ඇමරිකා එක්සත් ජනපදයේ ළමා අපයෝජන නඩුවකට මුහුණ දී සිටින එංගලන්තයේ දෙවැනි එලිසබත් රැජිනගේ දෙවැනි පුත් ඇන්ඩෘ කුමරු සතු සියලූ හමුදා තනතුරු හා රාජකීය වරප‍්‍රසාද වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඔහුගෙන් ඉවත් කර තමන් වෙත පවරා ගැනීමට එලිසබත් රැුජින විසින් තීරණය කර තිබේ.
මේ බව නිවේදනය කරමින් බකිංහැම් මාලිගය කියා සිටියේ යෝක් හි ආදිපාදවරයා වශයෙන් හැඳින්වෙන ඇන්ඩෘ කුමරුට මින් ඉදිරියට කිසිදු රාජකීය හමුදා තනතුරක් හෝ රාජකීය ගෞරව නාමය (හිස් රෝයල් හයිනස්) තම නමට මුලින් යොදා ගැනීම රැුජින විසින් තහනම් කර ඇති බවයි. මේ අනුව 61 හැවිරිදි වියෙහි පසුවන ඇන්ඩෘ කුමරු මින් ඉදිරියට ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩුවට මුහුණ දිය යුත්තේ එංගලන්ත රජ පවුලේ සාමාජිකයෙකු ලෙස නොව සාමාන්‍ය රට වැසියෙකු ලෙස බවද රජ මාලිගය විසින් නිවේදනය කර තිබේ. එලිසබත් රැුජින විසින් තමන් වෙත පවරා ගනු ලැබූ ඇන්ඩෘ කුමරු සතුව තිබූ හමුදා තනතුරු 09ක් හා රාජකීය තනතුරු වහාම ක‍්‍රියාත්මක වන පරිදි රාජකීය පවුලේ සෙසු සාමාජිකයන් වෙත පැවරීමටද රැුජින තීරණය කර ඇති අතර මේ අනුව තමන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් කුමරු වරදකරු නොවුවද නැවත අදාළ තනතුරු ඔහුට ලබා නොදීමට රැුජින විසින් දැඩි තීරණයකට එළඹ තිබේ. මෙයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඇන්ඩෘ කුමරුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ පවරා ඇති ළමා අපයෝජන නඩුව හේතුවෙන් රජ පවුලට අවමානයක් සිදු වීම බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද රාජකීය නාවික හමුදාවේ උප අද්මිරාල් ධුරය පමණක් තවදුරටත් දැරීමට කුමරුට අවසරය ලබා දී තිබේ.
රාජකීය නාවික හමුදාවේ වසර 22ක කාලයක් සේවය කර තිබෙන ඇන්ඩෘ කුමරු ෆෝක්ලන්ඞ් දූපත සම්බන්ධයෙන් හටගත් යුද්ධයටද හෙලිකොප්ටර් යානා නියමුවෙක් ලෙස සහභාගි වූ අයෙකි. තමාට එරෙහිව එල්ල වී ඇති අපයෝජන චෝදනා සාවද්‍ය බවත් එම චෝදනාවලට තමන් වැරදිකරු නොවන බවත් ඇන්ඩෘ කුමරු දිගින් දිගටම පවසා සිටින බව වාර්තා වී තිබේ. වර්ජිනියා ගියුෆ්රේ නමැති 38 හැවිරිදි වියෙහි පසුවන අයෙකු විසින් ඇන්ඩෘ කුමරු තමා 17 හැවිරිදි වියෙහි පසු වෙද්දී අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරමින් නිව්යෝක් නගරයේ අධිකරණයක ළමා අපයෝජන නඩුවක් පනවා තිබේ.