ඉරාන ජාතික ජාවාරම්කරුවෝ 9ක් අත්අඩංගුවට
ඩොලර් මිලියන 4ක් වටිනා හෙරොයින් කිලෝ 385ක් ඇමරිකානු නාවික හමුදාව විසින් අරාබි මුහුදේදී අල්ලාගෙන ඇත.
යූ.එස්.එන්. ටෙම්ෆට්ස් සහ ටයිපූන් නමැති යුද්ධ නැව් විසින් ඉරාන ධීවර යාත්‍රාවක තිබී යාත්‍රාවල තිබී එම මත්ද්‍රව්‍ය අල්ලාගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය ඉරානයේ සිට ගෙනැවිත් ඇති බවට වර්තා වේ. ධීවර යාත්‍රාවල සිටි අය ඉරාන ජාතිකයන් බව ඇමරිකානු වූ අණදෙන නිලධාරි තිමොති හෝකින්ස් පවසයි.
මෙම හෙරොයින් අල්ලා ගෙන ඇත්තේ ඇමරිකානු පස්වැනි නාවුක සේනාංකය යි.
සංස්කරනය
කිර්ති වර්ණකුලසූරිය