ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව 2022 දී ලංකාවේ පවත්වනවා – ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර

135

(මෙහි මුල් කොටස් පසුගිය දිනවල පළ විය)

 
 ඵලදායී අධිවේගී මාර්ග ජාලයන් ගොඩනැගීමට බාධාවක්ව පැවති හිඩැස් පිරවීම සඳහා වන රාජ්‍ය ආයෝජන ද වේගවත් කර ඇති බව මම සතුටින් ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ලබන වසරේ මේ කාලය වන විට වරාය ප‍්‍රවේශ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් වනු ඇති බව රජයේ අපේක්‍ෂාව වන අතර ආසියානු සංවර්ධන බැංකුව, මාර්ග සංවර්ධන අධිකාරිය හා ඉදිකිරීම් සමාගම් ඒ සඳහා කැපවී සිටියි. අපනයන, සංචාරක, මූල්‍ය හා සැපයුම් සේවාවන්හි වැඩි කි‍්‍රයාකාරී බවක් දැක බලා ගැනීම සඳහා එක් ප‍්‍රධාන ආර්ථික තීරුවක් වන කොළඹ සහ හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපළ වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම සඳහා 2023 වර්ෂය අවසන් වීමට පෙර කැලණි පාලම- අතුරුගිරිය උස් අධිවේගී මාර්ගය අවසන් වනු ඇත. එය ජෛව විවිධත්වයෙන් යුතු පරිසර කලාපයක්ද පෝෂණය වන අයුරින් සිදුවන ආයෝජනයකි. උතුරු, නැගෙනහිර සහ කඳුකර ගමනාන්ත වෙත අධිවේගී මාර්ග ඉදිකිරීමේ කාර්යය දේශීය ඉදිකිරීම් සමාගම්වලට පවරා ඇත. මෙම මූලාරම්භයන්ට සමගාමීව ඉදිරි වසර 3 ත් 5ත් අතර කාලය තුළ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් අරමුදල් සපයන ආයතන විසින් දිවයින පුරා වාරිමාර්ග, ජලය සහ මාර්ග සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය ආයෝජන වේගවත් කර ඇත. ද්විපාර්ශ්විකව ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ආයෝජන සඳහා දායක වන ජපානය මේ වන විට ගුවන්තොටුපළ,මාර්ග පද්ධතිය, ජලසම්පාදනය, ඩිජිටල් තාක්ෂණ සේවා, ආපදා කළමනාකරණය වැනි ප‍්‍රධාන ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය සම්පාදනය කරනු ලබයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව,ද්විපාර්ශ්වික සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් අපේක්‍ෂිත විදේශ දායකත්වය ඔවුන්ට ගෙවීමට ඇති ණය සේවා ඉක්මවන පරිදි ව්‍යාපෘති කළමනාකරණයට ප‍්‍රවේශ වී තිබේ. සූර්ය, සුළං සහ ජල විදුලි උත්පාදනය ඇතුළත් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් භාවිතා කිරීම දෙසට පරිවර්තනය වීම වේගවත් කර තිබේ. එල් එන් ජී විදුලි පද්ධතියේ විදේශ ආයෝජන සමඟ පොසිල ඉන්ධන අවම කිරීම සඳහා පිරිසිදු බලශක්ති භාවිතය සඳහා කරනු ලබන ආයෝජන සඳහා ප‍්‍රමුඛතාවයක් ලබාදී ඇත. මාස 3 කට පෙර ඉවත් කරන ලද ජාත්‍යන්තර ටෙන්ඩරය ළඟදීම නිමවීමට නියමිත අතර තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය ඒ සමග ආරම්භ වීමට ද නියමිතය.
 
 මා පෙර සඳහන් කළ පරිදි, රටේ කෘෂිකාර්මික හා ජල සම්පත් සැළකිල්ලට ගෙන ආහාර නිෂ්පාදනය, අනෙකුත් කෘෂි හා වැවිලි කෘෂිකර්මය, පශු සම්පත්, ධීවර හා කෘෂිකර්මය පදනම්කරගත් සැකසුම් හා නිමි භාණ්ඩ කර්මාන්ත සඳහා රජය ඉහළම ප‍්‍රමුඛතාවය ලබාදී ඇත. එමගින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආහාර, එළවළු, මස්, කිරි සහ බිත්තර මෙන්ම සීනි මත පදනම් වූ නිෂ්පාදන සඳහා ආනයන ආදේශන දිරිගැන්වෙනු ඇත. මේ සඳහා කාර්මික අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කිරීමට ආයෝජන මණ්ඩලය වෙත පැවරී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් අපනයන කෙරෙහි අවධානය යොමුකිරීම අපනයන සංවර්ධන මණ්ඩලයට පැවරී ඇත. වාණිජ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හා ජලය ලබාදීම මහවැලි සංවර්ධන අධිකාරිය විසින් සිදු කරයි. නගර අලංකරණය සහ 50,000 ක් පමණ වන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී නාගරික නිවාස හා දේපළ සංවර්ධනය කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති කාර්යයන්ය. මේ අතර තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, පොල් හා රබර් සංවර්ධන ආයතන, ලංකා සංචාරක මණ්ඩලය ආදී විවිධ සංවර්ධන ආයතන එම ක්‍ෂේත‍්‍රවල පුළුල් ප‍්‍රසාරණයක වගකීම් පවරා ඇත.
 
 මිත‍්‍රවරුනි, මේ සඳහා මා මුලින් සඳහන් කළ පරිදි පසුවට වඩා මෙම අවස්ථාවේදී යල්පැන ගිය ප‍්‍රතිපත්ති සහ ආයතනික ප‍්‍රතිසංස්කරණ ඇතිකිරීමට සැලකිය යුතු උත්සාහයක් දැරිය යුතුය. ප‍්‍රමාදයන්, අක‍්‍රමිකතා සහ සැපයුම් පිරිවැය අවම කිරීම සඳහා වරාය හා රේගු කි‍්‍රයාපටිපාටීන් සහ සැපයුම් ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කර ඇත. ව්‍යාපාර පහසු කිරීමට වැදගත් වන නියාමන රාමුව සරල කිරීම සහ කාර්යක්ෂම නියාමන පද්ධතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් හිටපු ජනාධිපති ලේම් සහ ජෝන් කීල්ස් සමාගමේ ප‍්‍රධානත්වයෙන් යුතු පෞද්ගලික අංශයේ පුළුල් නියෝජනයක් ද ඇතුළත්ව තවත් ජනාධිපති වෙළෙඳපොළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් මූල්‍ය අංශය සහ ප‍්‍රාග්ධන වෙළෙඳපොළ ප‍්‍රතිසංස්කරණය මෙහෙයවනු ලබයි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පුළුල් කිරීම සඳහා රජය සතු හෝටල් ලැයිස්තු ගත කිරීම සිදු කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේ විදේශ ¥ත මණ්ඩල සේවයට නැඹුරුවී ඇත්තේ ආර්ථික රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවල නිරතවෙමින් මෙරට කෙරෙහි විදේශ රටවල ආර්ථික උනන්දුව ප‍්‍රවර්ධනය කිරීම සඳහාය.
 
 රජයේ ජාතික සැලැස්ම ජාත්‍යන්තර සේවාවන් සංවර්ධනය කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුකරයි. ඔබ සැම හොඳින් දන්නා පරිදි, ශ‍්‍රී ලංකාවේ බාහිර සේවා ගිණුම් සාමාන්‍යයෙන් අතිරික්ත තත්ත්වයක පවතින අතර 2018 වර්ෂයේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක අතිරික්තයක් වාර්තා කර ඇත. මෙයට බොහෝදුරට හේතුවූයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සහ කොවිඞ් – 19 වසංගතයට පෙර සංචාරක ක‍්‍රියාකාරකම්වල සහ ජාත්‍යන්තර සංචරණයේ සිදුවූ වේගවත් වර්ධනයයි. ශ‍්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය සහ එන්නත් කිරීමේ ධාරිතාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හොඳින් හඳුනාගෙන තිබේ. එන්නත්කරණය සහ වෙනත් සෞඛ්‍ය රෙගුලාසීන් හේතුකොටගෙන නැවතත් මෙම කලාපය ක‍්‍රමානුකූලව ශ‍්‍රී ලංකාවට වාසිදායක වනු ඇත. මේ අතර වරාය සහ විදුලි සංදේශ සේවා යන තවත් ප‍්‍රභවයන් දෙකක් සැලකිය යුතු තරමේ වර්ධන වේගයක් ළඟාකර ගෙන ඇත.
 
 ඒ අනුව, ජතික සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුවට අනුකූලව 2021 – 2023 මධ්‍යකාලීන ජාතිය අයවැය වැඩසටහන යටතේ තාක්ෂණික උද්‍යාන පහක් (Techno parks) පිහිටුවීමට සැලසුම් කර ඇත. නගර විශ්වවිද්‍යාල සහ විශේෂ තාක්ෂණ ආයතන පිහිටුවීමට අයවැය මගින් ප‍්‍රතිපාදන වෙන්කිරීම තුළ වෘත්තීය අධ්‍යාපනය දිරිගන්වනු ලැබ ඇත. එම නව වැඩපිළිවෙළ සමග විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද තොරතුරු තාක්ෂණ කුසලතා, ගිණුම්, මූල්‍ය, කෘෂි විද්‍යා, ඉංජිනේරු, භාෂා කුසලතා යනාදිය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. අධිවේගී මාර්ග ජාලය, හෝටල් සහ සැපයුම් ප‍්‍රදේශවලට වඩා හොඳින් සම්බන්ධවී ඇති ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තාක්ෂණික උද්‍යාන පහක් පිහිටවනු ලබන අතර, පුහුණු ශ‍්‍රම බළකායට පහසුවෙන් ප‍්‍රවේශවිය හැකි Plug and Play සංකල්පය මත තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර මෙහෙයුම් වැඩිකිරීමට එමගින් අපේක්ෂිතය. මෙම තාක්ෂණික උද්‍යාන 5 හි ඉදිකිරීමට කටයුතු ජුලි මස අවසානයට පෙර ආරම්භ කිරීමට නියමිතය. මෙම සේවාවන් සඳහා ශ‍්‍රී ලංකාවේ බදු නීති මගින් පූර්ණ බදු රහිත අවස්ථා ලබාදී ඇති අතරම, නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍ය දිරිගැන්වීම් ලබාදීමට ද නියමිතය. අධ්‍යාපනය, සෞඛ්‍ය, බැංකුකරණය, බදුකරණය සහ තත්කාලීන, ගනුදෙනු ඇතුළු මාර්ගගත සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා රට පුරා බ්‍රෝඞ්බැන්ඞ් ප‍්‍රවේශය ලබාදීමට විදුලි සංදේශ නියාමන අධිකාරිය කටයුතු කරමින් සිටී. පුද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාරික සංගමය (SLASSCOM) 2021 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක අපනයන ආදායමක් අපේක්ෂා කරන අතර 2024 වර්ෂය වනවිට මෙම කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන 5 කට වැඩි අපනයන ආදායමක් අපේක්ෂා කරනු ලබනවා. මෙම තත්ත්වය තුළ, බාහිර සේවා ගිණුමේ දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 1ක හ`ිගය වෙනුවට,ඇමරිකානු ඩොලර් බිලියන 7 ක අතිරික්තයක් ළඟාකර ගැනීමට අපේක්ෂා කෙරේ. ඇමරිකානු ඩොලර් බිලියන 10 ක ශුද්ධ පේ‍්‍රෂණ ගලා ඒමත් සමගින් ශ‍්‍රී ලංකාවේ ගිණුම් ශේෂය ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විදේශ ආයෝජකයන්ට විකල්ප මූල්‍ය උපකරණවලට වඩා සිය කාර්ය සාධනය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි අයුරින් අපගේ ණය ආපසු ගෙවීම්, ලාභාංශ සහ පොලී ගෙවීම් සිදුකිරීමට අවකාශ ලැබෙනු ඇත.
 
 රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද ඔවුන්ගේ ඉතුරුම් හා ආයෝජන යොමුකිරීමට හැකිවන අයුරින් ජාතික ශේෂ පත‍්‍රය පරිවර්තනය කිරීම අපගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්ති ඉලක්කයකි. 2020 වර්ෂයේදී සියලූ ද්විපාර්ශ්වික සහ වාණිජ ණය සඳහා වන ශ‍්‍රී ලංකාවේ බාහිර රාජ්‍ය ණය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4 කින් අඩුවූ අතර එහි සමස්ත අගය දැක්වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 34.2 ක් ලෙසය. ශ‍්‍රී ලංකා මහ බැංකු දත්ත මගින්ද සනාථ කරනු ලැබූයේ, බැංකු ක්‍ෂේත‍්‍රයේ බාහිර ණය 2018 වර්ෂයේ පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 7.4 සිට 2020 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 6.7 දක්වා අඩුවී ඇති බවයි. රටේ නිල සංචිත ප‍්‍රමාණය දැනට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ වුවද, බාහිර ණය ප‍්‍රමාණය 2019 වර්ෂයේදී පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 54.8 සිට 2020 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 49.2 දක්වා අඩුවී ඇත. මෙම ණය අඩුවීම්වලට අදාළව විනිමය අනුපාත පර්වර්තනයන් මත ඇතිවූ රාජ්‍ය මූල්‍ය ඉතුරුම්වල වටිනාකම රුපියල් බිලියන 1, 120 ක් වේ. ශ‍්‍රී ලංකාව කිසිදු අයුරකින් ණය ආපසු ගෙවීම් පැහැර නොහරින බව යළිත් වරක් තහවුරු කරමින් තව දින 30 ක් තුළ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් එකවර ගෙවීමට නියමිතය. වෙළෙඳාම සඳහා මුදල් යෙදවීම තුළින් අපනයන පුළුල්කිරීමට කලාපයේ මහ බැංකු මෙන්ම රජයන් අතර SWAP ක‍්‍රියාකරකම් පුළුල් කිරීමට කටයුතු කෙරෙමින් පවතිනවා.
 
 රට නව පරිසර හිතකාමී පසුබිමක් වෙත යොමු කිරීම සඳහා මෙන්ම රටේ සාපේක්ෂ වාසි ලෝකයට මතුකර පෙන්වීම සඳහා ජනාධිපතිතුමන් විසින් ‘දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා’ සංවර්ධන උපායමාර්ග හඳුන්වා දී ඇත. මෙම නව ක‍්‍රමවේදය හරහා කෘෂිකාර්මාන්තය තුළ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වී කාබනික පොහොර භාවිතයට නැඹුරුවීමත්, පොසිල ඉන්ධන මත රඳා පැවැතීම අඩු කිරීම සඳහා පිරිසිදු හා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් මත රඳා පැවැතීම වැඩිකිරීමත්, අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය බවට පරිවර්තනය කරන ව්‍යාපාරික ආර්ථිකයක් බිහිකිරීමත්, වනජීවී ප‍්‍රදේශ සහ වන අලින් ආරක්ෂා කිරීම සඳහා වන අලින්ගේ ගමන් මාර්ග සංරක්ෂිත කිරීමත්, වනජීවී කලාපවල වන සතුන්ගේ ජලය සහ ආහාර පුළුල්කිරීමත්, වන ඝනත්වය වැඩිකිරීම සහ හරිත තාක්ෂණයට අවැසි නව අරමුදල් මූලාශ‍්‍ර සම්පාදනය සඳහා නව වෙළෙඳපොළවල් ඇතිකිරීමත් අපේක්ෂා කෙරේ. මෙය නව ආයෝජන අවස්ථා සඳහා වැදගත් වන පුළුල් ක්‍ෂේත‍්‍රයක් වන අතරම, ශ‍්‍රී ලාංකික ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මෙන්ම රටේ ජෛව විවිධත්වය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා වන ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකි. ලෝක බැංකුව, ගං ඉවුර ආරක්ෂා කිරීමට සහ ගංගා 103 ක පිරිසිදු කිරීම් සඳහා රටපුරා ක‍්‍රියාත්මක වන ‘සුරකිමු ගංගා’ වැඩසටහන හා ක‍්‍රියාකාරීව සම්බන්ධවී ඇත. අනෙක් පරිසර හිතකාමී සංවර්ධන හවුල්කරුවන්ද මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. ඔබ සැමට ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව තවදුරටත් අවබෝධ කර ගැනීමට අවස්ථාව උදාකරමින් ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව මෙම තේමාව මුල්කරගෙන ලබන වසරේ ජුනි මාසයේ ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇත. සාරාංශයක් වශයෙන් දක්වන්නේ නම්, 2015 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකාවට අහිමි වූ ආර්ථික වර්ධන වේගය නැවත ළඟකර ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීමට රජය සූදානම්ය. ජාතික ඉලක්කය වන්නේ වර්තමාන ඒකපුද්ගල ආදායම වන ඇමරිකානු ඩොලර් 4,000 සිට ඇමරිකානු ඩොලර් 10,000 දක්වා ඒක පුද්ගල ආදායම වැඩිකිරීම තුළින් උසස් මැදි ආදායම් ලබන රටක් කරා රැගෙන යෑමයි.
 
 වඩා විවිධාංගීකරණය වූ සහ පුළුල් වූ භාණ්ඩ හා සේවා අපනයනය හා ආනයන ආදේශන නිෂ්පාදන සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම තුළින් මෙම තත්ත්වය ළඟාකර ගැනීමට අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ජාතික වර්ධන ඉලක්කය වන්නේ මිල, උද්ධමනය අඩු අගයක පවත්වා ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 6 ඉක්මවා යෑමයි. අස්ථාවර විනිමය අනුපාතයක්, අඩු උද්ධමන වේගයක් සහිත සියයට 6 ඉක්මවන ආර්ථික වර්ධන වේගය ඒකපුද්දල ආදායම වැඩිකිරීමට මෙන්ම, අයවැය හිඟය සහ, රාජ්‍ය ණය අනුපාත අඩුකිරීමට දායක වනු ඇත. විනිමය අනුපාතයේ අස්ථාවරත්වය කෙටිකාලීන සන්සිද්ධියක් වන අතර විදේශ විනිමය වෙළෙදාමේදී බැංකු විසින් කෙටි කාලීන සමපේ‍්‍රක්ෂණ චේතනාවෙන් කටයුතු නොකිරීම වඩාත් සුදුසුය. සාර්ව ආර්ථික මූල්‍ය ප‍්‍රතිපත්ති උපායමාර්ගය වන්නේ , පසුගිය වසර කිහිපය පුරාවට සිදුකර ඇති ආකාරයෙන් ණය ඉහළ දැමීමකින් තොරව වාර්ෂික අතිරික්තයක් උත්පාදනය කිරීමට හැකිවන පරිදි බාහිර ගිණුම පරිවර්තනය කරමින් රටේ බාහිර සංචිත ප‍්‍රමාණය ගොඩනැඟීමයි. අඩු පිරිවැයක් යටතේ කල්පිරීමේ කාලය තරමක් වැඩි දීර්ඝකාලීන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළෙඳ පොළ ප‍්‍රවර්ධනය කිරීමට මෙය නිසැකවම ප‍්‍රයෝජනවත් වනු ඇත. රජය කෘෂිකර්මාන්තය, රෙදි නිෂ්පාදනය, ඖෂධ සැකසීම, එන්නත් සැකසීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැනි අංශවල භාණ්ඩ හා සේවා අපනයන විවිධාංගීකරණය සහ ආනයන ආදේශනය කෙරෙහි විශ්වාසය තබන්නේ රට තුළ ඇති ආර්ථික ඉඩ ප‍්‍රස්ථා උපරිම ලෙස ප‍්‍රයෝජනට ගැනීමටය.
 
 මෙවැනි ආර්ථික ක‍්‍රියාකරකම් තුළින් නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීම අරමුණු වන අතර එය රටේ මුදල් පිටතට ගලායන ප‍්‍රමාණයට වඩා වැඩිවනු ඇත. මැනවින් ඉලක්ක කරගත් ඉහළ ආදායම් ලාභීන් ඉලක්ක කරගත් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අමරතව, බාහිර ණය අඩුකිරීම තුළින් සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය තුළින් ඇතිවන මූල්‍ය ඉතුරුම් හරහා 2025 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මූල්‍ය හිඟය සියයට 4 දක්වා අඩුකිරීමට රජයට හැකිවනු ඇත. රටේ සංචරණ සීමාකාරී තත්ත්වයක් හා සෞඛ්‍ය ආරක්ෂණ දුරස්ථ ක‍්‍රමවේදයන් තුළ ක‍්‍රියාත්මක වුවද, රජය විසින් පසුගිය මාස 18 තුළ රට ප‍්‍රධාන ඉතුරුම් හා ආයෝජන ක‍්‍රමයක් කරා යොමුකිරීමට යුහුසුළුව ක‍්‍රියාකර ඇත. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ශක්තිමත් ව්‍යාපාරික ප‍්‍රජාව ක‍්‍රියාශ‍්‍රීලී හා උද්යෝගිමත් අය වෙති. ශ‍්‍රී ලංකාවේ උගත් ශ‍්‍රම බළකාය හා තරුණයින් නව අවස්ථා සොයොමින් සිටිති. විදේශ ආයෝජකයින්ට ඔවුන්ගේ ලාභාංශ ඉපැයීම් ලබා ගැනීමට දුෂ්කරවී නොමැත. 2020 වර්ෂයේදී පමණක් ඔවුන් ඉපදවූ වාර්ෂික ලාභාංශ ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ වේ. ඔවුන්ගේ ලාංභාංශ සඳහා රට තුළ ද වඩා හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි ඉඩ ප‍්‍රස්ථා නිර්මාණය වී ඇත. ශ‍්‍රී ලංකාව තුළ ඔබගේ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා පුළුල් පරාසයක සහන සැපයේ. සමාගම් කළමනාකරුවන්ට සහ බැංකුවලට මේ සඳහා රජයේ සහාය ලබාගත හැකිය. ජනාධිපතිතුමා සිය ආරම්භක දේශනයේදී පෙන්වා දුන් එම සුභවාදී බලාපොරොත්තුව සහ කැපවීම සමඟ ආයෝජනය සහ නැවත නැවතත් ආයෝජනය කරන ලෙස ඔබ සැමට ආරාධනය කරමි. ශ‍්‍රී ලංකා ආයෝජන සංසදය – 2021 ඉතා සාර්ථක වේවායි මම ප‍්‍රාර්ථනා කරමි. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති අතර, ආසියාව යළිත් වරක් උද්යෝගිමත්ව, දැවැන්ත වෙළෙඳපොළ අවස්ථා උදාකරගනිමින් එහි මතු ප‍්‍රවණතා තහවුරු කර ඇත. චීනය සහ ඉන්දියාව 2021 වර්ෂය සඳහා අපේක්ෂා කරන ඉහළ වර්ධන අනුපාතයන් හේතුවෙන් අප සැමට නව බලාපොරොත්තු ලබා දෙයි. පසුගිය මාස 18 පුරාවට ජාතික ප‍්‍රතිපත්ති අරමුණුවලට අනුකූලව ශ‍්‍රී ලංකාව සූදානම්වීම තුළ අප රට අසියාවේ නව දොරටුව බවට පත්ව ඇත. මෙම දශකයේදී අප රට උසස් මැදි ආදායම් ඉලක්කයක් කරා යන ගමනේදී, සියලූ දේශීය හා විදේශීය ආයෝජකයන් මෙම සුවිශේෂී අවස්ථාව ප‍්‍රයෝජනයට ගනු ඇතැයි මා විශ්වාස කරමි.
 

advertistmentadvertistment
advertistmentadvertistment