ආසියානු රග්බි විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් සිව් දෙනෙක්

101

ආසියානු රග්බි පාපන්දු ශූරතා පළමු කොටසේ තරගාවලිය විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් නිලධාරීන් සිව් දෙනකු තෝරාගෙන තිබේ. මෙවර තරගාවලියට එක්ව සිටින විදේශීය විනිශ්චයකරුවන් සංඛ්‍යාව 05 කි.

නිලධාරීන් 09 දෙනකුගෙන් සැදුම්ලත් වන ආසියානු රග්බි පාපන්දු ශූරතා තරග විනිශ්චය මඬුල්ලේ කළමනාකරු ලෙස හා විනිශ්චයකරුවන්ගේ පුහුණු උපදේශක ලෙස අනිල් ජයසිංහ මහතා නම් කර ඇති අතර ප්‍රධාන විනිශ්චයකරුවකු ලෙස ශ්‍රී ලංකාවෙන් ඉසංක අබේකෝන් මහතා තෝරාගෙන ඇත. සහාය විනිශ්චයකරුවන් ලෙස රවීන් ඇලෙක්සැන්ඩර් මහතා සහ ගිහාන් යටවර මහතා සුදුසුකම් ලබා සිටිති.

අප්‍රේල් 30 සහ මැයි 04 දිනවල කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරැණි තුරඟ තරග පිටියේ දී මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව, කසකස්තානය, කටාර් රාජ්‍ය සහ ඉන්දියාව සහභාගි වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment