තායිලන්තයේ පැවැති ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී එහි වයස අවුරුදු 20 න් පහළ කිලෝ ග්රෑම් 53 බර පංතිය යටතේ තරග කළ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්රනාන්දු ක්රීඩිකාව, ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙම කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කම දිනා ගෙන ඊයේ (24 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය ඉකුත් 16 දා සිට 24 දා දක්වා ආසියානු රටවල ක්රීඩක ක්රීඩිකාවන් 500 කගේ පමණ සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.
මෙම තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්රනාන්දු ක්රීඩිකාව වයස අවුරුදු 20 න් පහළ කිලෝ ග්රෑම් 53 බර පංතිය යටතේ තරග කර, ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙම කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.
නෙත්මි අහිංසා ක්රීඩිකාව මෙම ජයග්රහණය ද රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය පිළිගැනීම සඳහා ශ්රී ලංකා මල්ලවපොර ක්රීඩා සම්මේලනයේ නිලධාරීන් මෙන්ම, මෙම තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා ක්රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක ටී.කේ.ජී.කපිල