ඇඳසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කළ අයකුගේ මළසිරුර වාද්දුව වෙරළේ

76

ඇඳසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලිසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කීය.

නිල් පැහැති දිග කලිසමකින් සහ සුදු මේස් බැනියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ පසුවන අයකු බවට පොලිසිය සැක පල කරයි. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදුකරන ලදී. වාද්දුව ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය


advertistmentadvertistment