ආසියා – පැසිෆික් කලාපය අපට වැදගත් වන්නේ ඇයි?

246

මේ අයුරින් කොවිඞ් – 19 ට සාර්ථකව මුහුණ දෙමින් චීනය මෙන්ම තායිවානය, හොංකොං, වියට්නාමය, උතුරු – දකුණු කොරියාවන්, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, කාම්බෝජය හා ඔස්ටේ‍්‍රලියාව ඇතුළු ආසියා – ශාන්තිකර කලාපීය රජ්‍යයන් සිය සංවර්ධන උපාය මාර්ග වෙනස් කරමින්, පැරණි පසමිතුරු ආකල්ප යටතේ කරමින්, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ නිරතව සිටිති. සිංගප්පූරුව මෙන්ම බෲනායි, මියන්මාරය, බංගලිදේශය, භූතානය ද එම මාර්ගයේ ගමන් අරඹා ඇත්තේ ඉන්දුනීසියානු සෙවණ ලබමිනි.

 සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් පෘථිවි ගෝලයේ සුවිශේෂ පරිවර්තනීය යුගයකට මානව සමාජය ප‍්‍රවිශ්ඨ වී සිටින්නීය. ඉතිහාසයේ කාර්මික විප්ලවයක් ජගත් සිතියම සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් බරපතළ පරිවර්තනයකට ලක් කළ අයුරින්ම මෙදා 21 වෙනි සියවස තුළ ලෝක බලතුලනය බටහිරින් ආසියා – ශාන්තිකර කලාපයට මාරුවීමේ යුගය එම පරිවර්තනීය යුගය නිර්මාණය කිරීමේ නිරතව සිටී. ආර්ථිකමය වශයෙන් ලොව අංක 01, අංක 03, අංක 04 ආසියාවට උරුම වීම මෙම සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනීය නිර්මාණය වීමට බෙහෙවින් දායක වෙමින් පවතී.

ආසියා - පැසිෆික් කලාපය අපට වැදගත් වන්නේ ඇයි?

දෙවෙනි ලෝක මහා සංග‍්‍රාමයෙන් පසුව ලෝක ආර්ථික බලවතාව සිටි මහා බි‍්‍රතාන්‍ය ඇදවැටී ඇමෙරිකා එක්සත් ජනපදයට එය උරුම වූ ආකාරය ප‍්‍රකට සිද්ධියකි. කාර්මික විප්ලවය බලපෑම යටපත් කරමින් තාක්ෂණ විප්ලවයක් නිර්මාණය කිරීමත්, ජගත් මූල්‍ය ආයතනයන්හි මෙන්ම ලෝක වෙළෙඳ සංවිධානයේ බලය හැසිරවීමේ හැකියාවක් උරුම කරගැනීමට ලොව ආර්ථික බලවතා බවට පත්වීමට ඇමෙරිකා එක්සත් ජනපදයට මංපෙත් විවර කෙරිණි.

 එම තාක්ෂණික විප්ලවයේ ඊළඟ අදියර ක‍්‍රියාවට නැෙඟද්දී මහජන චීනය පුරා දශක දෙකක් මුළුල්ලේ සියයට දහයක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගනිමින්, බටහිර යුරෝපය, ජපානය පසු කරමින් ලොව අංක දෙකේ ආර්ථික බලවතා බවට පත්වූයේ බටහිර ලෝකය තැති ගන්වමිනි.

 මේ අතර 2020 දී ජගත් සමාජ වෙළාගත් කොවිඞ් -19 වසංගතය සාර්ථකව පාලනය කර ගැනීමට සමත් වූ චීනය සිය සුපුරුදු සමාජ, ආර්ථික, දේශපාලනික ක‍්‍රියාකාරකම් හී යම් යම් වෙනස්කම් සිදුකරමින් ලොව ආර්ථික ක්ෂේත‍්‍රයේ අංක 01 කරා ළඟාවීම වේගවත් කරද්දී එම ස්ථානයේ රැුඳී සිටි ඇමෙරිකා එක්සත් ජනපදයට කොවිඞ් -19 වසංගතය පාලනය කර ගැනීමට නොහැකිව ආර්ථික පසුබෑමකටත් ගොදුරු වෙමින් සිටී.

ආසියා - පැසිෆික් කලාපය අපට වැදගත් වන්නේ ඇයි?

මෙම පසුබිම නිර්මාණය වන විට චීන ජනාධිපතිවරයා ඉපැරණි සේද මාවත පිළිබඳවත් අධ්‍යයනය කරමින් ‘‘තීරයක් මාවතක්’’ නමැති නූතන සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දෙමින් සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප‍්‍රිකා හා ලතින් ඇමෙරිකානු රටවල්වල සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දෙමින් එම ආර්ථිකයන් වර්ධනය කරමින් එම රටවල මිලදී ගැනීමේ ක‍්‍රය ශක්තියද වර්ධනය කර ගනිමින් සිය විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීමේ මහා පරිමාණ ක‍්‍රියාදාමයකට අවතීර්ණ වෙමින් සිටී.

 ඒ අතර තුර 2016 දී බලයට පත් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය පක්ෂය විසින්ම ඇමෙරිකානු සමාජයට හඳුන්වා දුන් නව ලිබරල්වාදී අර්ථ ක‍්‍රමය පසෙක තබා, ආරක්ෂණවාදී පිළිවෙතකට ඇමෙරිකානු සමාජය යොමු කළේ ඇමෙරිකානු බහුජාතික සමාගම්වල විදේශ ආයෝජන අත්හිටුවා, දේශීය ආයෝජන පුළුල් කරමින්, දේශීය තරුණ පරපුරේ රැුකියා වියුක්තිය පිටුදැකීමට ප‍්‍රමුඛත්වය දෙමිනි. ඒ වන විට ඇමෙරිකානු රජය නිමාවත් නොදකින, දශක ගාණක් ඉතිහාසයකට උරුමකම් කියන පරාජයටම නෑකම් කියන, යුද්ධ ගණනාවක කොටුවී සිටීමත් කැපී පෙනෙන කාරණයකි. ඒවාද ඇමෙරිකානු ආර්ථිකයට ‘‘බරවා කකුල්’’ බවට පත් වෙමින් තිබුණි. ඒ අනුව එම රටවල රඳවා සිටින ඇමෙරිකානු සෙබළුන් නැවතත් සිය රටට ගෙන්වා ගැනීමට ට‍්‍රම්ප් පාලනය පෙළඹුනේය. නිමාවක් නැති යුද්ධවලට සිය ධනය මෙන්ම සොල්දාදු ජීවිත වැය කිරීම නිරර්ථක බව අවබෝධ වීමත් කරණකොටගෙනය.

 මේ පසුබිම තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමාජ, ආර්ථික, දේශපාලනික පඹගාලක පැටලී සිටිද්දී චීනය සිය සුපුරුදු සමාජ, ආර්ථික, දේශපාලනික පරිවර්තනීය හා සාධනීය වර්ධන ක‍්‍රියාදාමයේ කොවිඞ් -19 අභිබවා යමින් ඉදිරි ගමනක යෙදී සිටින්නීය.

 මේ අයුරින් කොවිඞ් – 19 ට සාර්ථකව මුහුණ දෙමින් චීනය මෙන්ම තායිවානය, හොංකොං, වියට්නාමය, උතුරු – දකුණු කොරියාවන්, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, කාම්බෝජය හා ඔස්ටේ‍්‍රලියාව ඇතුළු ආසියා – ශාන්තිකර කලාපීය රජ්‍යයන් සිය සංවර්ධන උපාය මාර්ග වෙනස් කරමින්, පැරණි පසමිතුරු ආකල්ප යටතේ කරමින්, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ නිරතව සිටිති. සිංගප්පූරුව මෙන්ම බෲනායි, මියන්මාරය, බංගලිදේශය, භූතානය ද එම මාර්ගයේ ගමන් අරඹා ඇත්තේ ඉන්දුනීසියානු සෙවණ ලබමිනි.

 මේ අතර දකුණු චීන මුහුදු කලාපයේ නොයිඳුල් ඛණිජ සම්පත් අතිමහත් ප‍්‍රමාණයක් භූගතව පවතින බව අනාවරණය කරගත් චීන රජය, එම භූමි කලාපය තුළ සිය අයිතිය තහවුරු කර ගැනීම උදෙසා හමුදා කඳවුරු ගුවන් තොටුපළවල් ආදිය පවා ගොඩනඟමින් සිටිනුයේ කලාපයේ සෙසු රාජ්‍යයන් අවදි කරමිනි. මෙම තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් දකුණු චීන මුහුදු කලාපයට ප‍්‍රවිශ්ඨ වීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය ප‍්‍රහාරක ගුවන් යානා රැුගෙන මහා යුද නෞකා බල ඇණියක් එම කලාපය වෙත යොමු කර තිබේ.

 චීනයද සිය ප‍්‍රහාරක ගුවන් යානා රැුගෙන යන මහා පරිමාණ යුද නෞකා ඇතුළු බල ඇණියක් එම කලාපය තුළ සනාථ කිරීම, ආසියා – ශාන්තිකර කලාපයේ යුද උණුසුමක් නිර්මාණය වීම දක්වා වර්ධනය වෙමින් පවතී. කලාපයේ සෙසු රටවල් චීනයට එරෙහිව සිය බල කඳවුරු වෙත යොමු කරවා ගැනීමේ දුෂ්කර උත්සාහයක ඇමෙරිකා එක්සත් ජනපද පාලනය නිරතව සිටින ආකාරයක් ලොව හමුවේ ආනාවරණය වෙමින් පවතී.

 එහෙත් පෙර කල ඇමෙරිකානු කඳවුරට පක්ෂයව පැවති පිලිපීන වැනි කතෝලික රාජ්‍යයක් පවා එම පිළිවෙතින් බැහැරව චීනය හා සබැඳියාව පුළුල් කර ගැනීමේ පිළිවෙතක එහි ජනපති ඩුටරේට් නියුක්තව සිටී. කලාපයේ තායිවාන හැර සෙසු රාජ්‍යයන් වර්ධනය වන කලාපීය යුද උණුසුමට උඩගෙඩි දීමට නොපෙළඹීමත් සුවිශේෂී කාරණයකි.

 මෙහිදී තායිවානයත් මහා චීනයේ කොටසක් ලෙසින් මහජන චීන රජය මුල් කාලයේ සිටම ක‍්‍රියා කළත් චීන විරෝධී මතයක් දරන කාන්තාවක් තායිවානයේ දෙවෙනි වරටත් නායකත්වයට පත්වීම කැපීපෙනෙන කාරණයකි.

 කොහොම නමුත් නවසිය හැටේ හැත්තෑවේ හා අසූව දශකවලට සාපේක්ෂව ආසියා – ශාන්තිකර කලාපය තුළ පවත්නා සුවිශේෂ සාමය, සංහිඳියාව හා එක්සත්භාවය සෙසු ලෝකයට පවා ආදර්ශ ලෙසින් ගත හැකි අගනා තත්ත්වයක්, පසුබිමක් නිර්මාණය වී ඇත. එම දශකවල දී ඇමෙරිකානු ආණ්ඩු විසින් ඉන්දු – චීන අර්ධද්වීපය මතට පටවා තිබූ ආක‍්‍රමණශීලී යුද්ධය, එම කලාපයේ ජනයාගේ ජීවිත සංවර්ධන කටයුතු, පරිසරය, විනාශ කිරීමට අත්කර දුන් දායකත්වය විසින්, එම කලාපයේ දිළිඳුකම පමණක් වර්ධනය කිරීමට සෘජුවම දායක වූ බව රහසක් නොවේ.

 ඒ අතර ඉන්දුනීසියාවේ අචේ ප‍්‍රාන්ත, ටිමෝර් හා බොග්න්විල් කලාප තුළ නිර්මාණය වූ සිවිල් යුද අරගල බෙදුම්වාදය පාදක කරගෙන ඇති වූ ආකාරයත්, පිලිපීනයේ විශාලතම දූපත වූ මින්දනාවෝ හී වෙහෙස ඉස්ලාමීය මෝරෝ වාර්ගිකයන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයත් කොමියුනිස්ට් රතු ගරිල්ලා හමුදාවේ ත‍්‍රස්ත ක‍්‍රියාත් පිලිපීනයේ සංවර්ධනයත් ප‍්‍රජාතන්ත වාදයත් බිඳ දැමීමට දායක වූ මාකොස් ෆර්ඩිනන්ඞ් ආඥාදායකයාගේ ක‍්‍රියාකාරකම් ද පිලිපීනයේ දිළිඳුකම වර්ධනය කිරීමට දායක වූ අයුරු අපට අමතක නැත.

 එම අර්බුදය විසඳෙමින් කලාපය තුළ සාමය සංහිඳියාව වර්ධනය වෙද්දී, තායිලන්තයේ දකුණු කොටසේ බෙදුම්වාදී ඉස්ලාමීය අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය මියන්මාරයේ කැරන් ගෝත‍්‍රික ත‍්‍රස්තවාදය මෙන්ම ඉස්ලාමීය බෙදුම්වාදයක් චීනයේ ගෝබී කාන්තාර මායිමේ ඇරඹි ඉස්ලාමීය බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පමණක් ආසියා – ශාන්තිකර කලාපය තුළ සාමය – සංහිඳියාව බිඳ දැමීමට ශේෂ වී පවතී.

 මේ අතර ලෝක ආර්ථික බලවතාව සිටි ඇමෙරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයට ඇද දමමින් චීනය සිය ශීඝ‍්‍රගාමී ආර්ථික වර්ධනය යොදවා ගනිමින් තීරයක් – මාවතක් මහා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වෙමින් පවතින් සිය මිතුරු රාජ්‍යන් හී නාවික වරායක් අදිවේගී මාර්ග, මහා පරිමාණ ගෑස් හා ඛණිජ තෙල් නළ පද්ධති, කර්මාන්ත ශාලා, රෝහල් ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා මහා පරිමාණ ආයොජන සිදු කරමින් සිටී. එය ඇමෙරිකානු අරමුණුවලට පමණක් නොව ලෝක බලතුලනය වෙනස් කිරීමට ද සෘජුවම බලපාන තත්ත්වයක් නිර්මාණය වීම ඇමෙරිකාවේ බලවත් කණස්සල්ලට හේතු වී තිබේ.

 ඇමෙරිකාව විසින් ලිබියාවට, ඉරාකයට, සුඩානයට, සිරියාවට පහරදීම සිදු කළෙත් ඉරානයට තර්ජනය කරනුයේත් ඉහත කී චීන ආයෝජන හා මහා පරිමාණ ව්‍යාපෘති ඇනහිටුවමින්, චීන ජනපතිගේ තීරයක් – මාවතක් මහා සංවර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ අරමුණුකින් යුතුවය යන්න ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.

 නූතන දකුණු චීන මුහුදු කලාපීය යුද උණුසුම නිර්මාණය කෙරී ඇත්තේත්, ඉහත කී ක‍්‍රියාදාමයේම දිගුවක් ලෙසිනි. සුඩානය දෙකඩ කරමින් රාජ්‍යයන් දෙකක් නිර්මාණය කෙරෙන්නේත් එම පසුබිම තුළය.

 මෙහිදී ශ‍්‍රී ලංකාවේ භූමිකාව රටේ භූමි ප‍්‍රමාණයටද වඩා අති විශාල වටිනා කමක් කරා යොමු වෙමින් පවතින ආකාරය දෙස බැලීමේදී ආසියා – ශාන්තිකර කලාපය අපේ රටට වැදගත් වන අයුරු මෙන්ම, එය කිසියම් ආකාරයක තීරණාත්මක සාධකයක් වන ආකාරයත් ඉදිරි ලිපියකින් විශ්ලේෂණය කෙරේ.

 පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්ථවීර
 email : [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment