ආසියානු දුනු විදීමේ සම්මේලනයට පළමු වරට ශී‍්‍ර ලාංකිකාවක්

357

ආසියානු රටවල් 37 ක සහභාගිත්වයෙන් පසුගියදා බංග්ලාදේශයේ ඩකා නුවරදී පවත්වන ලද ආසියානු දුනු විදීමේ වාර්ෂික සම්මේලන නිලවරණයේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එම සම්මේලනයට සහභාගි වූ ශී‍්‍ර ලංකා පොලිසියේ කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා සුනේත‍්‍රා සෙනෙවිරත්න එම සම්මේලනයේ කමිටු සාමාජිකාවක ලෙස පත් කර තිබේ.

ආසියානු දුනු විදීමේ සංගමය නියෝජනය කරමින් මෙම සංගමය සඳහා සාමාජිකාවන් තිදෙනකු- වසර 4 කට පත් කර ගනු ලබන අතර, මෙම තනතුරට පත් වූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික සාමාජිකාව වන්නේ ද මැය වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment