ආසියානු නෙට්බෝල් ශුරතාවට සංචිතය නම් කරයි

173

නායකත්වය දුලංගිට

එළෙඹෙන ඔක්තෝම්බර් මස මුල් සතියේ ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු ශුරතා නෙට්බෝල් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් පහළොස් දෙනකුගෙන් යුතු සංචිතය පසුගියදා තෝරා පත් කර ගන්නා ලදී.

පද්මා බැද්දෙවෙල තේරීම් කමිටු සභාපතිනියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මගින් සිදු කළ මෙවර තේරීම් තරගයෙන් අනතුරුව අවසන් අසියානු ශුරතාවය නියෝජනය කළ ක්‍රීඩිකාවන් පස්දෙනකු සිය ස්ථාන තහවුරු කරගෙන ඇත. හසිතා මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එකතු වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකි.

අවසන් අවස්ථා ද්විත්වයේ ශ්‍රී ලංකාව ආසියානු ශුරියන් ලෙස කුසලානය හිමි කර ගත් අතර මෙවර ශ්‍රී ලංකාව පිට පිටම තෙවන වරටත් ආසියානු ශූරතාවය සතු කර ගැනීමේ අභිලාශයෙන් පුහුණුවීම්වල නිරත වේ. මෙම කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස පී. ඩී. එන්. ප්‍රසාදි කටයුතු කරයි.

නව සංචිතය මෙසේය.

දුලංගි වන්නිතිලක, ගයනි දිසානායක, ගයංජලී අමරවංශ, හසිතා මෙන්ඩිස්, තිසාලා අල්ගම, මල්මි හෙට්ටිආරච්චි, සචිනි රොද්‍රිගු, සුසිමා බණ්ඩාර, රෂ්මි පෙරේරා, ශානිකා පෙරේරා, ගයත්‍රි කෞෂල්‍යා, මිනාගි කංකානම්ගේ, අනුත්තරා කලුආරච්චි, චලනි නීෂා, නතාෂා ඩයස්

ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment