ඇඳිරි නීතිය 13 දා තෙක්… එන්නත්කරණයේ සාර්ථකත්වය මත ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි ජනපති කියයි

81

දිවයින පුරා දැනට කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03 දා* පෙරවරුවේ පැවැති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

නිරෝධායන ඇඳිරි නීතිය ලබන 06 වැනිදා පෙරවරු 4.00ට අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.

මෙම කමිටු රැස්වීමේදී එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප‍්‍රගතිය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් කෙරුණු අතර අවුරුදු 20-29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

දිවයිනේ සියලූ දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි සිදු කෙරුණු වයස අවුරුදු 30ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලූ පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා සිය ප‍්‍රශංසාව පළ කළේය.

වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෛනිකව 400-500 අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කෙර්. ඒ ඒ මධ්‍යස්ථාන වෙත ලබාදෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තීරණය වේ. එහෙත් මධ්‍යස්ථානයකදී හෝ දෙකකදී සිදුවන සංසිද්ධියක් ගෙනහැර දක්වමින් සමස්ත කි‍්‍රයාවලිය අක‍්‍රමවත් බව හුවා දැක්වීමට මාධ්‍ය මගින් උත්සාහ කෙරෙන බවත් එය කනගාටුදායක බවත් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු පැවසූහ.

එන්නත්කරණයෙන් අත් කරගත් සාර්ථකත්වය සමග නව සාමාන්‍යකරණ ක‍්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.

2020 මාස 03කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය ඝෘණ අගයක් ගනු ලැබිණ. කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමට සියලූ පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපතිවරයා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත‍්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතී. ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති පෙන්වා දුන්නේය. කොවිඞ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම ප‍්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, පවිත‍්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, ප‍්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ කොවිඞ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment