ඇඩිලේඩි ක්‍රීඩිකාවෝ අඛණ්ඩව දෙවන වරටත් කිරුළු දරති

293

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි විය.

අවසන් මහා තරගයේ දී බි්‍රස්බේන් හීට් කණ්ඩායම ලකුණු 3 කින් පරාජය කරමින් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩිකාවෝ එම ජයග්‍රහණය ලැබූහ.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇඩිලේඩ් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් ලබා ගත් අතර බි්‍රස්බේන් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

මෙවර තරගාවලියේ වීරවරිය සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සම්මාන ලැබුවාය.

තරග 14 කදී ලකුණු 552 ක් ලබා ගත් ඇය තරගාවලියේ වැඩිම දෙවැනි ලකුණු ලාභී ක්‍රීඩිකාව බවටද පත්ව සිටියාය.

ලකුණු සාරාංශය

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් ඕවර 20කදී 125/5 (ලෝරා වොල්වාඩ් 39, ටහ්ලියා මැක්ග්‍රාත් 38, නිකොලා හැන්කොක් 3-23)

බි්‍රස්බේන් හීට් පිල ඕවර 20කදී 122/8 (ඇමීලියා කර් 30, ජෝර්ජියා රෙඩ්මේන්-ජේ 26, ජෝර්ජියා රෙඩ්මේන්-ජේ 22, මැක්ග්‍රාත් 2-16, මේගන් ෂූට් 2-30)

advertistmentadvertistment
advertistmentadvertistment