ඇමරිකානු නිවේදනය ගැන විමර්ශනයක් ඉල්ලා පොලිස්පතිට පැමිණිල්ලක්

152

ජනපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ මෙරට ගැටුම් ඇති විය හැකි බව කියමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමු කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ‘දේශප්‍රේමී ජනබලවේගය’ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නිවේදනය ඔවුන්ට ලැබී ඇති තොරතුරු මත පදනම්ව වගකීමකින් නිකුත් කර ඇති බව තමන්ට විශ්වාස බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර මෙරට නීතිය හා සාමය සුරැකීමට කටයුතු කරන ලෙස එම බලවේගයේ ප්‍රධාන ලේකම්, සුගත් හේවාපතිරණ මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment