රට පුරා විසිර සිටි තරුණ නිර්මාණකරුවන්ට වේදිකාවක් හැදුවා… අනෝමා රාජකරුණා
ඇජෙන්ඩා 14 කෙටි චිත්රපට උළෙල සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුකෙරේ. නොකඩවා එකොළොස්වෙනි වරටත් පවත්වන මෙම කෙටි චිත්රපට උළෙල සංවිධානය කරන්නේ සම්මානනීය කෙටි චිත්රපට අධ්යක්ෂිකාවක වන අනෝමා රාජකරුණාගේ ඇජෙන්ඩා 14 ආයතනය විසිනි. දෙසැම්බර් 9 වැනිදා සිට 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙම කෙටි චිත්රපට උළෙලේ අරමුණ ගැන අනෝමා රාජකරුණා මෙසේ පැහැදිලි කරයි.
‘‘මුල් වරට 2011 දී මේ චිත්රපටි උළෙල පටන්ගන්නකොට කෙටි චිත්රපට ගැන ලංකාවේ ඒ හැටි උනන්දුවක් තිබ්බෙ නෑ. තැන් තැන්වල එක එක නිර්මාණකරුවන් උත්සාහයක් දැරුවට ඒවා ඒකරාශී වීමක් සිදුවෙලා තිබුණෙ නෑ. සිනමාව ගැන ලොකු උනන්දුවක් දැක්ක බස්නාහිර පළාතෙ කෙටි චිත්රපට නිර්මාණකරුවන්ගේ වත් නිර්මාණ එකතුවක් තිබුණේ නෑ. නමුත් පසුගිය අවුරුදු දහයක කාලය තුළ ඇජෙන්ඩා 14 ආයතනය විදියට අපිට පුළුවන් වෙලා තියෙනවා සෑම පළාතකම සිනමාව සඳහා උනන්දු වන තරුණ නිර්මාණකරුවන් එකතැනකට එකතු කරන්න. මොකද සිනමාවේ නව ප්රවණතා රැුලි ඇතිවෙලා තියෙන්නෙ කේවලව කටයුතු කිරීමෙන් නෙවෙයි. සාමූහිකත්වයත් එක්ක. දැන් අපට දිවයිනේ සෑම පළාතකින්ම වසරකට නිර්මාණ සියයක් විතර මේ සිනමා උළෙල සඳහා ලැබෙනවා. ඒ වගේම පසුගිය වසර කිහිපය පුරා ඇජෙන්ඩා 14 මැදිහත්ව නිර්මාණය වූ තරුණ නිර්මාණකරුවන්ගේ කෙටි චිත්රපට ලෝකයේ තරගකාරී චිත්රපට උළෙලයන්වලදී ජයග්රහණය ලබා තිබෙනවා.’’ යැයි ඇය පවසන්නීය.
ඇජෙන්ඩා 14 මෙවර උළෙලට ඉදිරිපත් වන නිර්මාණ සඳහා විවිධ ක්ෂේත්ර අළලා සම්මාන 10ක් පිරිනැමීමට නියමිත බව ඇය තවදුරටත් පැවසුවාය. ඒ අතර වයස අවුරුදු 24 අඩු නිර්මාණකරුවෙක් සඳහා මතු ප්රාර්ථනා සපිරි අධ්යක්ෂ නමැති විශේෂිත සම්මානයක්ද මෙවර උළෙලට අයත්ය.
මෙවර උළෙල සඳහා බි්රතාන්ය කවුන්සිලය, ජර්මානු සංස්කෘතික ආයතනය, ප්රංශ තානාපති කාර්යාලය”, ඇලියොන් ප්රාන්සෙස් ආයතනය සරසවි සිනේරූ අනුග්රාහකත්වය ලබා දී ඇත.