කොස් හා කොස් ඇට භාවිතය පොදු ජනයාගෙන් ඈත් වුවද, එය නව ප්‍රභේදයක් ලෙස නැවත සමාජය වෙත ගෙන ඒමට සමත්කම් දක්වන අපුරු තරුණියක් ‘දිවයින’ ට හමුවන්නේ මහනුවර ප්‍රදේශයෙනි.
තාරුණ්‍යයට නව අර්ථයක් එක් කරමින්, නව නිපැයුමෙන් ලොවක් ජය ගන්නට, ව්‍යවසායකත්ව මගට පිවිසෙන්නට, දේශීයත්වයට නව පණක් ලබා දෙන්නට වෙර දරණ මේ අපූරු යුවතිය තේ කොප්පයට කොස් ඇට කිරි එකතු කරන, යුගයේ අවශ්‍යතාවට නව නිපැයුමෙන් රටටම ආදර්ශයක් සපයන අපුරු යුවතියක් වන ඇය මහනුවර තාක්ෂණ විද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමාව හදාරමින් අවසන් වසරේ ඉගෙනුම් කටයුතු සිදු කරන සනුරි සම්මානි කළුහෙට්ටිආරච්චි වේ.
නව නිර්මාණකරණයෙන් යුක්තව නව ආහාර ප්‍රභේදයක් ලෙස කොස් ඇට භාවිතයෙන් “කොස් ඇට කිරි පිටි” නව නිෂ්පාදනය හඳුන්වා දීමට සනුරි සමත් වී ඇති අතර ඇය සිය නව නිෂ්පාදනය පිළිබදව ‘දිවයින’ ට මෙසේ කරුණු දැක්විය.
“මගේ නව නිෂ්පාදනය ඇත්තටම කොස්ඇට වලින් කරන නව නිපැයුමක්. මේක කොස් ඇටවලින් හදන කිරි පිටි එකක්. මේකට අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ කොස් ඇට විතරයි. ප්‍රෝටීන්, විටමින්, පිෂ්ටය, ඛනිජලවණ, කාබෝහයිඩ්රේට්, මේදය, තන්තු, තයමින්, මැග්නීසියම්, පොස්පරස් ආදී පෝෂණ සංඝටක රැසක් මේ කොස් ඇටවල අඩංගු වෙනවා.
මේ නිසාම රුධිරගත සීනි ප්‍රමාණය අඩුකර ගැනීමට මෙන්ම ආහාර ජීර්ණ කටයුතු හොඳින් සිදුකර ගැනීමට මෙන්ම ඉන්සියුලින් සංවේදීතාවය පවත්වා ගැනීමට මින් විශේෂ දායකතත්වයක් ලැබෙනවා.
විදේශ විනිමය රටට ගෙන ඒම වෙනුවෙන් මෙම නව නිෂ්පාදනය සදහා දිරිදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් නව දේශීය කර්මාන්තයක් ලෙස ලොවටම දේශීය පෝෂණීය ගුණයෙන් යුක්ත නිෂ්පාදනයක් ලබාදීමේ හැකියාව පවතින බවත් ඒ සදහා සියලු පර්යේෂණ කටයුතු සිදුකොට නිවැරදි ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බවත් සනුරි පවසයි.
කෝපි, චොක්ලට් හා වෙනත් කිරි පානයන්වලට ආදේශකයක් ලෙස මෙම නිෂ්පාදනය භාවිතා කිරීමේ හැකියාව පවතින බව ද ඇය පෙන්වාදෙයි. මේ සඳහා අමුද්‍රව්‍ය ලෙස කොස් ඇට පමණක් යොදා ගැනීම විශේෂත්වයකි.
මේ සඳහා අවශ්‍ය පහසුකම් රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආයෝජකයකුගේ සහය ලබා දෙන්නේ නම් දේශීය කර්මාන්තයක් ලෙස නව දැක්මත් සහිතව ගොඩනැගීමට හැකියාව පවතින බවත්, එම ඉලක්ක්කය ජය ගැනීම තම අරමුණ බවත් සනුරි සම්මානි කළුහෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවාය.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන