ආසියානු දැල්පන්දු ශූරතාවලිය – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිලිපීනයට එරෙහිව දැවැන්ත ජයක් ලබති

297

සිංගප්පූරුවේදී ක්‍රියාත්මක වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සිය අපරාජිත බව තවදුරටත් රැක ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීන කණ්ඩායම සමගින් ඊයේ (05 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 99-37ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත්විය.

පසුගිය සෙනසුරාදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තා කළ දැවැන්ත ජයත් සමගින් ජයග්‍රාහී මානසිකත්වයකින් ඊයේ තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු කාර්තුවේදී 27-04ක් ලෙසින් පෙරමුණ ගැනීමට සමත්වී සිටියේය.

දෙවැනි කාර්තුව අවසානයේදී ලකුණු 52-16ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි කාර්තුව 79-25ක් ලෙසින් අවසන් කිරීමට සමත්වූහ.

අනතුරුව ක්‍රියාත්මක වූ අවසන් කාර්තුවේදී තරගය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගය ලකුණු 99-37ක් ලෙසින් දැවැන්ත ජයක් සමගින් අවසන් කිරීමට සමත්වූවාය.

 

advertistmentadvertistment
advertistmentadvertistment