ඇත්ත දත්ත මැකුවේ කවුද? අහුවෙන්නේ තෝරු මෝරු වෙනුවට හාල්මැස්සෝ

671

ඖෂධ දත්ත මකා දැමුවා යැයි කියන ‘සයිබර් ත‍්‍රස්තවාදියකු’ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ප‍්‍රවෘත්තිය ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ ප‍්‍රමෝදයට හේතුවන කාරණාවක්ව ඇති බව නිසැකය. ඒ උදවියට අවශ්‍යනම් සංචරණ නීතියට යටත්ව දහදෙනකුට නොවැඩි පිරිසක් සමග එක්ව ලැබූ ජය සමරන්නට හැකිය. විපක්‍ෂයට ද ඒ හා සමාන චූන් එකක් ඇති බව විශ්වාසය. එහෙත් අපගේ තිර විශ්වාසය අනුව ප‍්‍රශ්නය තවමත් අහවර නැත. අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා යැයි කියන පුද්ගලයා එසේ මෙසේ සයිබර් ත‍්‍රස්තවාදියකු නොව සුවිශේෂී ගණයේ සුපිරි සයිබර් ත‍්‍රස්තවාදියෙකි. ‘ඖෂධ මාෆියාව’ විසින් කුලියට ගනු ලැබූ ත‍්‍රස්තවාදියෙකි. එහෙත් එසේ නාමකරණය වන්නට පෙර ඔහු සාමාන්‍ය මෘදුකාංග ඉංජිනේරුවෙකි. අප මුලින් කීවා සේ ඇත්තම ප‍්‍රශ්නය පටන්ගන්නේ මේ මොහොතේය.

ඔහු තවමත් තමන්ට අදාළ කොන්ත‍්‍රාත්තුව බාරදුන් පාර්ශ්වය නොඑසේනම් ඖෂධ මාෆියාව කවරෙක් දැයි හෙළිකර නැත. එසේ හෙළිකරන්නට පෙර තවත් බොහෝ දේ සිදුවන්නට ඉඩකඩ ඇති බැවින් රටේ ජනතාව අවධානයෙන් සිටිය යුතුය. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව විපක්‍ෂයටත්, ඖෂධ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ බවත්, බැණ අඩගසාගත් බවත් අමතක කළ යුතු නැත. ඉතිං මේ මොහොත ඒ දෙපාර්ශ්වයම මේ මොහොතේ සිටින්නේ ‘බොක්ක රත් කරගෙන’ බව සියයට සියයක්ම විශ්වාසය. දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ මොහොතේ ඉදිරිපත් වූ කරුණු අනුව මෙය ‘හිතාමතා’ සිදුකළ කි‍්‍රයාවකි. එහෙත් ඊට පෙර (දැනට සති කිහිපයකට උඩදී) මේ ගැන කතා කරන විට ආණ්ඩුවේ සමහර උදවිය කී කතා සිද්ධිය හිතාමතා යට ගැසීමේ වුවමනාවෙන් කරන ලද ඒවාදැයි හිතන මට්ටමේ සිල්ලර ඒවාය. අත වැදී දත්ත මැකුණු බවත්, දත්ත සියල්ල සුරක්‍ෂිත බවත්, මැකී ඇත්තේ කලින් ආණ්ඩුවේ දූෂිත ගනුදෙනු සිදුවූ දත්ත බවත්, මැකී ඇත්තේ ඉතා සුළු ප‍්‍රමාණයක් බවත් පසුගිය දිනවල මාධ්‍යයට කළ ප‍්‍රකාශ අතර අසන්නට දකින්නට ලැබිණි. එහෙත් අධිකරණයේදී හෙළිවූ පරිදි මැකී ඇති ‘සුළු දත්ත ප‍්‍රමාණය’ ලිපිගොනු 11,000 ද ඉක්මවයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන් පරිදි ඒ තුළ ඖෂධ සහ වෛi උපකරණවලට අදාළ ලිපි ගොනු තිබී ඇත.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා පසුගිය ජුලි මස 09 වැනිදා අලූයම 3.45 සිට උදෑසන 10.24 දක්වා පැය හයක කාලයක් සිය නිවසේ හිද අදාළ දත්ත ඉවත් කර තිබේ. අදාළ සැකකරුවාගේ අයි. පී. අංකය සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමූ විධානය ලබා දුන් අයි. පී. අංකය සමාන බවත්, එලෙස දත්ත මැකීමට විධානය ලබාදුන් ප‍්‍රවේශකරු අදාළ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවා බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව වෝහාරික විශ්ලේෂණයක් සිදුකර තිබිණි.

මීට පෙර ලිපියක ද සඳහන් කළ කරුණු කාරණා අප නැවතත් මේ සටහනට එකතු කරන්නේ ‘මඟහැරුණු බොහෝ දේ ගැන ජනතාව දැනුවත් කරන්නටය.

  • ඖෂධ නියාමන අධිකාරියේ කතාව

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යනු මෙරට අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්‍ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්‍ෂමතාව පිළිබඳ ප‍්‍රමිතීන් සපුරාලීම, සහතික කරමින් මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම හා වැඩිදියුණු කිරීමට අදාළව ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ආයතනයයි. ඒ අනුව ඖෂධ, වෛi උපකරණ, සීමාසහිත නිෂ්පාදන, විලවුන් නිෂ්පාදන, ඔසුසල්, ඖෂධ ප‍්‍රවාහනය හා බෙදාහැරීම සඳහා ලියාපදිංචි කිරීම, බලපත‍්‍ර නිකුත් කිරීම ඇතුළු ඊට අනුෂාංගික සියලූ කරුණු කාරණා නියාමනය කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා තිබේ. වඩාත් වැදගත් වන්නේ ඖෂධීය නිෂ්පාදන ජනතාවට සාධාරණ මිලකට ලබාගත හැකි බවට සහතික කිරීම සඳහා ඒවායෙහි මිල නියාමනය කිරීම වැනි කාරණාය.

ඖෂධ නියාමන අධිකාරිය යනු පාර්ලිමේන්තු පනතක් මගින් 2015 වර්ෂයේ පිහිටුවනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් අධිකාරියකි. ජාතික ඖෂධ නියාමන ආයතනය පාලනය කරනු ලබන්නේ මණ්ඩලයක් මගිනි.

  • දත්ත පද්ධතිය හැදුනු හැටි

අප ඉහතින් කී කාරණා ඉතා විනිවිද භාවයෙන් යුතුව ඉතා කඩිනමින් කාර්යක්‍ෂමව ජනතාවට ලබාදීම පිණිස ඖෂධ නියාමන අධිකාරිය ‘‘e NIMRA” නමින් දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබිණි. ඖෂධ නියාමන අධිකාරිය පවසන ආකාරයට මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කිරීමෙහිදී සියලූ මාර්ගෝපදේශයන් සහ පිරිවිතර ලබා දී ඇත්තේ (ICTA) ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයෙනි. 2018 මැයි 03 වැනිදා අදාළ දත්ත පද්ධතිය ස්ථාපිත කිරීමෙහි කටයුත්ත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එපික් ලංකා ටෙක්නොලොජිස් පුද්ගලික සමාගම Epic Lanka Technologies (PVT) Ltd) සමග ගිවිසුම්ගතව තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන ආකාරයට එම ගිවිසුම්ගතවීමේ ක‍්‍රියාවලිය විනිවිද භාවයකින් සිදුකරනු ලැබූවකි. සියලූම මිල කැඳවීම් රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුව සිදුකර තිබේ. එමෙන්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පත්කරනු ලැබු ඉතා ඉහළ පළපුරුද්දකින් යුක්ත සාමාජිකයන් 07 දෙනෙකුගෙන් යුත් තාක්‍ෂණික ඇගයුම් කමිටුවක් මගින් විනිවිදභාවයකින් යුක්තව අදාළ ආයතනය තෝරාගෙන තිබේ. වඩා වැදගත්ම කාරණය වන්නේ එම තාක්‍ෂණික ඇගයීම් කමිටුවට ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ නියෝජිතයන් දෙදෙනෙකු ද සම්බන්ධ වී තිබීමය. එපික් ලංකා සමාගමට ‘e NIMRA’ දත්ත පද්ධතිය සකස් කිරීම බාර දී තිබුණ ද, අදාළ දත්ත පද්ධතියේ ව්‍යාපෘති කළමනාකරු (Project manager) ලෙස කටයුතු කර ඇත්තේ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICTA) ආයතනයයි. අදාළ සමාගම සමග එම ගිවිසුම්ගතවීමේ කාලසීමාව 2018 වර්ෂයේ සිට ඉදිරියට වර්ෂ 05ක පමණ කාලයකින් යුක්තය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එම සමාගම අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ‘e NIMRA’ දත්ත පද්ධතියේ ඇති සියලූම දත්තවල සුරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් ඉහත ආයතනය, අධිකාරියට වගකීමෙන් සහතික වී තිබේ. ඒ අනුව අදාළ සමාගමේ ප‍්‍රධානියා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්නකිරීමෙහි බැලූ බැල්මට වරදක් නැත. දැන් මේ කාරණය ආණ්ඩු දෙක අතර ප‍්‍රශ්නයකි. අදාළ දත්ත පද්ධතිය පිහිටුවනු ලැබු කාලයේ සිටියේ යහපාලන ආණ්ඩුවය. දැන් වත්මන් ආණ්ඩුවත් පෙර ආණ්ඩුවත් දත්ත මැකී යෑමේ සිද්ධිය පිළිබඳ එකිනෙකට ඇඟිල්ල දිගු කරමින් සිටියි. ඒ නිසාම ඖෂධ නියාමන අධිකාරියේ නියාමන ක‍්‍රියාවලිය අනුව රටේ ජනතාවට සෘජුවම බලපාන ප‍්‍රශ්නයක් ‘අබිරහසක්’ ලෙස ජනතාව ඉදිරියේම තිබේ.

  • නොගැලපෙන කතා

අප මුලින් කී පරිදි, ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට මුල සිටම වගකිවයුතු පාර්ශ්වයන් පළකළ අදහස් කිසිසේත් එකිනෙකට ගැළපුනේ නැත. ඖෂධ නිෂ්පාදන, සැපයුම හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා වන්නේ චන්න ජයසුමනය. ඔහු මේ දත්ත මැකී යෑම ගැන කතා කළේ ඉතා සැහැල්ලූවෙනි. ඒ මෙසේය.

‘‘අපි හිතනවා මෙය අත්වැරදීමකින් සිදු වූ කාරණයක් ද නැත්නම් හිතාමතා කළ දෙයක්ද කියන එක තවත් සතියකින් හමාරකින් එළිවෙයි කියලා. විවිධ ඖෂධ ආනයනය කරන සමාගම් තමන්ගේ ඖෂධ ලියාපදිංචියට අදාළවන මුල් පිටපත්වල, ස්කෑන් කරපු පිටපත් තමයි මේ විදියට අප්ලෝඞ් කරලා තියෙන්නේ. හැබැයි ඒ මුල් පිටපත් අදාළ සමාගම් සතුව තිබෙනවා.’’ පසුව පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය සමග වාදයට පැටලෙමින් ඔහු බොහෝ කතා කීවේය. පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි රාජිත සේනාරත්න කියන කතාව ද අදාළ කාරණය සම්බන්ධයෙන් තොරතුරක් සොයා ගැනීමට තරම් ප‍්‍රමාණවත් නැත. මේ රටේ තිබෙන බොහෝ ‘අදාළ

සමාගම්’ හි අක‍්‍රමිකතා ජාවාරම් ගැන රටේ ජනතාවට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැති නිසා ‘මුල් පිටපත්’වල නිරවiතාව පිළිබඳ කතා කර පලක් නැත. ඖෂධ නියාමන අධිකාරියේ මෘදුකාංග පද්ධතියේ ප‍්‍රධාන දත්ත ගබඩාවේ දත්ත කිසිවක් මැකී ගොස් නැති බව එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර ආයතනයේ සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා කියා තිබේ. ආචාර්ය නයන දෙහිගම කියන්නේ ද මෙහිදී මැකී ගොස් ඇත්තේ ඖෂධ සැපයුම්කරුවන්ගේ ඇමුණුම් ගොනුවක් පමණක් බවය. එම දත්ත පද්ධතිය දෛනිකව නඩත්තු කළ ඉංජිනේරුවරයා අතින් වැරදීමකින් එය මැකී ගොස් ඇති බවත්, මැකී ගිය දත්ත නැවත ලබා ගැනීමට හැකි බවත් ඔහු පවසා තිබිණි. අදාළ ආයතනවල අවසරය ලැබුණු පසු එය ක‍්‍රියාත්මක කළ හැකි බවත් ආචාර්ය දෙහිගම කියා තිබේ.

දැන් අපට ප‍්‍රශ්නයක් අසන්නට තිබේ. එය ආචාර්ය නයන දෙහිගම කියන තරමේ සරල කාරණයක් නම් සති දෙකක් ඉක්ම යනතුරුත්, අදාළ ඉංජිනේරුවා අත්අඩංගුවට ගන්නාතුරුත් මැකී ගිය දත්ත නැවත ලබා නොගත්තේ ඇයි?

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛi ප‍්‍රසන්න ගුණසේන කීවේ මේ දෙදෙනාම නොකියන අන්දමේ හතරබීරි කතාවකි. ‘‘මේ දත්ත කිසිවක් මැකී ගොස් නැහැ. ඒවා වෙනත් වෙනත් ස්ථානවලට මාරු වී තිබේ.’’

මොරටුව විශ්වවිද්‍යාලයත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් මෙතෙක් පරීක්‍ෂණ සිදුකළේ වෛi ප‍්‍රසන්න ගුුණසේන සඳහන් කරන ‘මැකී නොගිය’ දත්ත පිළිබඳවය. හොරකම් නොකරන ලද භාණ්ඩයක් ගැන පුළුල් විමර්ශන කටයුත්තක් කරන පොලිසියක් තිබීම ගැන අපට සතුටුය.

  • ඇත්තම කතාව කුමක්ද?

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යෑම ගැන රටේ ජනතාවට මෙතරම් සැක මතු වීම සාධාරණ කාරණයකි. ඉතා කුඩා වියෙහි පසුවන දරුවෙකුගේ පවා වර්තමානයේ පරිගණක සාක්‍ෂරතාව ඉහළ මට්ටමක තිබේ. දත්ත මැකී යෑම සම්බන්ධයෙන් තාක්‍ෂණය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට ප‍්‍රශ්න ගණනාවක් මතුවේ. සමගි ජනබලවේගය නියෝජනය කරන මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ඒ ප‍්‍රශ්නාවලිය මෙසේ ඉදිරිපත් කර තිබිණි. මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියන කරුණු කාරණාවල විශ්වාසදායක බවත්, නිවැරැදි බවත් වෙනම කතා කළ යුතුය. එහෙත් මේ කතාව වැදගත්ය.

‘‘සාමාන්‍යයෙන් අපේ ජංගම දුරකථනයේ ඡායාරූපයක් ඉවත් කරන්න ගියත් ඒක ඉවත් කරන්නද කියලා අහනවා. එය මකලා දැම්මත් එකවර දුරකථනයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒක බින් එකකට යනවා. එතැනිනුත් ඉවත් කරන්නද කියලා ඇහුවහම අපි විධානයක් දුන්නාම එය ඉවත් වෙනවා. දැන් තිබෙන අලූත්ම දුරකථනයකින් ඡායාරූපයක් ගත්තම ඒක ‘ක්ලවුඞ්’ එකකට යනවා. දුරකථනයෙන් ඡායාරූප ඉවත් කළත් ඒක ‘ක්ලවුඞ්’ එකේ තියෙනවා. ඒ ඡායාරූපය ‘ක්ලවුඞ්’ එකෙන් ඉවත් කරන්න ගියත් මේක කරන්නම ඕනද කියලා අහනවා. එතකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකපු එක ගැන මේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්නේ කවුද. එක බොත්තමක් එබූ පමණින් මේ දත්ත ඉවත් වෙන්නේ නෑ. මේ දත්ත පද්ධතිය ඉවත් කරනවා නම් ඒ සඳහා ඉහළ අධිකාරියකින් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නැද්ද?

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා නඟන ඒ ප‍්‍රශ්න එම දත්ත පද්ධතියේ මෙහෙයුම් භාරව සිටි එපික් ලංකා සමාගම මෙන්ම ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කළ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ :ICTA) ආයතනයට ද යොමු කළ යුතු පොදු ප‍්‍රශ්නය. රජයේ බොහෝ ආයතනවල තොරතුරු තාක්‍ෂණ කටයුතු බාරව සිටින ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ :ICTA) ආයතනයට ‘මුරපද’ – (Password) ‘ක්ලවුඞ්’(cloud) යන වදන් නුහුරු ඒවා නොවන බව අප විශ්වාස කරමු. අවම වශයෙන් ඉවත්වෙන දත්ත ගබඩාවීමට ‘බැකප්’ ක‍්‍රමවේදයක් හෝ නොතිබීම විමතියට නොව සැකයට තුඩුදෙන කාරණයකි. ඊටත් වඩා මෙම දත්ත පද්ධතියේ රහස්‍යභාවය රැකිය යුතු මට්ටමේ එකකි. සාමාන්‍යයෙන් දත්ත මකා දමන්නට නම් ඊට පියවර ගණනාවක් තිබිය යුතුය. විශේෂයෙන් දත්ත පද්ධතියට ඇතුළුවීමට මුරපදයක් තිබිය යුතුය. මුරපදය යොදා පද්ධතිය විවෘත කර ගන්නා පුද්ගලයා එසේත් නැත්නම් ඒ විධානය (command) දුන් පුද්ගලයා අදාළ IP ලිපිනය මගින් සොයා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් අදාළ ෂඡ ලිපිනය සොයා ගන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය. එහි ගෞරවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හිමිවිය යුතුය. වාර්තාවන ආකාරයට ටෙරාබයිට් දෙකක දත්ත එම පද්ධතියෙන් මැකී ගොස් තිබේ. ඒ තුළ වෙනත් රටවලින් ගෙන්වාගනු ලබන බෙහෙත්වලට අදාළ ලියවිලි, ව්‍යාපාරික රහස් තිබී ඇත. විෂයය පිළිබඳ ප‍්‍රාමාණික දැනුමක් ඇති අය කියන්නේ මේ නිසා රටේ ඖෂධ හිඟයක් ඇති වීමට මෙන්ම ඖෂධයන්හි මිල ඉහළ යෑමට වුව ඉඩ ඇති බවය.

ඖෂධ සහ කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ කර තිබූ ප‍්‍රකාශය ද අවධානයට ගත යුත්තකි. ඔහු කියන පරිදි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අවදානමක පවතින බව, මීට මාසයකට පමණ පෙරාතුව රාජ්‍ය ඇමැති චන්න ජයසුමනට දැනුම් දී තිබේ. එමෙන්ම පැරණි ලිපිගොනු අස්ථානගත වීම ගැටලූසහගත බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර තිබිණි. අප මෙම ලිපියෙහි මුලදී සඳහන් කළාක් මෙන් ඖෂධ නියාමන අධිකාරියේ නියාමනයෙන් පිට ඖෂධ සම්බන්ධ කිසිදු තීන්දුවක් ගැනීමේ හැකියාවක් කිසිවෙකුටත් නැත. අධිකාරියේ අවසරයකින් තොරව කිසිදු ඖෂධයක් මෙරටට ගෙන්වීමේ හැකියාවක් කිසිදු සමාගමකට නැත. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව තුළ සියලූ සමාගම්වල තොරතුරු අඩංගුව තිබේ. ඒ අතර තහනම් වූ සමාගම්, අසාදුගත වූ සමාගම් (black List) ද තිබේ. වාර්ෂිකව ගෙන්වන ඖෂධ ප‍්‍රමාණයන් පිළිබඳ අදාළ සංඛ්‍යාලේඛන ද ඒ අතර තිබේ. සමාගම්වලට වාර්ෂිකව ඖෂධ ගෙන්වීමට බලපත් දෙන්නේ ද මෙම දත්ත විශේලේෂණය කරමිනි. ඉදිරියේදී ඖෂධ ගෙන්වීමට බලපත‍්‍ර ලබා දෙන්නේ කාටද යන්න තීන්දු තීරණ ගන්නා ආකාරය ගැටලූකාරීය. විශේෂයෙන් රේගුව හරහා ඖෂධ ගෙන්වීමේදී අදාළ සමාගම පිළිබඳ නිශ්චිත තොරතුරක් රේගු නිලධාරීන්ට සොයා ගැනීමේ හැකියාවක් නැත. විශේෂයෙන් අසාදුගත සමාගමකට වුව ඖෂධ ගෙන්වීමේ හැකියාව ඉන් ලැබේ. ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ හැකියාව පවා මේ නිසා ලැබෙන්නේය. ඖෂධ නියාමන අධිකාරියෙත්, ශ‍්‍රී ලංකා රේගුවේත් පරිගණක එකිනෙකට සම්බන්ධකර තිබීම නිසා රේගුවට මෙවැනි අසාදුගත සමාගම් සහ ඖෂධ, උපකරණ කවරක්දැයි හඳුනාගැනීමේ අවස්ථාව ලැබේ. එහෙත් මැකී ගිය දත්ත සොයා ගැනීමට රේගුවට හැකියාවක් නොමැති නිසා ඒ අවස්ථාව අහිමිව යයි. ඕනෑම අසාදුගත සමාගමකට හොර ලිපි ලේඛන සාදා, ජාවාරමකට මඟ පාදා ගැනීමේ පොට දැන් පෑදී තිබේ. ඒ නිසාම ඖෂධ නියාමන අධිකාරියේ ‘දැක්ම’ ලෙස සටහන්ව ඇති ‘ගුණාත්මක බව සහතික කළ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්‍ෂණ නිෂ්පාදන සඳහා ප‍්‍රවේශය වැඩිදියුණු කිරීම’ යන්නත් ‘මෙහෙවර’ ලෙස දක්වා ඇත.

‘‘ඖෂධ සහ සෞඛ්‍ය තාක්‍ෂණ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්‍ෂාව හා කාර්යක්‍ෂමතාව සහතික කිරීම සඳහා නියාමන අධීක්‍ෂණ සහ සාධක පදනම් තීරණ රෝගීන්ගේ සහපත සඳහා ලබාදීම’’ යන්නත් අභියෝගයට ලක්වේ. අදාළ මෘදුකාංග ඉංජිනේරුවා දත්ත මකා දැමීම ගැන ඉදිරියේදී හෙළිකරන්නට නියමිත කරුණු ගැන කතාකරන්නට අපට ඉඩක් නැත. ප‍්‍රශ්නය මේ වනවිට ඇත්තේ අධිකරණය හමුවේය. එහෙත්, මෙවැනි සිදුවීම්වලදී නිතර සිදුවන්නෙත් ඇඟ කිලිපොලා යන නාටකයක තිර පිටපතක් ලියැවීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය. රහසිගත දත්ත පද්ධතියකට අයතු ලෙස ඇතුළුවීම ‘සයිබර් අපරාධ’ ගණයට වැටෙන ක‍්‍රියාවකි. ඒ අපරාධයට හවුල් වූ කවරෙකුට හෝ උපරිම දඬුවම් නියම විය යුතුය. ඒ මේ කතාව ‘ජාතික අපරාධයක්’ වීමට පෙරය. රටේ ජනතාව අනතුරේ වැටීමට පෙරය.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment