ඇමරිකානු නළුවා වෙඩි පහරින් මරුට

318

ඇමරිකානු රුපවාහිනී නාට්‍ය නළුවකු වන 37 හැවිරිදි ජොනි වැක්ටර් සිය වාහනයේ කොටසක් පැහැර ගැනීමට තැත්කළ සොර කල්ලියක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඉකුත් සෙනසුරාදා (25දා ) මියගොස් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ සිය රාජකාරි කටයුතු නිමවී නැවත සිය නිවෙසට පැමිණීම සඳහා මෝටර් රථය වෙත පැමිණි අවස්ථාවේදී ජොනි මෙම අනතුරට මුහුණ පා තිබේ. එහිදී අදාළ නළුවා සිය මෝටර් රථයේ කොටසක් පැහැරගැනීමට තැත්කළ තිදෙනකුගෙන් යුතු සොර කල්ලියට විරෝධය පෑම හේතුවෙන් වෙඩි පහරට ලක්ව ඇත.

වෙඩි පහරට ලක්වූ ජොනි වැක්ටර් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. ජනප්‍රිය ටෙලි නාට්‍ය වන ජෙනරල් හොස්පිටල්, සයිබීරියා, හා වෙස්ට්වල්ඩ් ඇතුළු ටෙලි නාට්‍ය රැසකට වැක්ටර් රංගනයෙන් දායක වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment