ඇඳිරි නීතිය 1 දා තෙක් දීර්ඝ වෙයි

84

දිවයින පුරා දැනට ක‍්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති කොවිඞ් මර්දන බළකාය තීරණය කර ඇත.

මෙම කාලයේ දී වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

මේ අතර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තු කාර්යාල සුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ද ජනාධිපතිවරයා අවසර දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment