය වන්නේ ගිහියෙකුගෙන් කනේ පහර කෑමට තරම් තත්ත්වයකට මේ රටේ ඇතැම් භික්‍ෂුවක් පත්වූවේ මන්ද යන්න ය.
භික්‍ෂු සසුන විනාශ කිරීමේ කුමන්ත්‍රණ බුද්ධ කාලයේදී පවා තිබිණි. දේවදත්ත යනු එවැනි කුමන්ත්‍රණ ඒජන්ත කෙනෙකි. බුද්ධ ශාසනය දෙකඩ කිරීමට තැත් කළ නමුදු දේවදත්ත අපායට ගිය බවත්, එතැනදී දරුණු වධයට ලක්කෙරුණු බවත් දැන ගන්නට තිබේ. මේ රටේ භික්‍ෂුන් වහන්සේ බිස්නස්වලට යෑම මේ රටේ ශාසන පරිහානියේ ආරම්භය විය යුතුය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා සමඟ තරහ වූ නැව් සමාගම් අධ්‍යක්‍ෂ මාපිටිගම බුද්ධරක්ඛිත නමැති චීවරධාරියා තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියා ලවා අගමැතිතුමා මැරවීය. එයින් පසු මේ රටේ සංඝ සමාජය පොදු ජනතාව ඉදිරියේදී ඉතාම අපහසුතාවකට පත්විය. උදාහරණයක් වශයෙන් රටේ ඇතැම් පළාත්වල පන්සල්වලට දානය දීමෙන් පවා එකල ජනයා වැළකී සිටියහ. තවත් බොහෝ දේ සිදු වූ නමුත් ඒවා මෙහි සඳහන් කරනු නො ලැබේ. භික්‍ෂු ජීවිතය යනු දරාගෙන සිටීමට නොහැකි තරම් දුක් කන්දරාවකි. මිනිසුන් සිතන්නේ සිවුරු පොරවාගෙන ගතකරන පන්සල් ජීවිතය ඉතාම පහසු ජීවිතයක් ලෙස ය. ඒ ගැන ද වැඩි විස්තර මෙහිදී සඳහන් නොකරමු. කෙසේ වුවද අගමැති බණ්ඩාරනායක මැරීමෙන් පසු මේ රටේ සංඝ සමාජය සම්පූර්ණයෙන් ම දියව යනු ඇතැයි ඇතැම් අන්‍ය ආගමිකයෝ අපේක්‍ෂා කළහ. එය සිදුවුණේ නැත. එහෙත් මේ රටේ සංඝ සමාජයේ ඇතැම් කොටස් මෙකල හැසිරෙන ආකාරය අනුව පෙනී යන්නේ භික්‍ෂුන් වහන්සේට ඉතා නරක අනාගතයක් උදාවීමට ඉඩ ඇති බවය. කිසි විටෙකත් එසේ නොවේවා! අපේ ප්‍රාර්ථනය එසේ නමුදු පසුගියදා මේ රටේ ප්‍රමුඛ භික්‍ෂුවක් කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක සහ තමා අතර තිබෙන බිස්නස් ඩීල් එකක් හෙළිදරව් කළහ. මෙය නිකම් ඩීල් එකක් නොව V 8 බිස්නස් එකකි. මීට අමතරව තමන් අධ්‍යක්‍ෂ ධුරය දැරූ පොල්තෙල් කොම්පැණියක රුපියල් කෝටි 5 ක අගරු චෙක්පත් දුන් මෙරට ප්‍රසිද්ධ භික්‍ෂුවක් මේ දිනවල රිමාන්ඩ් එකේ පරාල ගණන් කරමින් වැඩ වාසය කරති. භික්‍ෂුන් වහන්සේ දේශපාලනයට පැමිණීම මේ රටේ බෞද්ධයන් විසින් දක්නා ලද ඉතාම අවාසනාවන්ත සිදුවීමකි. මීට අවුරුදු කිහිපයකට පෙර මන්ත්‍රී භික්‍ෂුන්වහන්සේ නමකගේ පුද්ගලික අංශය අතින් මිරිකා කැරකැවූ මැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගැන අපට අසන්නට ලැබිණ. මේ දිනවල ඔල්මාද ගතියෙන් පෙළෙන්නාක් මෙන් රාජ්‍ය නායකයන්ට තප්පුලමින් පිස්සු කෙළින මේ හිටපු දේශපාලනඥයා එදා මන්ත්‍රී භික්‍ෂුවගේ පුද්ගලික අංශයට ගෙන දුන් වේදනාව හේතුවෙන් ද අද වන විට දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම කැන්සල් වී ගොස් ඇත. භික්‍ෂුන්වහන්සේ කහ රෙදි කැබැල්ලක් පමණක් ඇඳගෙන අතේ කහ නූල් බැඳගෙන පාංශුකූලවලට සහ මළ දානවලට පමණක් යමින් පවුල් නඩත්තු කළ යුගයක් මේ රටේ තිබිණ. පසු කාලයේදී තවත් භික්‍ෂුන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙනවුත් භික්‍ෂු ශාසනය නැවතත් ස්ථාපනය කළහ. ඒ මාහැඟි භික්‍ෂු ශාසනයට මෙවරත් කෙළවුණොත් ගොඩ ඒමක් නැත.
ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ගිහි සිසුන් සහ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ විසින් දරුණු ලෙස නවක වධය දීමට පටන් ගෙන ඇති බව දැන ගැනීමට තිබේ. මීට දෙතුන් දිනකට පෙර එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර උප පාලක නක්කලගොඩ යෝගානන්ද හිමි වෙත පොලු අරගෙන පැමිණි ගිහි සිසුන් සහ භික්‍ෂුන් වහන්සේ උන්වහන්සේ බාවන බවට තර්ජනය කර තිබේ. මෙය ඉතාම නරක ප්‍රවණතාවකි. භික්‍ෂුන් වහන්සේ ගිහියන් මෙන් හැසිරෙන්නට යෑමෙන් බුද්ධ ශාසනයට විය හැකි හානිය ස්වල්ප වන්නේ නැත. රටේ තිබෙන ඇතැම් පන්සල්වල පරිහානියට පත් හා පවුල් නඩත්තු කරන චීවරධාරීන් සිටින බව අපි දනිමු. ඒවා සාමූහික සිදුවීම් නොවේ. එහෙත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තරුණ භික්‍ෂුන් සිය ගණනක් පඩත්තල ගිහි සිසුන් සමඟ එක්වී ගිහියන් කරන පරිදි සාමණේර වහන්සේට නවක වධය දෙන්නට යෑම ලොකු අවුලකි. මේ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ ද වෙනත් ගිහියන් සිටින සරසවිවල ඇති මහා ශිෂ්‍ය සංගම් හා සමාන ශිෂ්‍ය සංගමයක් ඇත. මෙහි සභාපති මුදැල්ලෑවේ සිරිරතන නමැති චීවරධාරියෙකි. ලේකම් සාදුගේ නම තලාවේ ධම්මික ය. මේ දෙදෙනාම මේ වන විට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පැන ගොස් ඇත්තාහ. භික්‍ෂුන් වහන්සේට හා ගිහියන්ට නවක වධය දීම සම්බන්ධයෙන් මේ සාදුලා දෙන්නා චෝදනා ලබා සිටිති. සමහර විට එළියේ පවතින කුණු ගඳගහන වමේ දේශපාලනය පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළට ද රිංගා ගැනීමට පුළුවන. මෙය මෙවරම මර්දනය නොකළහොත් විශාල අනර්ථයක් හටගැනීමට ඉඩ ඇත. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළ ගිහි සිසුන් 600 ක් ද, උපාධි අපේක්‍ෂක භික්‍ෂුන් වහන්සේ 1050ක් ද, පශ්චාත් උපාධි අපේක්‍ෂකයන් 560ක් ද ආචාර්ය උපාධිය අපේක්‍ෂකයන් 30 ක් ද සිටිති. ඒ අතර 160 ක ආචාර්ය මණ්ඩලයක් ද මෙහි සේවය කරති. 1998 අංක 20 දරන පනතට අනුව නවක වධය දීම දඬුවම් ලැබිය යුතු වරදකි. ලොකුම ප්‍රශ්නය වන්නේ කිසිම ආණ්ඩුවක් හරියාකාරව මේ දඬුවම ක්‍රියාත්මක නොකිරීමය. ජේ. ආර්. ජයවර්ධන එල්ලුම්ගහ තහනම් කළේය. එතැන් සිට සිත් සේ මිනීමැරූ අපරාධකරුවෝ දීර්ඝ කාලීන සිර ජීවිතයකට යමින් ආණ්ඩුවේ වියදමින් කා බී හිර ගෙදර ජීවත්වීමට පටන් ගත්හ. එල්ලුම් ගහ නැති නිසා මිනී මැරීමට මිනිසුන් බය නැත. නීතිය ක්‍රියාත්මක නොවීම නිසා නවක වධය දීමට විශ්වවිද්‍යාල සිසුන් බය නැත. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා උපරිම දණ්ඩනය පාවිච්චි කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. ශ්‍රී ලංකාව හැඩගැන්වුණේ බුදු දහම නිසාය. එම හැඩය විකෘති කිරීමට නවක වධක භික්‍ෂූන්ට ඉඩ නොදිය යුතුය.