ආහාර අර්බුදය විසඳන්න  ආණ්ඩුවට සැලැස්මක් නෑ….!

240

පුරං කුඹුරු අස්වද්දන්න ඔබත් එකතුවන්න

ආහාර අර්බුදය විසඳන්න  ආණ්ඩුවට සැලැස්මක් නෑ....!

 ජාතික ගොවිජන එකමුතුවේ සභාපති  – අනුරාධ තෙන්නකෝන්

 පොහොර ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාවේ ගොවිජනතාව විශාල අර්බුදයකට මුහුණ පා තිබේ. ඒ පිළිබඳවත් ගොවි ජනතාව මුහුණ දෙන සෙසු ගැටලු පිළිබඳවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට කළ සාකච්ඡාවකි.

 ගොවිජන එකමුතුව මගින් මාසයකට වැඩි කාලයක් ගොවිජන සත්‍යග්‍රහයක් සිදු කළා. එය හදිසියේ අත්හැර දමනු ලැබුවේ ඇයි? ඉල්ලා සිටි ඉල්ලීම් ජයග්‍රහනය කළාද?

 හදිසියේ අත්හැරීමක් නොවෙයි. අකන්ඩව දින  23 ක් ඉල්ලීම් හතරක් තේමා කරගෙන තමයි ගියේ. අපේ ගොවි ජන යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේදී සභා ගත කළා. විශේෂයෙන් කියන්න ඕනේ. හුණුපිටියේ ගංගාරාමේ විහාරාධිකාරී අචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් උන්වහන්සේ අපේ සත්‍යග්‍රහයට පැමිණිලා ඉතාම කාරුණික ඉල්ලීමක් කළා. මේ මොහොතේ රටම සාගතයෙන් පෙළෙන පෙර නිමිති පහල වෙලා තියෙනවා. අපේ ගොවිජන එකමුතුවේ නායකයින් උන්වහන්සේව බැහැ දැකලා උන්නාන්සේ පොරොන්දු වුණා මෙයට වගකිව යුතු බලධාරීන් හරහා ගොවියන්ගේ මේ තියන ගැටලුවලට

 අඩුගානේ සීයට සීයක් බැරි වුණත් 60% වත් මේ සඳහා අවධාවය යොමු කරවලා මේ රටේ සමස්ථ ගොවියන් වෙනුවෙන් මැදිහත් වෙනවා කියලා. උන්වහන්සේ ඇතුළු තවත් භික්‍ෂුන් වහන්සේලාත් ඒ වගේම විද්වතුන් වෛiවරුන් වෘත්තිකයන්ගේ එම ඉල්ලීම්වලට ගරු කිරීමක් වශයෙන් තමයි අපි මේ සත්‍ය ග්‍රහය නිමා කළේ. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම සම්බන්ධයෙන් විමසීම් කරපු ලේකම්වරු විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයා කියලා තිබුණා විශේෂඥ කමිටුව හරහා පොහොරයි අදාල ද්‍රව්‍ය ලබා දෙන්න. ඒ අනුව අපි තීරණය කළා සත්‍යග්‍රහය හමාර කරන්න. සත්‍ය ග්‍රහය තුළදී ජයග්‍රහනය කරපු ජයග්‍රහන තියනවා.

 අපි කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කරලා පළමුවෙන්ම කිව්වේ පොහොර සහනාධාරය අපට දෙන්න එතකොට රටට කන්න දෙන්න හාල් අඩුවට දෙන්න පුළුවන් කියලා. අපිට පුළුවන් වුණා අග්‍රාමාත්‍ය වරයා හා මේ සම්බන්ධයෙන් ඉන්න ඇමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරලා පොහොර මිටිය රු.10000 ට ගොවියන්ට ලබා දෙන්න දැනට රටේ පවතින තත්ත්වයත් එක්ක පොහොර මිටිය රු.10000 දෙන්න. ලැබීම අපි යම් මට්ටමක ලබාගත් ජයග්‍රහනයක් ලෙස සලකනවා.

 ඔය කියන විදියට ක් පොහොර රු. 10,000 ලැබිල නැහැ. ඒ වගේම පොහොරත් ඇත්තෙත් නැහැ. මොකක්ද මෙහි සත්‍ය `තත්ත්වය  රජය කිව්වට මෙට්ටි්‍රක් ටොන් හැටපන්දාහක් පොහොර ඇවිල්ලා නැහැ. එන පොහොර තමයි රජය කියන්නේ 10,000 දෙනවා කියලා. පොහොර එන එක පිළිබඳ තාම නිෂ්චිත දින වකවානු නැහැ. ඒ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. හැබැයි ඔවුන් කිව්වේ යල කන්නේට පොහොර මෙට්ටි්‍රක් ටොන් හැටපන්දහක් මග එනවා, ඔන්න කොළඹ වරායෙන් පිටත් වුණා කියලා. හැබැයි මේ මොහොත වෙනකම්වත් පොහොර එන දිනයක් අපි දන්නේ නෑ. මොකද වෙළෙඳ පොළෙත් 40000 ටත් දැන් පොහොර නැහැ. හැබැයි බෝට්ටු මගින් ඉන්දියාව හරහා ඔය කියන නියමිත ප්‍රමිතියෙන් තොර පොහොර වර්ග එනවා. වෙළෙඳ පොලේ නැති වුණාට කළුකඩ මුදලාලීලා ළඟ ඉතාමත් ඉහල මිලට තියෙනවා. ඒ පිළිබඳව රජයේ කෘෂිකර්මාන්තයට අනුබද්ධිත ආයතන තියෙනවා පොහොර ලේකම් කාර්යාලය, පලිබෝධනාශක රේජිස්ටාර් කාර්යාලය කෘමිනාශක හා වල්නාශක කාර්යාල, රජයේ දෙපාර්තමේනතු මගින් කිසිම වැඩපිළිවෙලේ නියාමනයක් නැහැ. ඒක නිසා තමයි මෙච්චර බැරෑරුම් තත්ත්වයකට මේක පත් වුණේ. හිටපු කෘෂිකර්ම ඇමැතිවරයාත් ආණ්ඩුවත් වගකියන්න ඕනේ. මේ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ දැන් පත්වෙලා තාම සති දෙකක් තුනක් වෙනවා. ඒත් ඔවුන් වගකියන්න ඕනේ. මොකද හැමෝම වගේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කරන්නේ නැහැ.

 ඔබගේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට අනෙකුත් ගොවිජන සංවිධානවලින් ලැබුණු ප්‍රතිචාරය මොනවගේද?

 සමහර ගොවි සංවිධාන ගොවි ව්‍යාපාර තියනවා රජයට ඒකාබද්ධ සංවිධාන කියලා. අපේ මේ සත්‍යග්‍රහය අතරතුර අපිට සාකච්ඡාවක් දුන්නා. රජයට අනුබද්ධිත ගොවි සංවිධාන ඒකාබද්ධ ගොවි සංවිධාන හැබැයි පොළොන්නරුවේ විතරයි තියෙන්නේ. වෙන තැන්වල නැහැ. රොෂාන් රණසිංහත් මිය ගිය ප්‍රේමලාල් අතුකෝරාල මන්ත්‍රීවරයාත් තමන්ට හිතවත් කිහිප දෙනෙක් ගෙනල්ලා බත් එකයි, සල්ලියි, බොන්නයි දීලා ටික දෙනෙක් අරන් ආවා පොළොන්නරුවේ. මේ ගොල්ලෝ හොරෙන් සාකච්ඡා කරලා. ඒ කට්ටියට කිව්වා ඉල්ලීම් දෙනවා කියලා හැබැයි ඉල්ලීම් දුන්නේ නැහැ රජය ඇමැතිවරයාත් ගොවියෝ අතර බේද බින්න ඇති කරන්න කටයුතු කරනවා.

 විශේෂයෙන්ම රජයට අනුබද්ධිත ගොවි සංවිධානවල ගොවි නායකයන් බොහෝ දුරට අවංක ගොවි නායකයෙන් ඉන්නවා. ලාභ වරප්‍රසාද, බලාගෙන වැඩ කටයුතු කරන නායකයොත් ඉන්නවා. ඒක ඕන තැනක දකින්න තියන දෙයක්නේ. හැබැයි අපි කිසිදු දේශපාලන පක්‍ෂයකට ගැති නොවී කිසිදු පක්‍ෂයකට හෝ පුද්ගල කණ්ඩායමකට නතු නොවී ස්වාධීන ගොවි ව්‍යාපාරයක් විදියට අවංකව මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික ගොවි ව්‍යාපාරයක්. ජාතික මතයක් තියෙනවා යැපුම් වාණිජ කෘෂිකර්මාන්තයේ මේ රටට ගේන්න ඕනේ කියලා. මොන ප්‍රශ්න තිබුණත් ගොවියාට දේශපාලනයක් තියෙන්න බෑ. පෞද්ගලික දේශපාලනයක් තියෙන්න පුළුවන්. ජන්දේ පාවිච්චි කරන්න. ගොවියා රට වෙනුවෙන් ඉන්න ඕනේ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට අපිට ඉල්ලීම් දිනා ගන්න ලේසියි. සමහර ගොවි සංවිධාන කියනවා රජයට අනුබද්ධ ගොවි ව්‍යාපාර හැබැයි ඒ අයගේ අයිතීන් වෙනුවෙන් එයාලත් යම් මෙහෙවරක් කරනවා. ගොවි තැන හා ගොවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි අපි ඔක්කෝටම එක වේදීකාවට එක තැනකට එකතු වෙන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. තාම අපිට එක වේදිකාවක් හදා ගැනීම පිළිබඳව නිෂ්චිත මතයක් නැහැ. නමුත් උත්සාහයක් දරනවා සියලු ගොවි බලවේග එකට එකතු කරන්න.

 ඔබගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

 ★ ඉල්ලීම් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම පොහොර සහනාධාරය. පහුගිය කාලේ රසායනික පොහොර තහනම් කරලා. ඒ හරහා පොහොර සහනාධාර අහෝසි කරා. නමුත් පොහොර සහනාධාර දෙන්න ඕනේ. වස විෂ නැති ගොවිතැනක් හොඳයි නමුත් රටේ ආහාර සුරක්‍ෂිතතාවය රැකගන්න නම් රසායනික පොහොර සහනාධාරයත් ඕනේ.

 ★ ගොවීන්ට අයිති ඉඩම් කොල්ල කෑම්වලට ආණ්ඩුවේ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෝ මැදිහත් වීම නිසා ඉහල දේශපාලන අණ ඇතුව ගොවීන්ට අයිති ඉඩම් මහ පරිමාන වශයෙන් මංකොල්ල කෑවා ප්‍රාදේශීය දේශපාලනඥයෝ. ඒ නිසා මේ ඉඩම් මංකොල්ලය වහා නවත්වන්න ඕනේ.

 ගොවීන්ට මේ වෙනකම් සහන නොදීම සහන නම් විශේෂයෙන්ම වගා හානි, වනසත්ත්ව හානි ඒ සම්බන්ධයෙන් වන්දිදීම සිදු වෙලා නැහැ. වන්දි දෙන්න ඕනේ. ගිය දෙසැම්බර් 19 වැනිදා වන්දි දෙනවා කිව්වට ලාබා දීමේ වැඩපිළිවෙලක් තාම නැහැ. ඒ වන්දි සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.

 ★ පොදුවේ ගොවිජනතාව වෙනුවෙන් නෙවෙයි රටම වෙනුවෙන් ජනතාවට සහන සලසන්න ඕනේ.

 ★ ඉන්ධන ඇතුළු කෘෂි යෙදවුම් සඳහා ගොවියන්ට 100% බදු සහනයක් දෙන්න ඕනේ.

 මොකද ඉන්ධන ඇතුළු කෘෂි යෙදවුම්වල මිල අඩු කළොත් තමයි වෙළෙඳ පොලේ පාරිභෝගිකයන්ට අඩුවට හාල් හරි කෘෂි නිෂ්පාදන දෙන්න පුළුවන්. හැබැයි

 පසුගිය කාලේ ඉන්ධන මිල ඉහල යෑම නිසා අක්කරයක් වී දාන්න. රුපියල් 20,000-25000 අතර ප්‍රමාණයක් යනවා. වී කිලෝවක් හරි කෘෂි නිෂ්පාදන වියදම සඳහා අස්වනු නෙලීමේදී සුනාමි මැෂින්වල බද්ධ අයින් කරන්න ඕන. එම බදු ගැසීම තුළ ලක්‍ෂ 30 විතර තිබුණු සුනාමි වගේ යන්ත්‍ර සුත්‍ර රුපියල් ලක්‍ෂ 90 වැඩි වෙලා. ඒවායේ කෘෂි උපකරණ හා යන්ත්‍ර සූතු සඳහා 100% සහන දුන්නට පාඩු නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු සහන මත කෝටි හතර පහේ වාහන දෙනවා නම් මේ රටේ ගොවිජනතාවට බදු සහන දෙන්න බැරි ඇයි මේ රටේ ගොවිජනතාවට ඉන්ධන සහනාධාරයක් දෙන්න බැරි. ඉන්ධන මිල ඉහලයි ඉහලයි කියනවා ඉන්ධන මිල ඔය තරම් ඉහලයි කියන්න හේතුවක් නැහැ. ඒ අකර්්‍යක්‍ෂමතාවය නිසා ඛනිජ තෙල් සංස්තාවේ සේවා අතිරික්තයක් තියෙනවා. ඔවුන් ඉහල පඩි ගන්නවා. අපිට පඩි ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ තනතුරුවලට කවුරුවත් ඩීසල් පෙට්ට්‍රල් සෙඩ්වලින් නිකන් දෙන් නැහැනේ.

 චීන පොහොර නැවට සහ රසායනික පොහොර තහනමට ඔබ දැඩිව විරුද්ධව කතා කළ අයෙක් හා ක්‍රියා කළ අයෙක් ඇත්තටම පහුගිය කන්නයේ වී අස්වැන්නේ අඩුවක් තියනවාද?

 පැහැදිලිවම කියනවා 60% අසුවනු අඩුවක් තියනවා. පොහොර නොමැතිකම නිසාවෙන් ගොවිබිම්වල අස්වැන්න අඩු වීමත් තියෙනවා. විශේෂයෙන් රසායනික තෙල් පොහොරත් නොමැතිකම නිසා ගොවි බිම්වල අස්වැන්න අඩු වුණා හැබැයි රජය තක්සේරු කළේ 40% කියලා. හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා සහ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු ඒ අය ප්‍රකාශ කරලා තියෙන්නේ 40%-35% කියලා. අපි හොයා බලපුවාම දකින විදියට ගිය වසරේ වී මෙට්ටි්‍රක් ටොන් ලක්‍ෂයක් 14,00000-1500000 අතර ප්‍රමාණයක් තමයි මාස් කන්නේ වී අස්වැන්න ලැබෙන්නේ. හැබැයි ගොවීන්ට වන්දි දෙනවා කිව්වට වන්දි දුන්නෙත් නැහැ. වගාහානි දෙනවා කිව්වට ලැබිලා නැහැ. මේකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෙ. ඊළඟ කන්නේ වගා කරන්න ගොවියා දැන් ණය වෙලා ඉන්නේ. ඊළඟ රටේ බරපතල අර්බුදයක් තියෙනවා. ගොවියා කුඹුරට යන්නේ නැහැ. අධෛර්මත් වෙලා තියෙනවා. ඒකට හේතුව අස්වැන්න අඩු වීම රසායනික තෙල් පොහොර නැතිකම කාබනික පොහොරත් නැති හේතුවෙන් අස්වැන්න අඩු වීමක් සිදු වුණා. අනාවාර්යෙන් සාමාන්‍යයෙන් ගිය වර්ෂවල මෙට්ටි්‍රක් ටොන් ලක්‍ෂ 33-34 ගන්න කොට මේ පාර එකට එකක් අඩුවෙලා තියෙනවා. 60% අඩුවෙලා තියෙනවා. ඒකෙන් මුළුමනින්ම වෙළෙඳපලට ගොවියෝ වී ටික නිකුත් කරන්නෙත් නැහැ. යම් ප්‍රමාණයක් තියාගෙන තමයි වෙළෙඳපොළට නිකුත් කළේ. මේ පාර සාමාන්‍යයෙන් වෙළෙඳපොළට වී නිකුත් කළේ මෙට්ටි්‍රක් ටොන් ලක්‍ෂ 12 ක් එතකොට කිසි සේත්ම ප්‍රමාණවත් නැහැ. මෙට්ටි්‍රක් ටොන් ලක්‍ෂ 12 කියන්නේ හාල්වලට ගත්තාම හාල් කිලෝ ලක්‍ෂ 9-10 වගේ තමයි. සාමාන්‍යයෙන් මාස 4, 5 කටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ලොකු ආහාර අර්බුදයක් තියෙනවා කියලා. ගිය අවුරුද්දේ ඉදලා අපි කිව්වේ සාගතයක් එනවා කියලා. අද මුළු රටමත් පිළි අරන් තියෙනවා. ජාතික ගොවිජන එකමුතුවට අපි කල් තියා මේක කිව්වා කෘෂිකර්ම ඇමැතිවරයාත් කෘෂිකර්ම නිලධාරීන්ටත් ඔය කියන විද්වත් මහත්තුරුන්වත් සමහරක් විද්වත් මහත්වරු කීප දෙනෙක් විතරක් කිව්වා. ඒ වගා කරත් යල කන්නය මුළුමනින් ඉවරයි. මේ කන්නෙත් වී අස්වනු ප්‍රමානවත් කියන්නත් බැහැ.

 රටේ සමස්ත වී වගා වපසරිය කොපමණද වී අස්වනු ප්‍රමාණයේ අඩුවක් වුණා නම් ඒ කොපමණද?

 සාමාන්‍යයෙන් හෙක්ටයාර් දසලක්‍ෂ ගානක් තියෙනවා. ඉඩම් වැවිලි තියනවා 1800000 ක් මාස් කන්නේ වගා කරනවා. හෙක්ටයාර් දසලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් වගා කරනවා. යල කන්නේ වගා කරන්නේ මෙටි්‍රක් ටොන් හෙක්ටයාර් හය ලක්‍ෂයක් කෘෂි කර්ම ඇමැතිවරයා කිව්වා තුන් ලක්‍ෂයක් වගා කරනවා කියලා. ඒක පට්ටපල් බොරුවක් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු මේ රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තු අමාත්‍යවරු පට්ටපල් බොරු කියන්නේ පහල නිලධාරීන් බොරු සංඛ්‍යා දත්ත දෙනවා.

 ★ රට අර්බුදයකට තියන මේ මොහොතේ ආහාර හිඟයක් ගැන කතා කරනවා. කෘෂිකාර්මික සංවිධානයක් හැටියට පුරන් කුඹුරු ඇතුළු කුඹුරු ඉඩම් වගා කිරීමට ඔබ පියවර ගන්නවාද? ඒ කොහොමද?

 බස්නාහිර පලාත තමයි වැඩිම අර්බුද ගණනාවකට මුහුණ දෙන්නේ. බස්නාහිර පලාත වගා කරන්න තියෙන කුඹුරු ඉඩම් තියෙද්දී ඒවා දැනට පුරන් වෙලා තියෙනවා. වගුරු බිම් බවට පත්වෙලා තියෙන කුඹුරු ඉඩම් තියනවා. හෙක්ටයාර් 12500 ආසන්න වශයෙන් අරක්කර 25000 අක්කර 25000 වගා කරා කියන්නේ බස්නාහිර පලාත විතරක් නෙවෙයි. දකුණු පලාතටත් කන්න දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සරහට වැඩ පිළිවෙලක් හැදුවා.

 ★ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ කුඹුරු ටික අස්වද්ධන්න උවමනාවක් නැහැ. ඉදිරියේ සාගතයක් එනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කිසිම සැලැස්මක් නැහැ. අඩු ගානේ පොහොර ටිකවත් හදා ගන්න බැරි වුනානේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියනවාට වඩා හොඳයි අකුලලා දාලා තියන එක. මේ අර්බුදයට වග කියන්න ඔනේ මුළු මනින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි.

 ඊට අනුබද්ධිත ඇති සියලු සංවිධාන වගකියන්න ඕනේ. පොහොර ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘ, නි ස ගමේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර යන අයගේ කාර්ය මොකක්ද සමහර නිලධාරීන් කුඹුරු ගොඩකරන්න සම්බන්ධයි.

 දැන් මන්ඤොක්කා හිටවන්න අල බතල හිටවන්නත් මාස හයක් යනවා අස්වනු ගන්න. එතකොට මුං වගේ කොටි කාලීන අතිරේක බෝග තමයි අපිට වගා කරන්න වෙන්නේ මුං කව්පි කුරක්කන්, ද්‍රව්‍ය, බඩඉරිඟු ඒවගේ දේවල් ඒවා හදන්න. පටන් ගන්න ඒවට පොහොර ඕනේ තමයි. තමන්ට පුළු පුළුවන් විදියට ගස් හතර පහ හරි පර්චස් හතරේ පහේ මිරිස් ගහක් හරි දෙයක් ආහාරයට ගන්න පුළුවන් දේවල් වවන්න. ඉදිරියේදී නාගරික ගෙවතු සංකල්පය පටන්ගත් එක ආරම්භ කරනවා අපි සූදානම් ඒ සඳහා බීජ කට්ටල ලබා දෙන්න. ජාතික ගොවිජන එකමුතුව විදියට යම් පිරිවැයක් දරන්න වෙනවා ඒ සඳහා. බොහෝ අයට අපි සූදානම් අවශ්‍ය කෘෂිකර්ම උපදෙස් දෙන්න. අපි මැදිහත් වෙලා මේ වගා කටයුතු ගෙදරදී පිටදී පොදු ස්ථානවලදී තමන්ගේ ඉඩම නොවුනට කමන් නැහැ. වගා කරන්න පුළුවන් නම් මොනව හරි බීජයක් මෑ කරල්, බණ්ඩක්කා ඇටයක් වට්ටක්කා, මන්ඤොක්කා දණ්ඩයක් බතල දණ්ඩයක් මොනවා හරි දෙයක් වගා කරන්න අඩු ගානේ මාස හයකින්වත් නිසි අස්වනු නෙලා ගන්න පුළුවන් ඒක තමයි අපිට කරන්න පුළුවන් ඉල්ලීම.

 සාකච්ඡා කළේ –  සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment