පළමු දිනයේදී චාමිනි, කුමාරි, සංජීව සහ කුමාරගෙන් දස්කම්
ආසියානු කී්රඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවැනි අදියර ඊයේ (10 වැනිදා) දියගමදී කි්රයාත්මක විය. ඒ අනුව කාන්තා, පිරිමි මීටර් 10,000 දිගු දුර, මීටර් 5000 කාන්තා, මීටර් 1500 කාන්තා, යගුලිය, හෙල්ල විසිකිරීම, සහ මීටර් 100, මීටර් 400 මූලික වටයේ තරග ඊයේ කි්රයාත්මක විය.
ඊයේ උදෑසන පැවැති මීටර් 10,000 පිරිමි දිගු දුර ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට යුද හමුදාවේ ඩබ්. වී. එම්. යූ. කුමාර සමත්විය. ඒ මිනිත්තු 30.39.04ක කාලයක් වාර්තා කරමිනි.
මීටර් 5000 කාන්තා ඉසව්ව ජය ගනිමින් ආසියානු කී්රඩා උළෙලට සුදුසුකම් ලැබීමට චාමිනි මදුෂානි සමත්වූවාය. ඇය එහිදී වාර්තා කළ කාලය මිනිත්තු 14.44.83 කි. මීටර් 1500 කාන්තා ඉසව්ව ජය ගැනීමට ශී්ර ලංකා ගුවන් හමුදාවේ කේ. ජී. එන්. එම්. කුමාරි සමත්වූ අතර එහිදී ඇය වාර්තා කළ කාලය මිනිත්තු 4.42.72ක කාලයකි.
මීටර් 1500 පිරිමි ඉසව්ව යුද හමුදාවේ සංජීව ලක්මාල් විසින් දිනා ගනිද්දී එහිදී වාර්තා වූ කාලය මිනිත්තු 3.58.5ක් වේ.
හෙල්ල විසි කිරීමේ අවසන් ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ ආර්. එම්. එස්. ජේ. රණසිංහ විසින් දිනා ගත් අතර එහිදී මීටර් 13.49ක දුරක් වාර්තා කිරීමට ඔහු සමත්විය.
මීටර් 100 කාන්තා ඉසව්වේ මූලික තරග තුන ජය ගැනීමට අමාෂ ද සිල්වා සහ ආර්. එම්. ආර්. රත්නායක සමත් විය. එහී පිරිමි මූලික ඉසව්ව ජය ගැනීමට චමෝද් යොදසිංහ සහ ඩබ්. ඞී. සී. එස්. ධර්මකීර්ති සහ මොහොමඞ් සෆාන් සමත්වීය. මීටර් 400 කාන්තා මූලික වටයේ ජයග්රහණ වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න සහ ඩිල්ෂි කුමාරසිංහ සමත්වූවාය.
තරගාවලියේ දෙවැනි දිනය අදයි (11 වැනිදා)