බලාගාරයෙන් පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදාවෙන් දැනුම්දීම්
පෙරේදා (01 වැනිදා) පස්වරුවේ සිට ඇදහැලෙන මහ වැසි නිසා කලවාන – මතුගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවී ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම මාර්ගයේ කුකුළේගම බෙලිඅත්තවිල කොටස අඩි තුනක් හතරක් පමණ ඊයේ (02 වැනිදා) දහවල් වනවිට ජලයෙන් යටවී තිබුණි.
රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම ප්‍රදේශවල ජනතාවට අනතුරු අඟවා ඇති බවයි.
කුකුළේගම ජල විදුලි බලාගාරයේ වාන් දොරටු හතරෙන් තුනක්ද ඊයේ (02 දා) දහවල් විවෘත කර තිබේ. වාන් දොරටු තුනෙන් තත්ත්පරයට ඝන මීටර් 180 ක වේගයකින් ජලය පිටකරන බැවින් බලාගාරය පහළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ