එළඹෙන අප්‍රේල් මස ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන “ආසියානු හොකී සම්මේලන කුසලාන” පිරිමි හොකී තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගි කරවීමට පියවර ගෙන තිබේ.
මෙවර තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණ කොළඹ රීඩ් මාවත කෘතිම ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෙරෙනු අතර එහිදී දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් 30 කු ජාතික පුහුණු සංචිතයට කැඳවා තිබේ. ඒ අතරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දී ඇති නලන්ත ද සිල්වා, සඳරුවන් ප්‍රියලංකා සහ තරංග ගුණවර්ධන ද වෙති.
සාමාජිකයන් 18 කුගෙන් සැඳුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම ජාතික සංචිතයේ පුහුණුව ආශ්‍රිතව සිදු කෙරේ.
ජාතික පිරිමි සංචිතය
තරිඳු කුමාර හේන්දෙණිය, රන්දික ප්‍රනාන්දු, ධාරත ප්‍රියභාෂිත බණ්ඩාර තැන්නේ, කේ. ඒ. ප්‍රනාන්දු, නලන්ත ඩේමියන් ද සිල්වා, ආර්. ධම්මික රණසිංහ, සමීර වීරසූරිය, සජිත් ශාමේන් ද කොස්තා, සුරේන් ප්‍රනාන්දු, එරංග හේන්දෙණිය, එස්. ප්‍රනාන්දු, කුසල් තිලකසිරි, තරංග ගුණවර්ධන, බෝධික ඩයස්, භාතිය ද අල්විස්, මනෝජ් දීපාල් රත්නායක, එස්. සමරසිංහ, මෙනුල හේවාවසම්, අශේන් බණ්ඩාර, බ්‍රයිට් ප්‍රනාන්දු, ප්‍රමෝද්‍ය උදයශාන් ප්‍රනාන්දු, සඳරුවන් ප්‍රියලංකා, රජිත් කුලතුංග, ආර්. එම්. අනුරාධ සුරේෂ්, එස්. ගුණවර්ධන, චතුරංග චන්ද්‍රසේන, කේ. හිරුදික, ෂෙනාල් කවීෂ, නෙත්මිණ බණ්ඩාර ධර්මකීර්ති සහ එල්. සඳරුවන්.
අනුරුද්ධ හේරත් බණ්ඩාර